මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 3, 2012

කරදාසි සහ වීදුරු හදවත්...


සමහර සිදුවීම්
හිටිගමන් දුව ඇවිත්
වීදුරු නිර්මිතය බිද දාන...
කරදාසි කොල ඉරන...

වීදුරු කැබලි අලවන
ඇලුම්දිය සොයන...
කරදාසි ඇලවෙනා
ඇලුම් දිය බහුල ලොව...

වීදුරු වුන එකට
මම මක් කරන්නද,

බිදිලාම දැන්
මටම වීදුරු එපාවෙන...

ඉරුනු තැන් නොපෙනෙන්න
සුරුවමට කරදාසි අලවන
නුඹ,
ඉරී ඇති බව නොපෙනෙන...

හදවත් ඇති
වීදුරු වලින් මෙන්
කොල වලින් නිර්මිත..

No comments:

Post a Comment