මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, March 29, 2012

කහ සිවුර

මම මාලුවෙක්....
මම ඉපදුනේම වෙනස් විදියට. homo sapien sapien කියලා ජීව විද්යාසත්මකව හැදින්වුන අපේ මාලු ජාතිය හිටියෙ මූදේ එක කොනකටම වෙන්න (මූද ගෝලාකාරයි කියල කියවලා දැන කියාගෙන හිටියට මගේ බාවනා කිරීමෙන් ලද බුද්ධිය හේතුකොටගෙන මම අවබෝධකරගත්තා මූද හතරැස් බව)
මම දැන් වෙනස් .මම මගේ කොරපොතු එකින් එක පාට පාටින් පාට කරගෙන.ලුමිනස් පාටට තමා මම වැඩිපුර කැමති.ඉස්සර මගේ කොරපොතු තනිකරම රිදී පාට.අව්ව වැටුනම දිලිසුනේ කණ්නාඩියක් වගේ. මෑල්ලියො, මූද පුරාවටම ඉන්න හුගාක් මෑල්ලියො මගේ දේශනා අහගෙන ඉන්නෙ ආස කලා.බොහොම දුර බෑර ඉදගෙන ආපු සමහර අය වරල් සලන්න පවා අමාරුවෙන් අත්වාරුවලින් පිහිනමින් දේශනාව අහගෙන හිටියා. දේශනා වලට වගේම මගේ කොරපොතුවල රිදීපාටට ආස කරපු මෑල්ලියොත් හිටියා.
මූදෙ ගෙවීම් කෙරුනෙ මාලු කෑම වලින්.මාව බලන්න එන මාලු ගහනය වැඩි වුනත් එක්කම මාව බලන්න මාලු කෑම අය කරන්න පටන් ගත්තා.පෙද පාසි කැබලි 6කුත් පොඩිමාලු 2කුත් තමයි ගාස්තුව උනේ. මාලු මාලුන්ව කන්න හොද නෑ කියල ධර්මයේ තිබුනට හුගක් ලොකු මාලු පොඩිමාලුන්ව කෑවා.මම දේශනා කලා කියලා ,අනිත් මාලුන්ට නැති මහා මාලු ලක්ෂණ 46ක් මට පිහිටලා තිබුනා කියලා ,මම කන බොන කෑම බීම වෙනස් වුනේ නැහැ.මම පොඩි මාලු කන එකට මගේ දේශනා අහන බොහෝදෙනා විරුද්ධ වුනා.මම ඒත් දිගටම පොඩිමාලු කෑවා.ඒ නිසා ගාස්තු වශයෙන් පොඩිමාලු අය කරන එක වෙනස් වුනෙත් නෑ.
………………………………………………………………………………
……………………………………
ආරාමය ශාන්ත සද එලියෙන් නැහැවෙමින් තිබින.බෝපත් අතරින් බේරී වැටුන සද එලිය වැලිතලා මත රටා මැවීය.සැදැහැවතුන් පෙහෙවස් සමාදන් වී සිටියහ.පෙහෙවස් සමාදන් වුන ශ්රාවකයන් අතර නැගුනු මුනු මුනුව මාසය පුරාවට ඔවුනොවුන්ගේ ජීවිත අතර සිදුවුන කතාන්දර වන්නට ඇත. උපාසක මාතාවන් සතුව වැඩිපුර කතාන්දර තිබුන නිසා සහ උපාසකමාතාවන් වැඩි ප්ර මාණයක් පෙහෙවස් සමාදන් වී සිටීම නිසා,මුනු මුනුව වඩාත් තීව්රුව ඇසින.

“ලොකු හාමුදුරුවන්ගේ birthday තිබුනේ last month...”


පැහැදිලිව නැගුනු හඩක් කුතුහලය මුසු දෑසකට කතාවක් කියන්නට සැරසින.


“මම තමයි cake එක දුන්නෙ.I spend five thousand on that”.


සවන්දෙන ඇස් දෙකෙන් මෙසේ කියවින.


"මම සතියක් ගත කරන සල්ලි"


සවන්දෙන ඇස් හිමි මුව මෙසේ කීය.


"අනේ කොච්චර දෙයක්ද?දෙන තරමටම තමයි ලැබෙන්නෙ"


ඉතා නිවුනු ශාන්ත කටහඩක් යකඩ කටින් ආරාමය පුරා පැතිර ගියේය.


"ඔන්න ලොකු හාමුදුරුවො.අනේ ඒ ඇත්තා මේ වෙනකනුත් නැගිටලා දේශනා කරනවා.අපි ගැන නම් කොයිතරම් හිතනවද?...අපි ඉදිරිපිටට නොවඩින්නේ දායක ඇත්තන්ගේ කරදර නිසා වෙන්ටැ"

ආරාමය දෙසින් ගොරවන ශබ්දයක් ඇසින.තමන් ගේ බණ අසීමට සිදුවන බාධාව ගැන උපාසක ඇත්තෝ බොහෝ සේන් කම්පාවට පත්වූහ.

"දෙව්දත් තෙර ගල් කුලක් මත හිද බුඩුන්වහන්සේගේ හිසට ගලක් පෙරලීය" යකඩ කට තාමත් දේශනාවේය.


"සාදු..සාදු"....


………………………………………………………………………………
……………………………………
මම දවසක් ගොඩිබිම බලන්න ගියා.අපි එහෙම ඉදලා හිටලා යනවා.දේශනා කරන කෙනෙකුට එහෙම චාරිකා අකැපැයි කියලා පොත්වල තිබුනෙ නැති නිසා මම චාරිකාවක ගියා.ගියේ චාරිකා නොකරන පොඩි මාලු පැටවුන් සමූහයක් එක්ක.ගොඩබිමට කිට්ටු වෙනකොට මගේ මුලු ශරීරයම අමුතු හැගීමකින් විකසිත වෙනවා දැනුනා.

මම පීනගෙන ගිහින් ගොඩබිමට පැන්නා.පොඩි මාලු පැටව් ටික "අනේ සාමිනේ පනින්න එපා" කියලා මොරදුන්නා.ඒ හඩ අහෙන නෑහෙන දුරකට ගිහින් මම ගොඩ බිමට පැන්නා...


විනාඩියක්...

දෙකක්...
තුනක්...

පොත්වල හැටියට මාලුන්ට ගොඩබිම ඉන්න බෑ.ඒත් තාමත් මම පණ පිටින්..මම අනිත් මාලුන්ට වඩා වෙනස්.මට ඒ බව ඔප්පු වුනා.මට හදිසියේම සත්යම අවබෝධ වෙන්න පටන් ගත්තා. ගොඩබිම බොහොම සනීප ගතියක් මට දැනෙන්න පටන් ගත්තා.මූදට වඩා මට ගොඩබිම සැපයි.මගේ කොරපොතු ඉබේටම ලුමිනස් පාට වුනා. පොඩි මාලුපැටව් මූදෙ ඉදගෙන මගේ පින්තූර ගත්තා.ගොඩබිම පින්තූර ගන්න පුලුවන් විශේෂිත කැමරාවන් ඒ වනවිට නිපදවා තිබුනා.මාලුන් සතුව තිබූ මේ තාක්ෂණය වෙන කිසිකෙනෙක් අතට පත්වෙලා තිබුනේ නැහැ. මම ගොඩබිම විවිධ හැඩයෙන් හිදගෙන හිටියා.මූදෙදි ඉදගන්න අපහසු හැඩතල වලින්.ඒ හැම පින්තූරයක්ම කැමරා කාචවල සදහන් වුනා.

………………………………………………………………………………
……………………………………
හඩ එක:- "ඔය මහනයව මරන්නම තමා වටින්නෙ..."
හඩ දෙක:-"එහෙම කියන්න එපා බන්.කහ නූලක් අතේ බදින ශ්රිමණයා දක්වා අපි විසින් පිදිය යුතුයි කියලා තමයි බුදු හාමුදුරුවො කියලා තියෙන්නේ..."
හඩ එක:- "හාමුදුරුවන්ට ගෑනු ගන්න කියලත් දේශනාවෙ තියෙනවද බන්.අනික අර පත්තර වල තිබුනු පින්තූර හරියට බොඩිබිල්ඩර් කෙනෙක් වගේ....මගේ ගෑනි කොයිවෙලෙත් පන්සල අස්සෙමයි.ඔය මිනිහට දරුවොත් ඉන්නවලු..."
හඩ දෙක:-"උඹ පව් කතා කියන් නැතුව ගෑනිව හදාගන්න බලපන්"
………………………………………………………………………………
……………………………………
පන්සල පුරා පැතිර ගිය හද එලිය තාමත් එහෙමමය.පරිසරය නිහඩය.පෙහෙවස් සමාදන් වුන ඇත්තෝ වටිනා බුමුතුරුණු මත නින්දට පිවිස ඇත.බෝ කොල සෙලවෙන සිලි සිලිය මාරයාගේ සිතට ශාන්තිය ගෙන නාවේය.
හොදට කැපෙනා පිහිය මාර්කට්ටුවෙන් මිලට ගන්නා විට "මාලු කපන්න හොද පිහිය සෑර්"යයි කියූ අයුරු තාමත් ඇසේ. ගෑනි අර ශ්රටමණයාට තුරුලුව නිදනවා ඇත.පොඩි එකාගේ මුහුන තමාගේ මුහුනට වඩා අර ශ්ර"මණයාගේ මුහුණට සමය.
පිහිය මත වැටෙන සද එලිය ඇස්මතට පරාවර්ථනය විය....
………………………………………………………………………………
……………………………………
මාලුවා පහසුවෙන් නිදාගෙන හිටිය ඉරියව්ව මාරු කොට අනිත් ඇලයට හැරින.සුලු ශබ්දයකටත් ඇහැඇරෙන නිසාවෙන් නින්ද අපහසුය.
මාලුවා සියුම් ශබ්දයකින් ඇහැ ඇරින.
"ටස්"....
කහ පාට මාලු ලේ බිදිති සෑම තැන විසිරින...
මාලුවාට තමන් සිය සිරුරෙන් පිටත,හරියටම සිරුරට ඉහලින් පීනමින් සිටිනවාක් වැනි හැගීමක් දැනෙන්නට විය...
..............................
.............................................................................................
ආවාස ගෙය පුරා රතු පැහැය විසින් වසාගෙන තිබින...කහපාට ඇද ඇතිරිලි තැඹිලි පැහැයක් ගෙන ඇත.
නෙස්කැෆේ තේක ගෙන ආ සේවකයා සෙමින් කරපොවා ආවාස ගෙය දෙස බැලුවේ හාමුදරුවන්ගෙන් ප්රැතිචාරයක් නැති තැනය.
"බුදු අම්මෝ හාමුදුරුවෝ"
කොල්ලාට කලන්තය...
හාමුදුරුවන්ට තමන් සිවිලිමට ඉහලින් පාවෙන්නාක් මෙ නොදැනින.හරියට නම් දැනෙන්නට ඕනෑ එහෙමය.
තමන් සිරුරක් තුල සිටිනා බවද ඒ සිරුර පිහිනමින් සිටිනා බවද හාමුදුරුවෝ ප්රමත්යනක්ෂ කරගත්හ..

No comments:

Post a Comment