මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, May 6, 2012

සිදුහත් උපත


නෙලුම් මල් හතක්
හරියටම ගනන් කොට
එකක් පසුපස
එකක් ඇද ඇත...

ඈතින්ම ඇති මල්
ඉතාමත් පොඩියට
දුරින් ඇති බව පේන්නට...
කුරුලු සමනල් පියාඹන....

සල්ගසක් නොසදිසි
සල්ගස
සල්මල් බිමහෙලන...

සිදුහත්
පුන්චි කහ සිවුරු පට
සුලගේ ලෙලෙන්නට හැර
තමන් ලෝකයට අග බව කියන..
.
මල් දෙකක් අතරින්
සිදුහත් උපත
කතාවේ නැති
දිය ඇල්ලක් ගලන...
( හැම චිත්රෙටම දිය ඇල්ලක් තියෙන පොඩිකාලෙ )

ඔක්කොටම වැඩියෙන්
මහාමායාව
සාරියක් ඇදගෙන
සල් අත්තත් අල්ලාන….

'අම්මා' චිත්ර වල මම අම්මා ඇන්දෙත්
සාරියක් ඇදගෙන විත්තිය
හීනියට මතක්වෙන..

4 comments:

  1. පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  2. ස්තුතියි...එන්නම් එන්නම්...:)

    ReplyDelete
  3. ඒත් ඇත්තට ඒ මොහොත
    කිසිම අඩුවක් නැතිවම
    මහප්‍රාණත් නැතුවම
    ඇඳ ඇති අපූරුව

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයි එහෙමය...
      මහප්‍රාණ එන්නේ
      ලොකු ළමයි වූ පසුවය...:):)

      Delete