මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 18, 2012

ගාමන්ට්...



මහන මැසිමට
පය රිදෙන
ඊටත් වඩා හිත රිදෙන...

බයවුනා හොදටම
දුවගෙන ඇවිත් බදාගත්තම...

සත්තු...

ජීවිතය පයින් පාගා
උපයමින
තරුණ විය ...

හද අහසෙ තිබුනාම
මට මොකද
මගෙ මූණ හද ඇතුලෙ දැක්කාම...

බදින්නත්
කෝ සල්ලි...

ගමේ ආවාම
අතිකාල...

ඊටත්,
අම්මගේ
ලෙඩ මූණ
හීනෙන් හැමදාම...

ලොකු සර්
අවුරුද්දක්ම වැඩිමාලු..
පතුල් අල්ලා වැන්දාම
පව් නැති...

සර්ගෙ නෝනා
හරි සැරලු...

14 comments:

  1. "සර්ගෙ නෝනා
    හරි සැරලු..." ඒකයි මේ!
    නියමයි.

    ReplyDelete
    Replies
    1. සමහර නෝනලා හරි සැරයි...
      ;)

      Delete
  2. යථාර්තය හිතන තරම් සුන්දර නෑ.. යථාර්තවාදී නිර්මාණයක්!
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ඇත්ත...ස්තුතියි...

      Delete
  3. //හද අහසෙ තිබුනාම
    මට මොකද
    මගෙ මූණ හද ඇතුලෙ දැක්කාම...


    බදින්නත්
    කෝ සල්ලි...//


    කීදෙනෙක් කී ආකාරයකට දකිනවද මේ එකම රුව.ස්තුතියි බැලුවට පාට කන්නාඩි නැතිව. ජය...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...පාට කණ්නාඩි මොකටද පැහැදිලිව පේනකොට...

      Delete
  4. 100%

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. යකඩ මැෂිමට යට වුනු තරුණ ජිවිත මේ රටේ කොච්චර ඉන්නවද..... එ අයටත් තියෙන්නෙ අපිට තියෙන හැඟිම්ම තමයි..... නමුත් අපි එ ගොල්ලන්දෙස බලන්නෙ අඩු මට්ටමකින්.... (ජුකී කැල්ල, ජුකී බඩුව, ජුකී ගොනා, ගාමන්ට් කැල්ල,ගාමන්ට් බඩුව,ජුකී මෝල) කියන නම් වලින් කොපමන අපහස කරනවද? මම නම් කවදාවත්ම එගොල්ලන්ට ඔය නම් වලින් අමතන්නෙ නැහැ .... අපේ සමහරු, කෙල්ලෙක් ගවමන්ට් එකෙ වැඩ කරනවා කිව්වොත් වඳියි, ගාමන්ට් කිව්වොත් ඔරවයි.... හොඳ ලිපියක් ඔබට ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මම එහෙම ඇත්තටම දකින්නෙ නැහැ.ඒ ගොල්ලොත් කරන්නෙ රස්සාවක්.අපි වගේම.හොද දේ නරක දේ අපි හැමෝටම කරන්න පුලුවන්.

      Delete
  6. 'සර්ගෙ නෝනා
    හරි සැරලු...'
    මේ ටික තමයි මරු. නියම ඇත්ත ලියවුන ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. හුගක් වෙලාවට අපි ඇත්තම ලියන්න බයයිනෙ...:)

      Delete
  7. Replies
    1. ඔව්..දැන් මේ ජීවිතේ කොටසක් කියුවෙ මොකක්ද?(නෝනලා සැර එකද??;) )Thankyou very much for the comment

      Delete