මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, May 29, 2012

"ඒ වේසි" ඇන්ටි

උදේ නැගිටිනකොට ඇස් බරවෙලා තිබුනා.ඔරලෝසුව නැගිටින වෙලාව කියුවට ඔරලෝසුවටත් තවටිකක් නිදියන්න කියලා වැදගත් නෝනා මහත්මියක් හරි මුඩුක්කුවක ගැහැනියක් හරි විදියට කියලා අනිත්පැත්ත හැරිලා නිදාගන්න උවමනාවක් මිෂෙල්ට තිබුනා.

 

මිෂෙල්ට දැන්  මිෂෙල් කියුවට වෙන නම් දෙක තුනක් තිබුනා.චූටි බබා,රන් පැටීයෝ වගේ නම් පුන්චි කාලෙ තාත්තා විසින් පාවිච්චි කරන ලද..

 

දැන් කලාතුරකින්වත් නොකියවෙන..සෙව්වන්දි...සෙව්..වගේ නම් අවුරුදු දෙක තුනකටත් කලින් මිෂෙල්ට පාවිච්චි වුනා.

 

ඒ වුනත් දැන් සෙව්වන්දි කියුවම තමන්ට කතාකරනවා වගේ හිතුනත් තමන්ට නෙමෙයි කියලත් හිතෙනවා.නිකන් අයිති නැති තැනක ඉදන් කතා කරනවා වගේ.

 

මිෂෙල්ට තේරුනා තමන් ඊයෙ රෑ බීපු බීම සැර වැඩි කමක්.බොනකොට සැර වැඩි කමක් තේරුනේ නැහැ.බොන්න කලින් ඉදලම මිෂෙල් හිටියේ මත්වුනු ස්වබාවයකින්.දුරකථන ඇමතුමක් එන සැනින් අදාල සේවාදායකයාගේ නිවසට ගිහින් සේවා දායකයාගේ සියළු(මේ වචනෙ ටිකක් බර වැඩියි.තේරුම් ගන්න අපහසුයි)අවශ්යහතා සපුරාලීම තමයි මිෂෙල්ගේ රැකියාව වුනේ.

 

සියලු අවශ්යේතා ප්රේධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.මානසික සහ ශාරීරික වශයෙන්.දෙවන අවශ්ය තා ස්වබාවය සැපයීමට පහසු විදියට සැලකුනත්(අනෙකුත් සම රැකියා නියුක්තිකයන් විසින්)මිෂෙල් සැලකුවේ මානසික අවශ්යාතා සැපයීමට හරිම පහසු දේවල් හැටියට.

 

තමන්ගෙ නම ගම සහ කතන්දරය (බොහෝ   මිනිසුන් විසින් අසනු ලබන )විදිහට තමන්ගේ නොවන නම් ගම් සහ කලින් සූදානම් කරගත් කතන්දරයක් කියාපාන්නට මිෂෙල්ට හැකියාව තිබුනා.

 

ඊයේ රාත්රිූයේ සිදුවුනේ මිෂෙල් බලාපොරොත්තු නොවුන සිදුවීමක්.බලාපොරොත්තු නොවුනාමත් වෙන්න බැහැ.අන්සතු වස්තූන් අයිතිකර නොගෙන වස්තූන් රැකබලාගැනීම තමයි මිෂෙල් සිද්ධ කලේ.ඒත් අයිතිකාරයා හදිසියේම ආවා.වස්තුව අරන් යන්න ආවෙ නැහැ.ඒත් වස්තුව කැමතියි අයිතිකාරයා ලගට යන්න.

 

ඒත් අන්සතු වස්තුව දෙන්න මිෂෙල් කැමති වුනේ නැහැ.කැමැත්තෙන් අකමැත්තෙන් එතරම් ගත යුත්තක් තිබුනේත් නැහැ.පොඩි කාලෙ තාත්තා ගෙනත් දුන්න පොඩි ටෙඩිබෙයෙක් බදාගෙන නිදාගත්තාවගේ මිෂෙල් ගනුදෙනුකාරයව තමන්ගේ හදවතට තුරුල් කරගෙන හිටියා.

 

ජනේලෙන් එහා පැත්තෙ හයියෙන් වරුසාවක් වහිමින් තිබුනා.ජනේලෙ දිගේ බේරෙන වැහිවතුරත් මේ වෙලාවෙ තමන්ගෙ දිවට දැනෙන ලුණු රසින් යුක්ත ඇති කියලා  මිෂෙල් හිතුවා. හොද කඩවසම් නොවන සුදුපාට මවිලෙන් පිරි පපුතුරකට තුරුලුවෙලා හිටපු දවසක් මිෂෙල්ට මතක් වුනා...

