මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, October 2, 2010

නවක වදය-සුන්දරයි



නවක වදය ,වෙන වචන ටිකක් තිබුන නම් හොදයි කතා කරන්න ඒත් වෙන විදියකට හදුන්වන්න තරමට අපෙ සමාජය දියුණු නෑති නිසා තමයි මෙහෙම ලියුවෙ....මුලින්ම කියන්න ඕනෙ මම කතා කරන්න යන්නෙ කායික පීඩා(Physical rag) දෙන නවක වදයක් ගෑන නෙමෙයි කියල.

සුන්දර සිදුවීම් ටිකකුත්,ඒ හා ජීවිතයට එකතු වුනු අත්දෑකීම ගෑනත් කතා කරන්න යන නිසා මේ දේට නවක වදය නොකිය වෙන නමක් කියනව  නම් හොදයි කියලයි මට හිතෙන්නෙ.
නවක සිසුන් පිලිගෑනීම කියල කියනව නම් තව ටිකක් වටිනව....

මම මේ කතා කරන විදියෙ සුන්දර පිලිගෑනීම් තියෙන්නෙ මම දන්න විදියට කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තමයි.වෙන විශ්ව විද්‍යාල ගෑන මගේ අවබෝදය මදිවීමත් ඒ නොදෑනුවත් කමට හේතු වෙන්න පුලුවනි....

කෑම්පස් ඉන්න කාලෙ නවක වදයට එච්චර කෑමති කෙනෙක් නොවුනත්,මටත් ඒ පිලිගෑනීමෙ තියෙන සුන්දරත්වය තේරෙන්න පටන් ගත්තෙ උපාධියත් අරන් ඉවර උනාට පස්සෙ...

මම නවක වදය කියල විදපු අත්දෑකීමුත්,ඒ නිසා මගේ ජීවිතයට එකතුවුන දෑත් ගෑන මම කියන්නෙ වෙන අය ගෑන කතා කරනවට වඩා මම ගෑන කතා කරන එක හොද නිසා.

මේ සමාජ ක්‍රමය තුල ළමයි හදන්න දෙමාපියන් පෙලඹිලා තියෙන්නෙ විවිධ විදියට.දෙමාපියන් හෑම වෙලාවෙම තමන්ගෙ දරුවන්ට හොදම දේ දෙන නිසා මධ්‍යම පාන්තික පවුලක ළමයෙක් උනත් දුක් විදිනව අඩුයි.පොත පතටම නෑඹුරු වෙලා වෙන දෙයක් ගෑන හිතන්නෙ නෑතුව එන අය,පොතපතින් තොර ලොවක් දකින්න විශ්ව විද්‍යාලයටම අඩිය තියන්න ඕනෙ.

දෑන් ලියන්න යන්නෙ මගේ නවක වද අත්දෑකීම්,

*මම පිරිමි ළමයෙක් එක්ක එක බත් පත බෙදා ගෙන කෑවා.එක එක දවසට එක එක්කෙනාගෙ කෑම වල රුචි අරුචි කම් දෑන ගත්තා.කෑම එක කාල ඉවර වෙන කොට තමන් එක්ක බත් පත බෙදාගෙන කාපු කෙනාගෙ පවුලෙ සියලුම විස්තර දෑනගෙන මතක තියාගත්තෙ බයටමයි.
 
*පොලොන්නරුව සහ කරීනා ගෑන රචනයක් ලියුවා.-කිසිසේත්ම නොගෑලපෙන අන්ශ දෙකක් ගලපන්න මම ඉගන ගත්තා.
 
*ඉන්ග්‍රීසි හෝඩිය අග ඉදල මුලට කියුවා.ඒ සින්හල අතරෙ ඉන්ග්‍රීසි වචන පාවිච්චි කිරීමේ වරදට..
 
*මාසයක් පුරාවට අය්යා කෙනකුගෙ ඈදුම් වල හරි වෑරදි කියුවා.පිරිමි අය අදින පලදින විදිය ගෑන ඒ නිසාම මම ඉගන ගත්තා.
 
*දිගට අදින්න අකමෑති ගෑනු ලමයි මාස තුනක් යනකම් වලලු කර ලගට ඈදුම් ඈන්දා.ජීවිතේට කොන්ඩෙ ගොතල පාරට නොබෑහපු අය කොණ්ඩෙ ගොතල කෑම්පස් ආවා.
 
ඔහොම ගොඩක් දේවල් සිද්ධ උනා.මමත් ඒ දවස් වල කෑමතිම නෑ.ඒත් ඉතින් මට දෑන් හිතෙනවා ඒ නිසා මම ගොඩක් දේවල් ඉගන ගත්තා කියලා.ජීවිතය ගෑන,මිනිස්සු ගෑන විවිධ සමාජ තල ගෑන.මේ අත්දෑකීම් කවදාවත් විශ්ව විද්‍යාලයකින් හෑර වෙන තෑනකින් ලබන්නට බෑහෑ.රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වටින්නේ ඒකයි.ඕන තරම් වෑරදි ඇති.ඒත් අපිට මිනිස්සු අදුර ගන්න ඒ අධ්‍යාපන උදව්වෙනවා.මට හිතෙන්නෙ එහෙමයි.

7 comments:

  1. මට නං ඔය කියන සුන්දරත්වයක් පේන්නේ නෑ. අනික ඔය අත්දැකීම ගනනට විස්ස විජ්ජාලෙටම යන්න ඕනනෑ. අපි බන්දුල ගොයියට කියමු ඔක AL project එකකට දාන්න කියල

    ReplyDelete
  2. කොළඹ සහ පේරාදෙණිය science faculty වල අත්දැකීම් විතරයි මට තියෙන්නෙ.ඒවත් එක්ක බැලුවාම 100% මම ඔයා එක්ක එකගයි.ඒ දවස් වල රැග් එකට වෛර කලාට දැන් ඒක ලස්සන මතකයක්.අනිත් දේ තමයි රැග් වෙන්න අකමැති නම් අල වෙන්නත් පුලුවන්නෙ.අල=අත් හරින ලද

    ReplyDelete
  3. "ජීවිතය ගෑන,මිනිස්සු ගෑන විවිධ සමාජ තල ගෑන.මේ අත්දෑකීම් කවදාවත් විශ්ව විද්‍යාලයකින් හෑර වෙන තෑනකින් ලබන්නට බෑහෑ.රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වටින්නේ ඒකයි.ඕන තරම් වෑරදි ඇති.ඒත් අපිට මිනිස්සු අදුර ගන්න ඒ අධ්‍යාපන උදව්වෙනවා.මට හිතෙන්නෙ එහෙමයි."

    i like this phrase very much.we never get this experience from private universities (by experience).

    ReplyDelete
  4. I can't agree with you....Pissu honthuwak

    ReplyDelete
  5. Anonymous....
    Thanks for ur ideas:)))...Still u should have the courage to publish a comment by ur name......

    ReplyDelete
  6. එකග වෙන්න පුළුවන්... එත් හොදම හරිය ගැන කතා නෑ?? මට හිතෙන විදියට නවක වදයෙන් 75% ක් විතර තියෙන්නේ කායික පීඩා. මට නම් තාමත් හිතා ගන්න බෑ ඒ අපි ලබපු කායික පීඩා වලින් අපිට හම්බ උනේ මොනවද කියල.අඩු තරමින් මේ වගේ පස්සේ කලෙකදී වත් මතක් කරන්න අකමැති මතකයක් ඒක...

    ReplyDelete