මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, March 31, 2012

මගේ පලමු ආදර කතාව...

(කතාව කියවන අය කතාවට පුන්චි හරි කොමෙන්ටුවක් දාවි කියලා බලාපොරොත්තුවක් හිතේ කොනක තියෙනවා. )


පලවෙනි ආදර කතාව සිද්ධ වුනේ වයස් පරාසයක් ඇතුලත.පටන් ගැනීමක් සහ අවසානයක් නැති කාල පරාසයක් තුල.ඊට පස්සෙ හුගක් කතාන්දර ආවා ගියා වුනාට "ආවෝ ගියෝ මෙරු" වගේ දැනෙන නොදැනෙන ස්වබාවයක් තමයි ඒ කතන්දර වලට තිබුනෙ.කුටුම්බයක් ඇතුලෙ ප්රේම කතාවක් නැහැනෙ.අපි අපිට හරි ආදරෙයි කියලා පෙන්නන්න හදන නෝනලා මහත්තුරු හුගක් අය එක්කෝ සල්ලි වලට ,රැකියාවට නැත්නම් හැඩට රුවට කරකාර බැදි අය.


සත්ය ප්රේමයෙන් කසාද බැන්දා වුනත් “ප්රේමය” කියන වචනය කාලයත් සමගම සැමියාට සහ බිරිදට යන දෙදෙනාටම අමතක වෙලා යනවා. ඒකත් “ප්රේමය” කියන වචනයේ තියෙන මැජික්මය ස්වබාවයක්. තමන්ට තමන් අමතක වෙන ස්වබාවය.නිකන් චොක්ලට් බාරි එකක් කෑවාම එන මත් ගතිය ප්රේමයේ තවත් මැජික් ලක්ෂන ටිකක්.

මාතෘකාවෙන් පිට පැනීම දුර්වල කතාවක ලක්ෂනයක් වුනාට.මාතෘකාව වටේම දිගටම කැරකුනාමත් හරිම එපාවෙන ස්වබාවයක් එනවා. ඒත් මම කියන්නට තනන මාතෘකාව වටේ මගේ හිත දිගටම කැරකුනා කියලා මට කිසිම කම්මැලි කමක් දැනෙන්නේ නැහැ.දැනටත් ඒ මාතෘකාවට උක්තය වුනු පුද්ගලයා මතක් වෙද්දි චොක්ලට් කෑලි හුගාරියක් එකපාරට කෑවම දැනෙන හැගීම එනවා.

වයස:- අවුරුදු 7

පන්තිය:-දෙකවසර

ස්ථානය:-අමතර පන්තිය ඉන්ග්රීසි

කොට කලිසමක් මම වාඩිවෙන බන්කුවට ඉස්සරහ බන්කුවේ හැමදාම ඉද ගත්තා.දුඹුරු පාට ඇස්බෝල දෙකක් කලුපාට ඇහි පියන් අස්සේ හැන්ගිලා තිබුනා.ඒ ඇස්වල දක්ෂකමක් තිබුනා.ඉන්ග්රීසි පන්තියට එච්චරම ආසාවක් නැතත් පන්තියේ දක්ෂතම ශිෂ්යයා ගැන කැමැත්තක්(පව්ලේ අම්මට, තත්තට ,ගෙදර වැඩට හිටි මල්ලිකාට ඇර තමන් අදුරන්නෙ නැති කෙනෙකුට ආදරේ කරන්න පුලුවන් කියලා මම දැනගෙන හිටියෙ නෑ එ කාලෙ..මම එ තරමට පුන්චියි )ඇතිවලා තිබුනා.

සර් ප්රශ්න අහනකොට සර්ගෙ ඇස්දෙක දිහා එක එල්ලේ බැලුවොත් ප්රශ්නය මට යොමුවෙයි කියලා බයක් තිබුන නිසා මම බැලුවෙ ඒ මූන දිහා.හැබැයි ඒ ඇස් කවදාවත් මගේ ඇස් මුන ගැහිලා නෑ.ප්රශ්න අහන වෙලාවට දිගටම ඒ ඇස් සර් දිහාවට යොමුවෙලා තිබුනෙ.මට ඊට එහාපැත්තෙන් තිබුන වෙන ඇස් දෙකක් නම් මූනට මූන(ඇහැට ඇහැ )හමුවෙලා තිබුනා.ඒ ඇස් දෙක තිබුනු මූනට දිග කන්දෙකකුත් තිබුනා.හැබැයි තිබුන ප්රoශ නම නිසා හිනාවෙන්න බැරි ගතියක් මම කියන දෙවනි ඇස් දෙකට තිබුනා.

ඉන්ග්රීසි පන්තියේ සර් ලග තිබුනා හරිම විහිලු සෙල්ලම් ටිකක්.පිරිමි ලමයි ගෑනු ලමයින්ගෙන් ප්රශ්න අහනවා.ගෑනු ලමයි පිරිමි ලමයින්ගෙන් ප්රශ්න අහනවා.පිරිමි ළමයෙක් ගෑනු ලමයින්ගෙන් ප්රශ්න ඇහුවම උත්තර දෙන්න බැරි උනොත් පිරිමි ළමයට පුලුවන් ගෑනු ලමයින්ගෙ පැත්තට ගිහින් ගෑනු ලමයි තුන්දෙනෙක්ට ටොකු ඇනලා එන්න...



සර්

පහයි...

හතරයි…

තුනයි ….

දෙකයි…

එකයි….

