මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 17, 2012

තනිකඩ දවසක්.........

අද තනිකඩ දවසක්.තනිකඩ දවස්වල තියෙන්නෙ අතීත සැමරුම්.අතීත කතන්දර පේලියක් හැදිලා එක පෙලට බලාගෙන ඉන්නවා.ඒ හැම කතන්දරේකටම නොම්බරයක් තියෙනවා.නොම්බරේ කතාකලාම හිත ඉස්සරහට ඇවිල්ලා චිත්‍රපටියක් වගේ රගදැක්වෙනවා.

තනිකඩ දවසකට එක චිත්‍රපටියක් බැලුවාම ඇති කියලා හිතෙනවා.ඉතින් මම නොම්බරයක් කතා කලා.නොම්බර විසිහතර.


අවුරුදු දහ අටක විතර ගැහැනු දරුවෙක් අතට තුරුලුකර ගත්ත පොත් මිටිය හදවතටලන්කරගෙන ගෙදර දුවන්න ලෑස්ති වෙනවා.පන්තිය ඉවරයි.පිරිමි ළමයෙක් ගැහැණු ළමයා දොරෙන් එලියට යන්න තනද්දීම ඒ බිම බලන් යන ඇස් වලට පෙනෙන්නට කකුලක් සෙලවුවා.


ඒ සෙලවිච්ච කකුල කාගෙද කියලා ගැහැණු ළමයා දන්නවා.ඒ නිසා බිම බලාගෙනම ගියා.ගෙදරට පය තිබ්බ ගමන්ම දුරකථන ඇමතුමක්.

"ඔයා අද මගේ දිහා බලන්නෙම නැතුව ආවනේ...."


"මම දැක්කෙ නෑ..."

"බොරු කියන්න එපා මම කකුල හොලවනවා ඔයාදැක්කා..."

"ඒත් ඒ ඔයා කියලා දන්නේ නෑ..."


හුරතල් කතන්දර...ඒත් ඒ කතන්දර වල වැඩිපුර තිබුනෙ කදුළු.හැම කතාවක්ම ඉවර වුනේ කදුළු වලින්.

හිනාවකින් සන්වාද ඉවර වුන දවසක් ඇත්තේම නැති තරම්.

"ඔයා දිගට අදින්න ....කොටට අදින්න එපා.කලිසම් අදින්නත් එපා"

එරෙහි වීමට කැමැත්ත හිතදරන් ගැහැනු ළමයා එකග වුනා.දැන් ගැහැණු ළමයා අතේ මුද්දක් තියෙනවා.වාරනය දැමූ පිරිමි ළමයා අතෙත් මුදුවක් තියෙන බව අහන්නට ලැබිලා තියෙනවා.දැන් ඔය කතන්දරේ සිදු වෙලා බොහොම කල්.

 

ඒත් ඉතින් ඒ පිරිමි ළමයා දන්නෙ නැතුවැති ගැහැනු දරුවා දැන් හුගාක් කාලෙක ඉදන්  දිග සායවල් අදින්නෙ නැති බව... ඉතිරි ජීවිත කාලෙත් අදින්නට බලාපොරොත්තුවක් නැති බව.

 

අදින්නේ කලිසම් හෝ දනහිස ලගට පමණක් දිග ඇදුම්.

 

ඒ තරහ පිරිමසා ගැනීමක්ද?ඔව්...සමහර වෙලාවට.



(ප.ලි:-දැන් මගේ ඇදුම් අල්මාරියේ දිග සායවල් නෑ...)



16 comments:

  1. සමහර මතක හිතෙන් අතුගාලම දාන්න ඕනෙ දූවිල්ලක්වත් ඉතුරු නොවෙන විදිහට.
    ප.ලි:-මගෙත් දිග සායවල් නැත. ඉස්සර තිබුණෙම ඒවා.

    ReplyDelete
  2. මම හිතන්නේ මම වගේ තව කෙනෙක්...:)

    ReplyDelete
  3. කාගෙන්වත් පලිගන්න ගිහින් ඔයාම අමාරුවේ වැටෙන්න නම් එපා

    ReplyDelete
  4. අනේ මන්දා අප්පා මේවා නම් ....

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ...අනේ මන්දා...

      Delete
  5. මතකයෙ හිතවත්කම් බෝ ඇත
    පාතැබු පියවර මත රැදිලා..
    ඒ පියවර මැකිලා,
    මතකය පමනක් අද ඉතිරිවෙලා.. ?

    අහිමි විම තුලත් යම් සුන්දරත්වයක් දකින්න පුලුවනි,
    කදුලු අමතක කරලා අපි අයෙත් ජිවිතෙ හිනා වෙන්න ඉගන ගත්තම..
    ලස්සනට මතක කවුලුවක් ඇරලා.. :)
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. අහිමි වීම තුලත් හිමිවීමක් තියෙනවා...
      මතකයේ හිමිකම...

      Delete
  6. :) :) ඔයාගේ ලියවිලි කොහොමත් සුපිරියි අක්කි..මම කැමතිම බ්ලොග් වලින් එකක් ඔයාගේ බ්ලොග් එක..

    ReplyDelete
    Replies
    1. බොහෝම බොහෝම ස්තුතියි නoගි...

      Delete
  7. ඉතින් ඒ තරහා පිරිමහන්නමද. නෑ මට හිතෙන්නේ හිතේ කැමැත්ත....! ජය....!

    ReplyDelete
    Replies
    1. හිතේ කමැත්තත් එක්ක තරහ පිරිමැහීමකුත් ඇති...:)

      Delete
  8. Harima lassanai ..... kiyapu aya koheda dan nathi unath ..dauth mage almariyenam gawm pirila :)

    ReplyDelete
    Replies
    1. mama nam gavum adinna kohomath asay...

      Delete
  9. මංදා.. මට තේරුම්ගන්න බෑ.. මගේ අනාගතේ මේකෙ ලියැවිලාවත්ද??

    ReplyDelete
    Replies
    1. අනාගතේ නම් මන්දා සමහර අයගෙ අතීතය නම් තියෙනවා...:)

      Delete