මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 25, 2012

පාට පාට සාරි


සාරියක් ඇදගෙන
වත්තෙ වැඩ කරනවා

"හරි පවු
මේ දරුවා
අම්මා දකින්නෙම
එහෙම වෙන්නැති...."

මොකද්ද ඒකෙ පව...???

අම්මා පාට පාට
සාරි අදිනවනෙ...

ඉතින්
ටීච
අදින්නෙත් සාරිනෙ...

පව්...
ටීචට,
අම්මට වගේ
පාට පාට සාරි නැති එක...

පොඩි එකා කියුවේය
"ටීචට මම අම්මගෙ ලස්සන සාරි ඉල්ලලා දෙන්නද???"

10 comments:

  1. අන්තර්ගතය පොඩ්ඩක් පැහැදිලි මදි, චුට්ටක් පැහැදිලි කරනවද ?

    ReplyDelete
    Replies
    1. සරළවම මෙහෙමයි මගේ එකවසරෙ ටීච මට මෙහෙම කියනවා ඇහුනා වෙන ටීච කෙනෙක් එක්ක.ඒකට හේතුව අම්මා වත්තෙ වැඩ කරනවා කියන චිත්‍රෙ මම අම්මව සාරියක් ඇදගෙන අදින එක.ඒත් මාව පව් කියන හේතුව මට එදා තේරුනෙ නැහැ.අම්ම හැමදාම වැඩට යන නිසා වෙන්න ඇති සමහර විට....ඒත්ටීචගෙ ළමයිනුත් ටීචව එහෙම චිත්‍ර වල ඇන්දද දන්නෙ නෑනෙ.ටීචත් අදින්නෙ සාරිනෙ.:)

      Delete
  2. :) පොඩි එකා දකින්නේ අම්මගේ සාරියේ පාට විතරයි

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් වෙන්න පුලුවන් නෙ....පොඩි එකාට ලස්සනට පේන්නෙ අම්මගෙ සාරියෙ පාට විතරයි.ආදරය විසින් ලස්සන තීරණය කෙරනවනෙ...නේද?:):)

      Delete
  3. කියෙව්වා. තේරුනාද නම් මන්ද? මං කීවේ ටීච ගැන. ජය..!

    ReplyDelete
    Replies
    1. තේරුම මම රොබින්ට කියලා දුන්නා පොඩ්ඩක් බලනවද?:):)

      Delete
  4. ඒ කියන්නේ ටීචර් වැන්දඹුවක්ද??

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ ටීචගෙ ළමයිනුත් ටීචව දකිනව ඇත්තෙ එහෙම කියලා මට හිතුනා..:)

      Delete