මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, February 6, 2011

It's not what it should be......

ගොටුකොල වැල් සදලු තලයෙන් බිමට,
කැරලි ගැසෙමින්,
පෝච්චිවල හිනැහෙමින්...
කවදාවත් නොකන....
ලස්සන...
දුකින් ඉන්නා ගොටුකොල....

උගන්නන්නට වෙලා නැති,
Busy ගුරුතුමා
ගොටුකොල වලට පැන් වත් කලෙහිය.......

සරම් වලින් මැසූ සාය හැද....
පාට පාට...
තොල්සායමින් හැඩකල.....
වෙස්මුහුණු පැලද,
බොරුසිනා පානා ගැහැණිය....

Busy සැමියා
එවු මුදලින් තෑගි ගෙන,
ලස්සනව..
දුකින්...
රියදුරා සමගින් පාටියට යන....


P.S:-ගොටුකොල=ගැහැණිය
       Busy ගුරුතුමා=Busy සැමියා
       රියදුරා=සමාවෙන්න...සමාන පද නැත....



.

No comments:

Post a Comment