කියනකොටම ආපහු දුවලා පිරිමි ලමයින්ගෙ පැත්තට එන්න ඕනෙ.එන්න බැරි වුනොත් ගෑනු ළමයින්ට පුලුවන් පිරිමි ලමයව අල්ල ගන්න.ඔන්න ඔහොම දවසක් මම මගේ පළමු ආදරයේ කමිස කොළරයෙන් අල්ලා ගත්තා.

ඒ වෙලාවෙ මගේ අතට ආදරයේ ප්රථම සහ අවසාන සැමරුම දීලා අනිත් පැත්තට දිව්වා.සුදුපාට කමිස බොත්තමක්.ඒක මගේ දෑවැද්දට හම්බවුන අල්මාරියේ තාමත් සැලකිය යුතු ස්ථානයක ආරක්ශිතව තියෙනවා.

මම පස්සෙ කාලෙක ඇහුවම කියුවා එයාට එහෙම දෙයක් මතක නෑ කියලා.මූණු පොතට පින්සිද්ධ වෙන්න(පව් සිද්ධ වෙන්න වුනත් පුලුවන්)අපිට අපි ආයෙත් හමුවුනා.මාව මතකද? නමෙන්ම...

ඔව් ඔයා විතරක් නෙමෙයි. මට පන්තියේ හුගක් ගෑනු ලමයින්ව මතකයි.

ඒක ආදරවන්තයෙක් කරගන්න ඉන්න කෙනෙක්ගෙන් බලාපොරොත්තු විය යුතු දෙයක් නෙමෙයි. මට අනිත් ගෑනු ලමයින්ව මතකම නෑ කියුවා නම් වැඩිය ලස්සනයි.ඒත් ඉතින් ලස්සන දේවල් කියන්න එයා සාහිත්ය කාරයෙක් නෙමෙයි නෙ.

දවසක් මගේ පින්තූරෙක මගේ එහා පැත්තෙ ඉන්න යාලුවා කව්ද කියලා එය ඇහුවා.මම නම නොකිය කියුවා එයාට පිරිමි ළමයෙක් ඉන්නවා කියලා.

අපි යාබද ඉස්කෝල වලට ගිහින් එකම විශ්ව විද්යාලෙට ගිහින් කවදාවත් දැකලා නැතුව ආයෙමත් හමුවුනේ රස්සාවල් කරන කොට...

මම පාර අයිනෙ පිපුනු මලක් ලස්සනයි කියලා කවියක් ලියුවා..

එයා ඒ කවිය ලස්සනයි කියුවා...

මාස එක දෙක තුන හතර පහුවුනා.පස්සෙ කාලෙක අර දෙවනි ඇස් දෙක මාව හමුවෙලා අපි කසාද බැන්දා.මම ඒ දෙවනි ඇස් දෙකට ආදරය කරනවා.ප්රේමය මැජික් එකක් වුනාට ආදරය මැජික් එකක් නොවෙන නිසා මම දෙවනි ඇස් දෙකට ආදරය කරන්න පටන් ගත්තා.

නිමි

පසු සටහන:-ඉරිසියාවේ රතුපාට රැගත් ,වැහිබර වලාකුලු වල අළුපාට රැගත් ඇස් දෙකක් මේ කතාන්දරය කියවන බව දනිමි.මේ කතාවේ අවසාන සිද්ධිය හැර සෙසු සියලු සිද්ධි තනිකරම සත්ය කතාවක් ඇසුරින් ගෙතුනු මනන්කලිපිතයකි.මම මුල සිටම අර විමසිලිවන්ත ඇස් ඇති ප්රන්ශ නමට කැමැත්තෙන් සිටියෙමි.මම ඔබට ප්රේම නොකරමි.ඒත් ආදරය කරමි.අපේ බැදීම මගේ අනෙකුත් ප්රේමකතාවල ස්වබාවය මෙන් චොක්ලට් වන්ව දිය නොවන්නේ එබැවිනි...

පසු සටහන නොනිමිය...



5 comments:

  1. "කතාව කියවන අය කතාවට පුන්චි හරි කොමෙන්ටුවක් දාවි කියලා බලාපොරොත්තුවක් හිතේ කොනක තියෙනවා."

    මෙහෙම කිව්ව නිසා හොරෙන් යන්න හිතුන්නෑ... කතාව ලස්සනයි පොඩ්ඩක් ටැපලෙනවා මටනම්... විශේෂයෙන්ම පල්ලෙහා වාක්‍ය දෙකෙන් දෙන අදහස..

    "ප්රේමය මැජික් එකක් වුනාට ආදරය මැජික් එකක් නොවෙන නිසා මම දෙවනි ඇස් දෙකට ආදරය කරන්න පටන් ගත්තා."

    "මම මුල සිටම අර විමසිලිවන්ත ඇස් ඇති ප්රන්ශ නමට කැමැත්තෙන් සිටියෙමි.මම ඔබට ප්රේම නොකරමි.ඒත් ආදරය කරමි."

    ReplyDelete
  2. ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් අප්පා....

    ReplyDelete
  3. කියවලා හොරු වගේ යන අය ගැන හිතලා තමයි එහෙම ලියුවෙ.

    Beetle :-අර ප්‍රන්ශ නම තියෙන්නෙ,මම ප්‍රේම කල කෙනාගෙ එහා පැත්තෙ හිටපු මම පස්සෙ කාලෙක ආදරය කල ඇස් දෙකට...

    ReplyDelete
  4. කතාව කියවනකොට පොඩ්ඩක් විතර පැටලුනාට හරිම ලස්සන කතාවක්..අව්‍යාජ සිතිවිලි.

    හැමදාම කොමෙන්ට් නොකලට හැමදාම කියවනවා

    ReplyDelete
  5. ලස්සන භාස‍ා ‍ෛහලියක්

    ReplyDelete