මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 31, 2012

යූ අකුර සහිත මුදුව

 

රත්තරන් පාට මුදු සහ රත්තරන් මුදු වශයෙන් මුදු දෙවර්ගයක් තියෙනවා.පාටමුදුවල පාට හරිම ලේසියෙන් නැති වෙනවා.පාට තවරපු මුදු වලින් රත්තරන් පාට වුනත් ඉවත් කරන්න හරිම ලෙහෙසියි.ඒ මුදු වලින් රත්තරන් පාට අයින් කලාම එන්නේ කළුපාටක්.ඇත්ත රත්තරන් මුදුවල පාට නැති වෙන්නේ නෑ.උවමනා වුනත් නැති කරන්න බෑ.මැකුවත් හැඩේ වෙනස් වෙලා රත්තරන් ගුලියක් වෙයි.ඒත් රත්තරන් පාට වෙනස් වෙන්නෙ නෑ.

 

ඈ සතුවෙලා තිබුනේ රත්තරන් මුද්දක්.ඒ වෙනකල් ඒ අතට මුදුවක ස්පර්ෂය දැනිලා තිබුනේ නෑ.ඒත් ඒ මුදුව ඔස්සේ රත්තරන් වල ස්පර්ෂය ඇගේ ඇගිලි වලට දනවන්න ඔහුට පුලුවන් උනා.


යූ අකුර තිබුන මුදුව ලබාගන්න හුගක් මහන්සි වෙන්න වුනා.සරසවියෙ ජීවිතේ මුදල් පරිහරනය වෙන්නෙ හරිම අරපරිසමින්.ගෙදරින් ලැබෙන ස්වල්ප මුදලින් මාසෙම ගතකරන්න ඕනෙ.ඔහුට මාසෙ වියදමට කීයක් ලැබුනද කියලා ඈ දැනගෙන හිටියෙ නෑ.ඒත් එක්කෙනෙක්ගෙන් දෙදහස් දෙසිය පනහක් අනිකාගෙන් දෙදාස් හත්සිය පනහක් යොදවලා රුපියල් පන්දහක් ගලපන්න මාස පහකුත් දවස් තුනක් ගතවුනා.


මාස පහක් ඇය රන් මුදුවේ හීනයේ හිරවෙලා උන්නා.


හීනය හැබෑවුනේ සරසවියෙ ඉදලා ගෙදර යන දවසක.දහඩියෙන් පෙගුන පිරිමි කමිසයක් බස් එකක මැද සීට් එකක ඉදගෙන රත්තරන් මුදුව ඇගේ අතට පැලදුවා.


වෙදැගිල්ලට මුදුව නොසෑහෙන තරම් විශාලයි.ඒ නිසා අර පිරිමි අතින්ම මුදුව මැදැගිල්ලට පැලදුනා. මුදුවේ යූ අකුරක් ලියවිලා තිබුනා.යූ අකුර අතර මැද හිඩැසක් තිබුනා.

 

................

 

 

"..................වන මා"

"..................වන මා"

"මෙහි සිටින"

"මෙහි සිටින"

"............."

"............."


"මාගේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නා බවට"


"මාගේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නා බවට"

 

හැටදහසක මුදුවක් පැලදුනා.වෙදැගිල්ලේ ප්‍රමාණය මිනුමට ලක්වෙලා තිබුනා මුදුව මිලදී ගන්න පෙර මුදුව වෙදැගිල්ලට හරියටම ගැලපුනා.ඒ නිසා.

 

ඒත් රත්තරන් වල ස්පර්ශය දැනිලා තිබුන අතකට මේ ස්පර්ශය වෙනසක් ගෙනාවේ නෑ.රුපියල් පන්දාහේ රත්තරන් වලට වඩා රුපියක් හැටදහසේ රත්තරන් බරක් රැගෙන ආවා.ඇගිලිවලට. පන්දහසේ මුදුව සැගවුනා.අල්මාරිය ඇතුලත.ආයෙමත් එලියට නෑවිත් ඉන්න හිතාගෙන.

.....................................

අල්මාරිය අස් කිරීම අතරතුර...යූ අකුරක් එබෙනවා.ලාච්චුවකින් එලියට.

"මාව මතකද?"

ඈට මතක් වෙනවා.බස් එකක් .දහඩිය පෙගුනු කමිසයක්.රුපියල් පන්දහක්.ඒත් යූ අකුර එතනට ආවෙ කොහොමද කියලා මතක් වෙන්නෙ නෑ.


යූ අකුර මතක් කරන්නට උත්සාහ ගන්නේත් නෑ.අමතක වුන දේවල් එහෙමම අමතක වෙලා ගියදෙන් කියලා හිතුවා.

ඒත් ඈ මතක් කරන්නට උත්සාහ ගන්නවා.

යූ අකුරෙන් නම පටන් ගත්ත පෙම්වතුන් නොසිටීම ගැන.


ඇයි ඇය යූ අකුර තෝරා ගත්තේ??

රුපියල් හැටදහසේ මුදුවේ අකුරක් තිබුනෙ නෑ.අකුරු තිබුනේත් නෑ.සුදුපාට ගල් පේලියක් විතරයි.හැටදහසේ මුදුවේ සුදු රත්තරන් දැවටිලා තිබුනා.ඒරිදී පාට සුදු රත්තරන් වලින් රත්තාරන් වල නියම පැහැය වසාගෙන තිබුනා.


ඇයි ඇය යූ අකුර තෝරා ගත්තේ?

රුපියක් පන්දහක් වගේ ලාබ ගනනකට වෙන මුදු තිබුනෙ නෑ.සාප්පුවේ තිබුන එකම මුදුවෙ යූ අකුරක් කොටලා තිබුනා.ඉතින් ඈ යූ අකුර තෝරා ගත්තා.සරළ හේතු දැක්වීමක්.


ලාච්චුවෙන් එලියට එබුන මුදුව අතට අරගෙන ඈ දකුණු අතේ වෙදැගිල්ලෙ පැලදගත්තා.

අමතක වෙලා තිබුනා වෙදැගිල්ලට මුදුව විශාල වැඩි බව.ආපසු සුපුරුදු පරිදි දකුණු අතේ මැදැගිල්ලේ.

අහම්බයක් සිදු වෙලා තිබුනා.රුපියල් හැට දහසේ මුදුව පැලදුව කෙනාගේ නමේ මුල අකුර ,යූ අකුරත් සමග ගැලපුනා.


දැන් යූ අකුර අලුත් ජීවිතයකට හැඩගැහෙයි.තවත් සැගවිලා ඉන්නට උවමනා නැහැ.

 



 

 


17 comments:

  1. හප්පා මාර සීන් එක නේ...

    ReplyDelete
  2. ලස්සන කථාවක්නේ. නොසිදුවීම් බ්ලොග් එකේ කියැව්වාට පස්සේ මේ වගේ කථාවක් කියැව්වාමයි මං හිතන්නේ. ලස්සනයි සොයුරි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...මට ලැබුන ලොකුම සම්මානයක් ඔය කතාව.මොකද නොසිදුවීම් බ්ලොග් එක ලියපු සමර විජේසින්හ මහත්තයා මම ඉතාමත් කැමති ලේඛකයෙක්:)

      Delete
    2. මට සතුටුයි ඔයා ඒක සම්මානයක් විදිහට පිළිගත්ත එක ගැන. මං හරිම අකමැතියි කෙනෙක්ගේ දෙයක් කියවලා මේක අර කථාව වගේ කියලා කියන්න. මොකද ගොඩක් අය එහෙම කියන්නේ ඒ කෙනාට අගෞරවයක් කරන්න හිතාගෙන. ඒත් මිතුරිය මං ඇත්තටමයි කිව්වේ. ඒ කථා වලින් පස්සේ මෙච්චර හිතට දැනෙන විදිහට ගලාගෙන යන කථා කියවන්න ලැබෙනවා හරිම අඩුයි. සිත් ආර බ්ලොග් එකෙත් බොහොම විට ලස්සනට ලියැවුනු කථා යනවා.

      සමහරවිට මේ කථාව කාන්තාවක් ලියපු නිසා ඒකේ කියැවෙන දේ, සමර මහත්තයා ලිව්වා නං මෙච්චර ලස්සනට ඉස්මතු නොවෙන්නත් ඉඩ තිබුනා.

      Delete
  3. ඒ කියන්නේ දැන් ඉන්න කෙනාගේ නම පටන් ගන්නේ යූ අකුරකින් !!!
    හුරේ...

    ReplyDelete
    Replies
    1. වැරදියි නෙ....දැනටත් හැමදාමත් ඉන්න කෙනාගෙ නම පටන් ගන්නෙ B අකුරෙන්

      Delete
  4. මුද්ද දිපු කෙනා උපාලි වෙන් ඇති....ඒකනේ යූ අකුර දාන් ඇත්තෙ...

    ReplyDelete
    Replies
    1. උපාලි නෙමේ බං ජින්නා. බොටත් ඕන නැති දේවල්මයි අහන්න හිතෙන්නේ:ඩී

      Delete
    2. නම් දෙකම වැරදියි....අනික ඕක මට ලැබුන මුද්දක් ගැන කතාවක් නෙමෙයි.:P

      Delete
  5. කැම්පස් යන කාලෙම අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කරලා...

    ReplyDelete
    Replies
    1. ආයෝජනේ වැඩක් වෙලා නෑනෙ ඒ වුනාට.

      Delete
  6. සමහර අහිංසක හිත් අමාරුවෙන් තමන්ට ලෝකයක් ගොඩ නගා ගන්න හීන දකිනවා. අත්වැල් අල්ලපු අය අතින්ම ඒ හීන බිදිනකොට මොනයම්ම හේතුවක් නිසා හෝ, අහිංසකලා අංගුලිමාලලා වෙනවත් එක්ක. වරද කා අත උනත් අනේ එහෙම නොවෙනවානම් කියලා මට හිතෙනවා. ඒත් හිතෙන හෝ කැමති දේ වෙන එක නෙමේනේ ජීවිතේ. ඒනිසා ඕන දෙයක්.................,

    අපූරුයි දසුනි. ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තේ ආවම අපූරු නිර්මාණයක් දකින්න ලැබුනා. ඉතින් ස්තුතියි කියන්නම් එහෙනම්. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාව ඇත්ත සරත්....ඔයාට හුගක් ස්තුතියි...

      Delete