මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 12, 2012

ඇහැල ගහ

 
 

සරසවි බිම
ඇහැල ගහ
තවමත් කියනවා ඇති
හුවමාරුවුන
කවි ...

ඉදහිට
පාලුවක්,
දැනුනාම...

//////////////////
දෙ අත් පැටලුනු
නැති අතීතෙක
මතක අරගෙන

කවි වලින් ලියවුනු
ප්‍රේමයක මතක ගෙන,

ආයෙමත් ඇවිදින්...
ඔබ...
/////////////

දෙසතියක මතක ගෙන...
කාටවත් නොකියාම
හදිසියෙම ඇවිදින්...

මතක අමතකදැයි
අහන ...

අමතක කරන්නට
අමතකව ගිය බව
මට මතක් කර...

6 comments:

  1. සරසවී බිමේ මතක එක්ක කොච්චර නම් කවි ලියවෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. සමහර මතක කවමදාවත් අමතක නොවෙන හැඩ....

      Delete
  2. /අමතක කරන්නට
    අමතකව ගිය බව
    මට මතක් කර.../

    මේ තමයි ජීවිතය.ඔයාල අපි දකින.විදින,විදවන. ජය...!

    ReplyDelete
    Replies
    1. සමහර දෙවල් අමතක වෙලා නැති බව මතක් කරන්නට
      සමහර දේවල් හේතු වෙනවා...

      Delete
  3. ඇහැල ගස්
    තාම මල් පුරෝගෙන
    දකිනවනෙ මම
    හැමදාම යනෙන මග

    ReplyDelete
    Replies
    1. දැන් මල්
      එදා තිබු මල් නොවෙත...

      :)

      Delete