මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 16, 2012

සමන්පිච්ච මල් ගදක්...

සමන්පිච්ච මල් ගදක් දැනුනාම
නාසය හකුලවන
හිතකීරි ගස්සන
මුහුණ වෙන පැත්තකට හරවන....

ගල් හිතක්;
ලැබුනේ කොහොමදැයි හිතෙන...

හැරෙන්නට වෙන අතක්
බලන්නට වෙන දෙසක්
හතර පැත්තෙන්ම හිර ...

මල් ගද මූණටම එන...

දහඩියත්
ලාබ විලවුනුත්....

වෙන වෙනම ගත්තාම
පුසුඹය...

4 comments:

  1. කියවපු පෝස්‍ටු කීපයෙන් හිතට දැනුනු දේවල් විවිදයි.හැම මාතෘකාවක් ගැනම ඔයා සාර්ථකව ලියන්න ඇති. ඒහින්ද වෙන්නැති අලුත් වෙන බ්ලොග් එකට හැමදාම එන්න හිතෙන්නේ. ජය...!

    ReplyDelete
  2. කියවපු පෝස්‍ටු කීපය සාර්ථකයි කියලා හිතුනු නිසාද මන්දා හැමදම එන්න හිතෙනවා අලුත් වෙන බ්ලොග් එකට.හැම පුන්චි දෙයක් දිහාම කවි ඇහැකින් හැමෝටම පේන විදිහට බලන එක හොදයි කියල නොකියා කොහොමද.? ජය...!

    ප/ලි ඔයාගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න අමාරු මගේ දැනුම මදි කමද,පේජ් එකේ හැටිද,වෙන ක්‍රමයක් තියෙනවද..?

    ReplyDelete
    Replies
    1. හැමදාම කියන්න වගේ ස්තුතියි කමෙන්ටු වලට....මේකයි වෙන්නෙ ඔයා කමෙන්ට් කලාම ඒවා මම accept කරන කල් තියෙනවා ඒකයි කෙලින්ම කමෙන්ට් කරන්න බැරි.ඔයා දාපු හැම comment එකක්ම මම publish කලා...

      Delete