 

"පොඩි  කෙල්ලෙ,ඔයා මට වැඩිය හුගක් පොඩියි.ඔයාට මේවා තේරෙන්නෙ නැහැ.මගේ ගෑනි මට හුගක් සලකද්දිත් තමයි මම ඔයා ලගට එන්න පුරුදු වුනේ."

 

මිෂෙල්ට තේරුම් ගන්න උවමනාවක් මුලින් තිබුනෙ නැහැ.

 

උවමනාව ඇති වුනාට පස්සෙ ඉතාමත් ආසාවෙන් ඒ වචන අහගෙන ඉන්න පටන් ගත්තා.

 

මිෂෙල්ගෙ තාත්තා මැරුනෙ නැති වුනාට අවුරුදු හතරකින් පස්සේ මිෂෙල්ට තාත්තා කෙනෙක් හිටියෙ නැහැ.අම්මා "ඒ වේසි" කියලා ඇන්ටි කෙනෙක් තාත්තා අරන් ගිය බව කියුවා."ඒ වේසි"ගැනවත්,තාත්තා ගැනවත් අවුරුදු විසි හයක් වෙනකල් ආරන්චියක් ආවෙ නැහැ.

 

තමන්ව බලන්න එන අන්සතු වස්තුව එනකොට චොක්ලට් අරන් එනවට  මිෂෙල් කැමති වුනා.අවුරුදු විසිදෙකකට කලින් දැනුනු චොක්ලට් රහ ඒ චොක්ලට් වලත් දැනෙන්න පටන් ගත්තා.කතාව මේ විදිහට ගලාගෙන ගියා.

 

ඉද හිට වස්තුව තමන්ගේ ගෑනි නමින් හැදින්වුනු සත්වයා පිළිබද දීර්ඝ විස්තර කලා.අම්මා තාත්තාට බැන්නා වගේමයි කියලා මිෂෙල්ට හිතුනා.මිෂෙල් සුදුපාටට තවත් කැමති වෙන්න පටන් ගත්තා.කලුපාට කැතට පේන්න පටන් ගත්තා.

 

තාත්තගෙ කමිසෙත්  මේ වගේම දාඩිය සුවදක් මිෂෙල්ට දැනුනා….

 

සුවද ගනුදෙනු කාරයො ඉන්න එක ගැන පුදුමෙකුත් ඈට හිතුනා.නහය අකුලුවන ගද මිසක් සුවදක් ආපු කාලයක් මතක නෑ මිෂෙල්ට.

 

"ඉතින් මගේ පොඩි කෙල්ලෙ.මගේ ගෑනිට හෝඩුවාවක් අහුවෙලා.හරියටම දන්නෙ නැහැ.ඒත් මේ ලිප්ස්ටික් කූර මගේ වාහනේ ඇතුලෙ තිබුනා"

 

මිෂෙල්ගෙ ඇස් නලලටම ගියා.

 

"චූටි බබාටත් ඇහෙන්නම බැන්නා.ඒ වේසි ලගටම ගිහින් ඉන්න කියලත් කියුවා"

...................................................................................................................
ටෙඩි බෙයා අත ඇරෙනවා මිෂෙල්ට දැනුනා.

 

හිත හදාගත්තා.

 

"ආයෙ නාවට කමක් නෑ"

 

කොහොමටත් "ඒ වේසි" ඇන්ටි වෙන්න මිෂෙල්ට ඕන කමක් තිබුනෙ නැහැ.

27 comments:

  1. ම්ම්ම් තවත් එක් අම්බපාලියක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....හ්ම්ම්....:)

      Delete
  2. පිරිමින්ගේ පාපකදට දෝස විදින ලදුනේ
    අදුරේ පව් කරන දනා එලියේ රවන ලදුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ
    කුහුබුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ

    ReplyDelete
    Replies
    1. එයාලටත් හැගීම් දැනීම් තියෙනවා කියන්නයි ඕන වුනේ....

      Delete
  3. හ්ම්.... මිශෙල් මොන දේ උනත් හිතක් තියෙන ගැනියෙක්.

    දසුනි චුට්ටක් ෆොන්ට් ලොකු කරන්න පුලුවන්ද..ටිකක් කියවද්දි අපහසුයි වගේ.

    ReplyDelete
    Replies
    1. අනිත් දවසෙ ෆොන්ට් ලොකු කරලා ලියන්නම්..ස්තුතියි අදහසට...:)

      Delete
  4. මම හරියට බයවුනා හොඳවෙලාවට අවසානය එහෙම වුනේ ...ඒ තාත්ත නොවී...කොහොමටත් හිතට දැනෙනවා .....

