මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 3, 2012

වෙසක් කූඩුව සහ ලෝකයේ ඉපැරණිම වෘත්තිය...


අටපට්ටමකට
කොහොම හිතෙනවා ඇත්ද....

අත් දෙකම කොයිතරම්
රිදෙනවා ඇත්ද...
එල්ලිලා ඉද,
නූලකම ....

පාරෙ දූවිලි
හුස්මගන්නත් බැරුවැති..

යනෙන අය,
කන්න වගෙ බලනවට
තරහකුත් හිතේ ඇති...

වෙසක් කූඩුවක් වගේ
කියනවා ඇහෙනවත් ඇති
විකිනෙන්න උවමනාවට
ඇහෙන් නෑ වගේ ඉන්නවත් ඇති...

අනාගතේ ගැන මුකුත්ම දන්නෙ නැති...
කොල ඇලවෙනා
පාට ගැන හිතන් නැති...

හෙට්ටු වී අලවි වෙන
ගාන දන්නවත් ඇති...

අපි එක වගේමයි
එහෙමත් හිතෙනවැති...

(මෙම කවිය සිතින් ගලපමින් කැළණිය කොහුවල බස්මාර්ගයේ වෙසක් කූඩු අලවි සැලක් අසල සිටගෙන සිටි ඇය,හෙට්ටු කරමින් මිනිත්තුවක් පමණ සිට හදිසියේ ආ නිසාන් මෝටර් රථයකට නැගී නික්ම ගියාය.)

4 comments:

  1. ඇත්තමයි. වෙසක් කූඩුවක් වගේමයි. වෙසක් සතියෙදි විතරයි හැමෝම හැඩ බලන්නෙ. ඊට පස්සෙ ටික ටික පාට, ලස්සන අඩුවෙනව. අන්තිමට ඉතිං කියන්නත් කණගාටුයි....

    ReplyDelete