මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 4, 2012

කසාද බැදීම...

සමහරක් කවි
කියවන කොට
හිත පිරෙනවා
පිරිලා
පිරිලා
ඉතිරිලා
පිටාරත් ගලන්න ලෑස්ති වෙනවා...

කාටවත් දෙන්න
බය හිතෙනවා.
ඒ කවි ඇතුලෙ
සෙරෙප්පු නැතුව
හිත පිච්චෙනා සීතල
කකුලට දැනෙමින්
ගතම සනසන උනුහුමක්
හිතින් විදිමින්
ඇවිදගෙන යන අතරෙ
ඇගිලි තුඩු වලින් ඉස්සිලා
අනිත් කවිය දිහාත් බලනවා...

මට මේ කවිය
ඇතුලින්...
දොරවල්
ජනෙල් පත්
වහගෙන
හිරවෙන්න හිතෙනව...

මට මේ කවිය
කසාද බදින්න ඕනෙ...

7 comments:

  1. මේ ලියන ලිවිල්ලට
    කොමෙන්ට් කරන්නට
    කවි මැසිමක් ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. Eye mata office eke wadiya wada thibune nae ...ekay...:D

      Delete
  2. හිර වෙන්නෙ නැතිව කසාද බදින්න තිබුනනම් හරි නේ?

    ReplyDelete
  3. හුටාර් ලස්සන කවිය කියාගෙන කියාගෙන ගිහින් අවසානෙට මොකද්ද කියලා තියෙන්නේ 0_0

    ReplyDelete
  4. Mata me kaviya kasada badinna oone :p therun naaa

    ReplyDelete