අලුත් දෝණිට...
අලුත් දුවෙක් ඊයෙ ආව මගේ ලෝකෙට....
මට දැන් වයසයි...
හුගක් නැතුවට ටිකක්....
අලුත් දෝනිය හරියටම ජීවිතේ හරි මැද....
එයා දන්නෑ ජීවෙතේ තාම හරියට...
මටත් මතකයි මමත් ඔහොමයි...
අවුරුදු විස්සකට එපිටදි....
රෝස මල් උඩ ඇවිදගෙන ගිය...
කාලයක් තිබුනා මටත්...
දයාවෙන් පිරි ඔහුගෙ ඇස් වල,
ආදරේ දැක්කා මමත්...
කුරුලු ගී හඩ ඇසුන ඇළ බඩ
නගින අදුරෙහි හුදකලාවෙහි
ඔහුගෙ තුරුලෙහි සැනහෙමින් හිද
පෙමින් දින ගෙවුවා මමත්...
නවුමු නිවසක සුවද වින්දෙමි...
කිරි සිනා හඩ තුටින් ඇසුවමි...
කදුළු වල රැදි රසය වින්දෙමි....
ජීවිතය මෙය යයි හැදින්නෙමි....
ඉතින් මා නොතැවෙනිමි...
එදා මෙන් බොළද ලෙස….
දිවිය අතැඹුලක් සේ
දැන හැදින හිදින්නෙමි...
තවත් ටික දුරයි මට...
මග බොහෝ දිගයි ඇගෙ...
දෝණියේ හරි සෙමෙන්...
සුමුදු පා ඔසවන්න...
(අම්මා කිලෝමීටර සියයකට වඩා දුරින් ඉන්නා කලක අම්මාගේ අඩුව මකන්නට තැත් දරමින් දුන් උපදෙස් වලට උපහාරයක් කොට....)
ලස්සනයි කවි සිතුවිලි
ReplyDeleteබොහොම ස්තුතියි නිශාන්... :)
Deleteලස්සනයි!
ReplyDeleteහුගක් ස්තුතියි....:)
Deleteමේ කවි ටික නම් හරිම අපූරුයි දසුනි. චූටි දුවෙකුගේ තාත්තෙක් මමත්. නිතරම මගේ බිරිද කියන වචන වැල් හරියටම මේ කවි වගේ. ස්තුතියි ඔයට ජය...!
ReplyDeleteසතුටුයි ඒක අහන්න ලැබුනට...සමහර වචන අපිට කවි වගේ ඇහෙනවා තමයි...:)
Deleteමම හිතුවේ දසු අම්මෙක් වෙලාදෝ කියලා ... :)
ReplyDeleteදැන්ම නම් නෑ නිම්ශා...තව අවුරුදු දෙකකින් විතර...:)
Deleteමටත් දැනෙන
ReplyDeleteමමත් විදින
හිතට වදින
කවී පබැදුම
ලස්සන යි
Deleteස්තුතියි...:)
ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට
ඔබටත් බොහොම ස්තුතියි...:)
Deleteලස්සනයි
ReplyDelete