මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 24, 2012

නීතියට අනුකූල නොවන කතාවක්…


මට නීතියට අනුකූල නොවන කතාවක් ලියන්නට සිතක් පහලවී තිබේ.මේ කතාව කිසිසේත් නීතියටත් සම්මතයටත් අනුකූල නොවනු ඇත.මට නොගැලපේ යයිද,ගැහැනු ළමයෙකු විසින් නොලිවයුත්තක් යැයිද කියන්නට ඉඩ තිබේ.

නමුත් දැන් මට මේ කතාව ලියන්නට සිතී අවසන්ය.ඉතින් කෙසේ හෝ මෙය ලිවිය යුතුය...

සරළවම මේ කරන්නට යන්නේ මත විමසුමකි…..

මේ කතාව....

ගැහැණියක් සම්බන්ධවය.ගැහැණිය සමාජ සම්මත නොවන වෘත්තියක යෙදෙන්නීය.ගණිකාවක්ව නොඉපදී,ගණිකාවක්ව ජීවත්ව ගණිකා වෘත්තියෙන් මිදී මිය යන ගැහැණියකි.මට ලියන්නට ඇවසි ගර්බනී ගණිකාවක් සම්බන්ධවය.මෑත දවසක රිවිර පුවත්පතේ ලිපියකින් කියවුනේ ගර්බනී ගණිකාවන් වෘත්තිකයන් වශයෙන් මව්බිම තුල ජීවත් වන බවය.

මෙවැනි මාතෘකාවක් තේමා කරගත් කතා පුවතකට ඔබ දක්වන ප්‍රතිචාරය කෙබදු දැයි දැනගන්නට මට උවමනාය.

ඒ වාගේම තවත් උදව්වකුත් උවමනා කර තිබේ.

සත්‍ය කතන්දරයක් ලියන්නට ඇත්ත කතාවකුත් උවමනා නිසා මට මෙවැනි ගණිකාවක් සමග කතාබහක යෙදෙන්නට අවශ්‍යව ඇත.ඔබට එවැනි කෙනෙක් සම්බන්ධ කරගැනීමට හැකියාවක් හෝ එවැන්නකට මාර්ගයක් සපයා දීමට හැකිනම් කරුණාකර මට දන්වන්න...

ඔබේ අදහස් මේ අවස්ථාවේදී ඉතා වටිනා බව සලකන්න....

24 comments:

  1. ලේඛකයා සහ ලියවිල්ල යනු එකක් නොව දෙකක් නිසා ලියන්න කැමති දෙයක් ලිවිමේ වරදක් මම දකින්නෙ නැහැ..කොහොමත් දසුනි තහංචි මැද්දෙන් තහනම් දේ ගැන කතා කරන්න පුලුවන් හැකියාවක් තියෙන කෙනෙක්නෙ....හැබැයි අත්දැකීම් හොයාගන වෙනස් ලෝකවලට යනකොට ටිකක් ප්‍රවේසම්කාරි මාර්ගවලින් යන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලකී.මගේ හිතේ ඇතිවුනු ඉතා තදින් පැලපදියම් වුනු අවශ්‍යතාවයක් තමයි අකුරු කරලා අදහස් දැනගන්න හිතුවෙ.:)

      Delete
  2. බ්ලොග් අවකාශයේ මෙතෙක් නොකියවූ කතාවක්
    ඉතාමත් වැදගත් කතා මාලාවක් වේවි
    ඔබ හට උපකාරයක් කිරීමට හැකි වේවි ඇමතුමක් ලබාදෙන්න.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.ඔබව සම්බන්ධකරගත හැකි පිලිවලක් ලියා දන්වන්න...:)

      Delete
    2. ඔබ යැයි සිතුන අයෙකුට මා මුහුනු පොතෙන් රික්වෙස්‍ටුවක් දමා ඇත
      (ඔරුවක් උඩ වාඩි වී සිටින පින්තූරයක් ඇති අයෙක්)

      Delete
  3. අපූරුයි! තව අයට කියලා බලමු.... උදව්වක් ලබාගන්න පුළුවන් වේවි!

    ReplyDelete
    Replies
    1. පුලුවන් අයට කියල බලන්න පූසො...ලොකු උදව්වක්...:)

      Delete
  4. බ්ලොග් අවකාසෙත් හොයාගන්න බැරි වෙන එකක් නම් නෑ

    ReplyDelete
    Replies
    1. ඔහොම මඩ ගහන්න හොද නෑ නේද?

