මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 3, 2012

හදිසියේ තාත්තා දැකීම

හදිසියේ තාත්තා දුටුවෙමිය
මහමග...
මේ කොලොම් පුරවර...

රෝද සතරක්
දෑතේ වීරියෙන් තල්ලු කරගෙන
බිම බලන් යන
තාත්තා දුටුවෙමිය...

හතරැස් කොල කෑලි
හතර පැත්තෙන් එල්ලෙන..
කහපාට යකඩ කට
කම්මැලි කමෙන් හිස සලන
මේ සියල් රෝද හතරක් මතට ගෙන
තාර පාරේ
හිස් පයින් ඇවිදයන,
තාත්තා දුටුවෙමිය...

තාත්තේ
අමතකද
බොහෝ ණය ඇත්තවුන්
ඇත නුඹට...

නින්දයන තෙක් කතන්දර කී
බත් දෙවන්නට
නුඹත් ණය වුනු
ණය කාරයන් ඇත නුඹට...

ණය නොදී පලාගිය
උන් දැන්
ලෝකයේ බොහෝ තැන් වල...

නුඹ තාමත්
හිස් පයින්
වාසනා විකුණන...
එදා හිටි තැන හිද...

හදිසියේ මතක් වූ
තාත්තා
මා පසුකර ඇදෙන...

11 comments:

  1. සංවේදී සටහනක්... ලස්සනයි

    ReplyDelete
  2. සංවේදී සටහනක්... ලස්සනයි (http://scienceandtec.blogspot.com)

    ReplyDelete
  3. හිතට දැනෙන්න ලියලා තියනවා . ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  4. ලොතරැයි කරත්තයක් තල්ලු කරන අඳුරු මනුස්සයෙක්ව මැවිල පේන්නම තියෙනවා... හිතට එන හැඟීම දුකට බර එකක්!

    ReplyDelete
    Replies
    1. මගේ ඇස් වලින් දැකපු දේ
      ඔයාලගෙ හිත්වලට පෙන්නන්න
      හිතුන නිසා
      ලියපු සටහනක් මේක...

      Delete
  5. සංවේදි කවි පෙලක්.. හිතට දැනුනා..

    ReplyDelete
    Replies
    1. සන්වේදී හිත් වලට
      සන්වේදී විදියට
      දැනෙන කියුවනම් තමයි
      හරියටම හරි... :)

      Delete
  6. තට්ටු මහ ගොඩක් ඇති
    ජීවිත රග මඩල
    නලු නිලියො මහ ගොඩක්
    එකම චරිතය රගන

    ReplyDelete
  7. http://www.dinamina.lk/epaper/art.asp?id=2012/05/11/pg14_0&pt=p&h=

    ReplyDelete