    ReplyDelete
    Replies
    1. මට අවසානය ඔය කියන විදියට ඉතිරි කරන්නත් හිතුනා.පස්සෙ හිතුනා ඒක තාත්වික බවෙන් ඈතයි කියලා...ඒ නිසා තමයි මේ විදියට ඉවර කලේ.:)

      Delete
  5. හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.හැමදාම කියවන්න ...:)

      Delete
  6. තමන් කැමැත්තෙන් නෙවේ හුගක් අය ඔය තත්වෙට වැටෙන්නේ.ඒත් මොනවා කරන්නද අපි අනුකම්පා සහිත දෑසකින් ඔවුන් දෙස බැලුවත් ඔවුන් හිතන්නේ ගැනුම් කරුවෙක් කියලා!

    ReplyDelete
    Replies
    1. සමහරු තෝරා ගැනීම් තිබියදීත් මේ රැකියාවට යොමු වෙනවා.ලෙහෙසි තෝරාගැනීමක් විදිහට...:)

      Delete
  7. ඉස්කෝලෙ යන කාලෙ ආතල් එකට කිව්ව සිංදුවක් මතක් වුනා...

    සත පනහක් දීලා
    මට **** කියලා
    මරදානෙන් ගත්ත පට්ට වේසී

    තව **** කියලා
    කියන්නෙ ඇයි ඔහෙලා
    හිතුවද මම මැෂින් එකක් කියලා...

    අපි කොච්චර මැෂින් වෙන්න හැදුවත්, අපි මැෂින් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඒත් ඒක තේරුම් ගන්නෙ ටිකදෙනයි...:)

      Delete
  8. hoda post ekak Dasuni Gd luck!!!

    ReplyDelete
  9. අනේ මන්ද සහෝ අපි නොදකින පැති කොච්චර ඇද්ද මේ සමාජේ

    ReplyDelete
    Replies
    1. හිතන්නෙවත් නැති දේවල් තියෙන්න පුළුවන්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. සංවේදියි.දසුනි ටිකක් නෙමේ හොදටෝම.ලෙහෙසියට මේ ‍රැකියාවේ නුයුතුවුනු අය වගේම නොදැනුවත්කම නිසා, වංචනික පුද්ගලයො නිසා සමාජ අසාධාරණ කම් නිසාත් මෙතැනට වැටෙන කට්ටිය ඉන්නවා.ඒඅය මේ තැන ඉන්නේ කැමැත්තකින් නෙමෙයි වෙන්න පුලුවන්.නෝට්‍ටු කොල කීපයකට තමන්ම තමන්ව වෙන්දේසි කරන මේ ජීවිතවල ඇතුල් පැත්ත කොයිවගේද කියලා බලන්නද මේ වෑයම.හොදයි ඒත් බොහෝම ප්‍රවේශමෙන්,බොහෝමත්ම. ජය..!

    ප/ලි මතකද පහුගිය පෝස්‍ටුවක තිබුනු කමෙන්‍ටුව.

    ReplyDelete
    Replies
    1. එක අතකට මේ රැකියාවක් විදිහට සලකන්න පුළුවන්...:)

      Delete
  11. ලස්සනට ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. හුගාක් ස්තුතියි.:)අහන්න ලැබීමත් සතුටක්...

      Delete
  12. හිතට දැණුනු කතාවක්. මේකටද අර හෝඩුවාවක් හොය හොය හිටියෙ. ඒ වැඩේ හරි ගියාද දසුනි

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ බාගෙට හරි ගිහින් තියෙන්නෙ පිණිබිදු.රොබින් කියුවා මට කෙනෙක් හොයලා දෙනවා කියලා.තව ටික දවසක් යයි.එහෙම කෙනෙක්ව නම් හෙව්වෙ පොතක් ලියන්න හිතාගෙන.හිතෙන් මවා ගත්ත කතාවකට වඩා ඇත්ත කතාවකට හිතෙන් මවාගත්ත කරුණු එකතු කලාම ලස්සන වෙනවනෙ.:)

      Delete
  13. අද තමයි මේ පැත්තේ ආවේ ,
    කියවගෙන යද්දී හිතුනා, මේ කියන්නේ තාත්තා ගැන වත්ද කියල, අන්තිමේදී ඒක එහෙමද? එහෙමම නෙවෙයිද කියන ප්‍රශ්නේ තවමත් ඉතුරු වෙලා තියෙනවා. තව දෙයක් අකුරු පොඩි වැඩියි, මුවෙක් වෙච්ච මට කියවන්න කොහොමත් අමාරුයි .. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කොල කන අයට ඇස් පේනවා කියලා තමයි මම නම් අහලා තියෙන්නෙ...කොහොම උනත් ඊලග පෝස්ට් එකේ ඉදලා අකුරු ලොකු කරලා තියෙනවා.බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.හැමදාම එන්න හොදේ.ඔය කැලෙන් කවුරු හරි ආවමයි.

      Delete