මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, May 21, 2012

පෑනේ මිතුරු තෙම




ලියුමක්
දම්පාට කොලයක...

කෙල්ලෙක්;රන් පාට
කොන්ඩයක් ඇති
මල් කූඩයක් අතේ අරගෙන...

මගේ අකුරුත්
මල් වෙගේ සුවදට
දැනෙනවා ඇති නේද?

මහ සයුරු නම් කීයක්ම...

අන්තිමට,
මොට්ටැක්කිලි ඇතැයි
මම සිතූ
නගරයක...

ජැන්ඩියට ඇදි කොල්ලෙක්
ලියුම කියවන
මුස්ලිම් නමක් ඇති....

සුවදැති පෑනකින්
පිළිතුරු ලිපි ලැබෙන...
සුවද හොරෙන්ම
නැහැය සිපගෙන යන...

ඇට මාලයක්
සල්ලි කොලයක්
තාමත් තියෙන

සොලොස් විය ;
පෑනේ මිතුරු තෙම...

8 comments:

  1. හ්ම්ම්ම්....

    පොඩි කාලේ මටත් උන්නා පැනේ මිතුරෝ ගොඩාක්

    ReplyDelete
    Replies
    1. අවුරුදු 16 කියන්නෙ ඉතින් පොඩි වයසකුත් නෙමෙයි හැබැයි මට නම්...:)

      Delete
  2. සමහර පෑනේ මිතුරන් පෑනේ දුරින්ම තබා ගත යුතු

    ReplyDelete
    Replies
    1. සමහර අය දුරින් හිටියත් හිටි ගමන් ලගට එන.ඇවිත් ආ පයින් ආපසු යන...

      Delete
  3. මට නම් ඉන්නේ කීබෝඩ් එකේ මිතුරු මිතුරියෝ :)

    ReplyDelete
    Replies
    1. පෑනේ මිතුරො වෙනුවට නුදුටු අය කියලා දැන් ඉන්නෙ මේ අය තමයි...

      Delete
  4. වෙනස් තේමාවක් නේද. කොටන්න හිතෙනවා මටත් කොමෙන්‍ටුවක් දවසක කවියකින්ම. ජය..!

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු...කවියක් ලියලම බලමු...

      Delete