මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 11, 2012

ප්‍රේමයේ ආගිය කතා


 හුග කාලෙකින්
හමුව
අහඹුව...

අපට අප
හැදිනිය නොහැකි ලෙස
වෙස් මුහුනු පැලද
ඇවිද යමු...

බොරළු ඇනෙනා
මාවත...
හිස් පයින්...

බොරළු කැට
ඉසියුමැලි
පාද
හිල් නොකරන...

රිදෙනවා පමණක්ය
කොහොමටත්
දෑසට උනනා කදුළු
මට නොපෙනේය...

ඉස්සරම  වාගේ
හිත නොරිදේය...

කියා ගන්නට බියෙන් නොකියුව
කියන්නට හිතේ තිබු
බොහෝ දේ
දැන් කියන්නට
කාලයය...

ආදරය
වසා පැලදුව
වෙස් මුහුනු...
නොලිහා
තවමත්,
ආදරය කරන බව,
නොපෙන්වා...

                                                                     ආගිය කතාබහ
                                                                                      කතා කරනට
                                                                                                        කාලයය...

No comments:

Post a Comment