මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 15, 2012

අම්මා නැතිදාට



නුඹ නැතිදාට ඉර මාමා වඩින්නැති

සද නැති රෑක ගනදුර දුරුවෙන්නෙ නැති

පෑ සෙනෙහේ උණුහුම මට දැනෙන්නැති

නුඹ උන්දොහේ මෙන් කුස ගිනි දැනෙන්නැති


කිරි නැති දෙතන කිරි සුවදයි මට අම්මේ

දෙතොලග සිනා පෙරදා වාගෙම දිලිසේ

නුඹෙ උණුහුමේ ගුලිවෙමි පෙරදා වාගේ

තුරුලට අරන් මා නිදියාපන් අම්මේ

14 comments:

  1. ම්ම්ම්... අම්මා නැතිදාට අප්පා කවර කලේ..

    ReplyDelete
    Replies
    1. අප්පා උන්නත් අම්මා නැති අඩුව දැනේ...:(

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  3. කිරි මුදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
    මමත් කිරට අඩනා දරුවෙකි අම්මේ
    අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
    ඈත ඉදන් මට අඩගාපන් අම්මේ..........

    ReplyDelete
  4. හිතට එන දේවල් අකුරු කරනවා නම් ඒක ඔයාගේ පෝස්‍ටුවට වඩා ගොඩාක් ලොකු වෙනවා. ඒ ඔයා වගේ මම අකුරු දෙක තුනකින් ලොකු කතා කියන හැටි නොදන්න නිසා. ඒ නිසා ඕනැන්නේ නෑ නේද. කියවලා තේරුම් ගත්තනේ ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් ප්‍රසoසාවට...:)

      Delete
  5. අම්මාකෙනෙක්ගේ අඩුව වෙන කවුරු නම් පුරවන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒ අඩුව සදාතනික අඩුවක්...

      Delete
  6. දෙයියනේ මම මෙහෙට එන්න පරක්කු උනේ ඇයි.. මාරයි අක්කියෝ.. ඇත්තමයි අම්ම කෙන්ක්ගෙ අඩුව පුර්වන්නෙ කොහොමද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි...හැමදාම එන්න...

      Delete