      Delete
  5. හොඳ අදහසක්, හැබැයි ප්‍රවේසමෙන් ! මොකද ඔයාට පරික්ෂණ කරන්න වෙන ලෝකය හරිම භයානක සහ දුක්බර ලෝකයක්... ඔය වෘතියේ යෙදෙන අයගේ ඇතුලත ඉතාම දුක්ඛදායක ජිවිතයි.නමුත් ඉතා භයානක අයත් ඔය වෘතියෙ යෙදෙනවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මට දැනගන්න ඕනෙ එක්කෙනෙක් ගැන විතරයි....එයාගෙ කතාවට සාහිත්‍යමය වටිනාකමක් එකතු කරන එක තමයි මට කරන්න ඕන.

      Delete
  6. වෙනස්ම කතාවක් වේවි මේක..

    ReplyDelete
    Replies
    1. වෙනස් දේවල් ලියන්න ඇත්තටම මම කැමතියි දිනේශ්

      Delete
  7. මං නම් එහෙම අයව දන්නේ නැහැ ඒත් ඔයාට සුබ පතනවා හොද ලිපියක් ලියන්න ලැබෙන්න කියලා.ලියන්නකෝ අපි එන්නම් කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.ඒත් එහෙම කෙනෙක් හොයාගන්න තියෙනෙ අමාරුකම නිසා තමයි මම මෙහෙම දෙයක් ලියලා උදව් ඉල්ලගන්න හිතුවෙ

      Delete
  8. දු‍ටුවෙමි.කියෙව්වෙමි. ජය..!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.:)

      Delete
  9. ගණිකාව යන මාතෘකාව ඔස්සේ ලේඛන, රංගන, ගායන, ඈ විවිධ මාධ්‍ය තුලින් බිහිවූ කෘති කොපමණක්ද යන්න නොගිනිය හැකි තරම්. මට මතක් වෙනවා 1970 දශකයේදී මේ මාතෘකාව ඔස්සේ නිපදවූ සිංහල චිත්‍රපටියක් තිබුනා. එහි නම 'හදවත් නැත්තෝ'. මම උසස් පෙළ හදාරන පාසල් සිසුවකු ලෙස එය නැරඹුවා (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් නොවේ.) එහි ප්‍රධාන චරිත රඟපෑවේ රොබින් ප්‍රනාන්දු සහ නීටා ප්‍රනාන්දු. සම්භාව්‍ය කෘතියක් නොවුනත්, එහි කියවෙන්නේ ගණිකාවකට ආලය කර ඇයව විවාහ කරගත් පුද්ගලයකුට ගරහන සමාජය, අවසානයේදී ඔහු ඝාතනය කරන ආකාරයයි. ඉතාම සංවේදී දර්ශන එහි ඇතුලත්.

    සාමාන්‍යයෙන් ගණිකාවක් ගර්භනී බවට පත්වන්නේ ඉතා කලාතුරකින්. ඕනෑම ගණිකාවක් උපත් පාලන ක්‍රම අනුගමනය කරන බව අපි දන්නවා නොවැ. ගණිකා වෘත්තියට ආධුනික කෙකෙකු පමණයි එසේ ගර්භනී බවට පත්වන්නේ. 'ගර්භනී ගණිකාව' පදනම් කරගනිමින් ස්ත්‍රීත්වය, මාතෘත්වය, හා සමාජ තහංචි (norms) මෙන්ම පුරුශාධිපත්යයද විග්‍රහ කරමින් හොඳ නිර්මාණයක් කළහැකි බවයි මමනම් සිතන්නේ. මම මීට පෙර මෙම අඩවියට පැමිණ නැත්තෙමි.

    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. දිග විචාරයට ස්තුතියි.ඇත්තටම වටිනවා මේ වගේ අදහසක් ප්‍රකාශ කිරීමම.:)

      Delete
  10. පූජාවලියේ එන ජීවක වෛද්‍යවරයාගේ කතාවත් කියවලා බලන්න. ඔහුගේ මව ඔහු කුස තුළ සිටියදිත් සිය ‍රැකියාව (ඇය ගණිකාවක්) කළ අයුරු ගැන එහි සඳහන්ව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒ කතාව කියවලා තියෙනවා.හොද උප්පත්තියකට මවගේ බලපෑම අඩුයි කියලා අදහසක් ඔය කතාවෙන් ප්‍රකාශවෙනවා කියලා තමයි මම හිතන්නෙ. ඒත් ඇත්ත ඒක නෙමෙයි.මට තියෙනෙ එක ප්‍රශ්නයක් තමයි ගර්බනී ගණිකාවන්ගේ(රස්සාව සදහා ගර්බනීවන )කලලයට ඒ නිසා වෙන බලපෑම මොනවගේද කියන එක.

