මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, May 27, 2012

පිලිහුඩුවෙක් ...


පිලිහුඩුවෙක් ...
නිල්පාට පිහාටු
ගප්පි නැති
කුඹුර....

හදිසියේ
කමිසයක් සැලිනි
නියර මත
නිල්පාට

වැසිදියට
පෙගී ගිය
අස් වැදෙනු නැති
කුඹුර...

මිනිසා පිලිහුඩුවාව...
පිලිහුඩුවා මිනිසාව...
පෙනී නොපෙනී යන...

7 comments:

  1. සැගවුනු කතාවකුත් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. කුරුල්ලාත් මිනිසාත් දෙදෙනාම එකම ගමනාන්තයක...:)

      Delete
  2. සුදු පාට බට ලයිට්ද මන්දා.... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හී...හී පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න ඉතින්...මේ කියන්නෙ මාලු නැතුව ඉන්න පිලිහුඩුවයි,කුඹුර පාලු වෙලා නියර උඩ ඉන්න මනුස්සයයි දෙන්නම විදින්නෙ එකම දුක කියල.:):)

      Delete
  3. දළ අදහසක් පමණයි.... මමත් බට ලයිට්ද මන්දා

    ReplyDelete
    Replies
    1. නැත්නම් මම ලියන ඒවා තේරෙන්නෙ නැද්ද දන්නෙත් නෑ ඉතින්...:P

      Delete
  4. අපොයි අදනම් කියවල අහක පහලට ආවේ තේරුනා කියලා පොඩි පම්පෝරියකුත් ගහන්න හිතාගෙන."වට් ‍ටු ඩූ" නපුරු කලට. ඔයාම තේරුම ලියලනේ පහලින්.මම පව්ද මංදා...?ජය...!

    ReplyDelete