මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, April 30, 2013

මඩපැහැ සද එලිය

සද
එකෝමත් එක දවසක
මඩ කඩිත්තකට පැන
විහිදුවා මඩපැහැ සද එලිය...

තිත්තයෙක්
පියාඹාගොස්
තරුවක කණට කර
මඩ පැහැ රහස පවසත...

නැහැය හකුලා තරුව
"මොන බොරුදැයි කියන..."

සද,
තද දම් පැහැයෙන්
රෝස තොල් පාට ගන්වන
දෙතොල් මතුයෙහි
සියුම් කඩතොලු මැකෙත...

1 comment:

  1. මම තුන් පාරකට වඩා කියෙව්වා ලියලා තියන දෙය තේරුම් ගන්න. අවසනේදී තේරුණා. ඒත් ඒකද දන් නෑ සැගවෙලා තියන අර්තය, මට තේරුණ එකනම් ගොඩක් ලස්සනයි.

    ReplyDelete