      Delete
    2. ඔබ විසිතුරුට දී ඇති පිළිතුරෙහි ඇතුලත් කරුණකින් මා අන්ද මන්ද වුනා. ඔබ කියනවා රැකියාව ලෙස ගර්භනී වන ගණිකාවන් ගැන. මා ඔබට යෝජනා කරනවා නාරිවේදය පිලිබඳ විශේෂඥ වෛද්ය වරයකු/වරියක සමග මේ ගැන සාකච්ඡා කරන ලෙස. මන්ද, ඔබ කැමතිනම්, නූතන ලෝකයේ ඇති වෛද්ය පහසුකම් යටතේ, ලිංගික සංසර්ගයෙන් තොරව, ඔබට පුළුවන් වෙනත් පුරුෂයකුගේ ශුක්‍රානු ඔබේ ගර්භාෂයේ තැන්පත් කරවාගෙන, එමගින් දාරකොත්පත්තියක් ලබා දෙන්නට. මෙතනදී සදාචාරය සහ මානුෂිකත්වය වෙන් කරන රේඛාවෙන් එතෙර වන්නට ඔබට සිදු වෙනවා. මෙහිදී ඔබ කරන්නේ දරුවන් නැති යුවලකට දරුවන් ලබාගැනීමට උදවු වීම පමණයි. එතනින් එහාට ඔබට ඒ යුවල සමග කිසිදු ගනුදෙනුවක් නැහැ. ඔබ මෙය මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කලත් ඔබ ගණිකාවක් ලෙස හඳුන්වන්නට මමනම් කැමති නැහැ. කිසියම් කාන්තාවක් තම විවාහක සැමියා නොවන වෙනත් පුරුෂයකු සමග, ඔහුගේද ඔහුගේ බිරිඳගේද කැමැත්ත ඇතිව, ලිංගික සංසර්ගයේ යෙදී ගර්භනී භාවයට පත්ව, දරු උපතක් ලබාදී මුදල් උපයන්නේනම්, ඇය නූගත්, කපටි, අවිචාරවත් ගැහැණියක් ලෙසයි මටනම් පෙනෙන්නේ. ඔබේ උපකල්පිත කතාවේ සන්දර්භය සැකෙවින් හෙලිකල නොහැකිද?

      Delete
    3. මම කියන්නට අදහස් කලේ එවැනි ගණිකාවන් ගැන නොවේ.ඔබ කියන්න වැනි පුදගල යෙක් ගණිකාවක් ලෙස හැදින්විය නොහැකි යයි සිතමි.එවැන්නියක් හැදින්විය හැක්කේ ගර්බාෂය කුලියට දෙන්නියක් විදියටයි.
      සාමාන්‍ය ගණිකාවන්ට ඇති ඉල්ලුම පරිදිම ගර්බනී ගණිකාවන්ටත් සම්මාජය තුල වෙනම ඉල්ලුමක් පවතිනවා.එම නිසා අවුරුද්දේ මාස 10ක් ගර්බනී කාන්තාවක්ව,ඉතිරි මාස දෙක විවේක ගෙන නැවතත් ඉන් පසු අවුරුද්දේ ගර්බනී බාවයට පතවන කාන්තාවන් ඉන්නවා.මම කතා කරන්නට සැරසෙන්නේ එවැනි අය ගැනයි...

      Delete
  11. මිනිසා සමාජය අසම්මත දේවල් කරන්නට රහසිගත අශාවකින් පෙළෙනවා. තව පිරිසක් එවැනි දෑ ගැන ඇති තොරතුරු කියවීමෙන් තෘප්තියක් ලබනවා. මේ දෙපිරිසෙන් මුලින් කී පිරිස ශාරීරිකවම (සමහරවිට එය ලිංගික සම්බන්ධයක් වියහැකියි) ඒ තෘප්තිය විඳින අතර පසුව කී පිරිස එය මානසිකව (එයද මනෝ ලිංගික ආස්වාදයක් විය හැකියි) විඳිනවා. ගර්භනී කාන්තාවන්ට ගණිකාවන් ලෙස ඉල්ලුමක් පවතින බව ඔබ සොයාගත්තේ කිසියම් සමාජ සමීක්ෂණයකින්ද ? ඒ ශ්‍රීලාංකික සමාජය තුලද? ඔබ විසින් කල සිද්ධි අධ්‍යයන තිබේද? මා පළමු වරටයි එවැනි තොරතුරක් ඇසුවේ. එය සත්‍යයක්නම් ප්‍රබන්ධයක් කෙසේ වෙතත් සමාජ සමීක්ෂණ වාර්තාවක් හැටියටනම් විශාල වටිනාකමක් ලැබෙනු ඇති. සත්‍යය කවදත් ප්‍රබන්ධයට වඩා ප්‍රබල බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැනේ.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete