මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 9, 2012

සෙරෙප්පු නැතුව ඇවිදින්න...








අවුරුදුම තිහක්
හිස් පයින්
ඇවිදගෙනවිත්,
මිරිවැඩි
මිලට ගන්නට
කාසි රැස්කල
අයාලේ ගිය වසන්තය...

මිලට ගෙන
මිරිවැඩි සගල
පයලාමි...

දැන්
ඇවිද යා යුතුය
පෙන්විය යුතුය
ඉරිසියාකාර ගැහැනුන්ට
කෑදර පිරිමින්ට...

මම ඇවිදයමි...
මග බොහොම එලියය...

අරුමය
මිරිවැඩි දිහා නොබලන...

හිස් පයින් ඇවිද යන
බොහොම ලාබාල උන්
එකිනෙකා දෙස බලන
ඇස් ගසන...

 එන්න,
වසන්තය වැය නොකර ,
                                                           සෙරෙප්පු නැතුව ඇවිදින්න...

12 comments:

  1. එන්න..
    අපි සෙරෙප්පු නැතිව ඇවිදිමු...

    ReplyDelete
    Replies
    1. අහ්...ඔයත් එනවද???එන්න එන්න අපි ඇවිදිමු...

      Delete
  2. අයාලේ නොයවා වසන්තය
    ඔහේ ඇවිදින්න ආසයි
    සෙරෙප්පු නැතිවම...
    ඒත්..
    අවැසි කල ලාගන්න
    කාසි නැතිව හැකි වෙද
    සෙරෙප්පු ගන්න?

    ReplyDelete
    Replies
    1. හැබෑටම පූසොන්ට මොකටද සෙරෙප්පු....:D:D...

      Delete
    2. ඇයි අපිට බැරිද සූට් බූට් පූසෙක් වෙන්න? :D

      Delete
  3. අපූරු අදහසක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      Delete
  4. උන් තවම ලාබාලයිනෙව
    හිතනව ඇති හැමදාම වසන්තය කියලා..
    මිරිවැඩිසඟලක් නැතිව
    ගිම්හානයෙ ගමන් බිමන්
    සුභ නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ උනත් නැතිවෙලා ගිය වසන්තය ගැන දුකය....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete