මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 23, 2012

පාවුලෝ කොයියෝ ; මට ඔබට ආදරේ කරන්නට ඕනෑය...

 

 

මට ඔහුට ආදරේ කරන්නට ඕනෑය...
සෙනෙහෙබර බිරිදක්ව නොව
නිදහස් කරදාසියක් වී...

 

ලියවිල්ලක්ව සුරතින් ලියවෙන්ට ඕනෑය
ඒ හිතේ කවියක් වන්න ඕනෑය
කුරුටු ගෑ පත් ඉරුවක්ව
කුණු කූඩයේ හිදින්නට ඕනෑය...

 

හිතේ ගෙතෙනා කතන්දර කියවන්ට ඕනෑය...
සම්මත අසම්මත කරනට
ඉගන ගන්නට ඕනෑය...
අසම්මත තුල සම්මත දකින්නට
පුරුදු වෙන්නට ඕනෑය...

 

පොදු රියක නැග ගමන් යන
ගමන් මලු තුලට වී හිද;

ඔහු
බලන දේ නොව
හිතෙන දේ දකින්නට ඕනෑය....

 

නොබිදෙන ප්‍රේමයෙන්
ඔහුට පෙම් කරන්නට ඕනෑය...

19 comments:

  1. Replies
    1. මේ මම හුගාක්ම කැමති ගත්කතුවරයෙක්.ඔහුගේ ඉතාමත් සුන්දර කෘති අතර 1 minutes,The alchemist වගෙ පොත් තියෙනවා.ඔහු සම්මතයන්ට විරුද්ධව ලියන සහ හිතන කෙනෙක්.:)

      Delete
  2. මේක ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  3. සම්මතයට විරුද්ධව ලියනවට වඩා, ඔහු අපි හැමදාම දන්න නමුත් හරියට නොවටහා ගන්න සහ පිළිගන්න සූදානම් නැති දේ ගැන නිර්මාණශීලීව හිතල ලියන කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ඔහු සේ සිතන්නට හැකි වන්නට අපි අපේ හිත්වල පුරවා ගෙන සිටින දෘෂ්ටි වලින් තොරව ලෝකය දෙස බලන්න පුරුදු විය යුතුයි. ලෝකය තුළෙ ඇති පොදු ධර්මතා සහ විශ්වයේ ක්‍රමය ඇති හැටියෙන් දැකල ලියන පුද්ගලයෙක් ලෙසයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පාට කණ්නාඩි නොමැතිව ලෝකය දිහා බලපු මිනිසෙක්....මෙහෙමත් දෙයක් තියෙනවා නේද අපි අසම්මතයි කියලා දකින දේවලුත් ඔහු සම්මත කරන්නට උත්සාහ දරනවා නේද?

      Delete
    2. මිනිත්තු 11 තියෙන දේ අපිට අසම්මතයි කියල හිතෙන්නේ අපි හැදිච්ච සමජේදි ඒක අසම්මත විදියට අපි පිළිගන්න නිසා. ඕනෙම චරිතෙක චර්යාවේ තියෙන සම්මත අසම්මත බව එක් එක් සමාජෙට සාපෙක්ෂයි කියලයි මට හිතෙන්නෙ. පාවුලෝ කොයියෝගේ හැම චරිතෙකම හිත වැඩ කරන හැටි සහ ඒ චරිත ලෝකය දිහා බලන විදිය අපිට වඩා හුඟක් වෙනස් කියල තේරිලා නැද්ද? මට හිතෙන්නේ කතාව අපිට සාපෙක්ෂව සම්මත ද අසම්මතද කියල හිතනවට වඩා ඔහු ලෝකය දෙස බලන විදිය තේරුම් ගන්න එක මාර වටිනව. යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය,පියේද්‍රා ගඟ බඩ සිට මම වැළපුනෙමි කියවල තියෙනවද?

      Delete
  4. ජීවිතය අන්තැනක පාවුලෝගෙ නේද. වෙරෝණිකා මැරෙන්න තීරණේ කරයිත් මෙයාගෙද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරියටම හරි...වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි නුත් මම ආසම පොතක්...

      Delete
  5. මිනිත්තු 11 කතාව ඇරුණම පාවුලෝගෙ සිංහලට පරිවර්තනය වුණ හැම කතාවක්ම මම බලල තියෙනවා... මමත් ආසම ලේඛකයෙක්... පාවුලෝගෙත් බ්ලොග් එකක් තියෙනවා.. නිතරම අපූරු අදහස් ඒ බ්ලොග් එකේ ලියවෙනවා... පාවුලෝව Facebook එකතු කර ගත්තොත් නිතරම ඒ ලස්සන අදහස් ‍දකින්න විඳින්න ලැබෙනවා... මේ සිතුවිල්ල බැලුවම අනේ මටත් එහෙමම වෙන්න ඇත්නම් කියල හිතුණා...

    ReplyDelete
    Replies
    1. මිනිත්තු එකොලහත් කියවන්න.ඒ තමයි මම කැමතිම පොත.අදහස් වලට බොහ්ප්ම ස්තුතියි

      Delete
  6. හෙක් හෙක්... මම දනිමි
    ඔබ පසුතැවෙනවා සත්තයි...
    පොත් වලින් මැවූ ලෝකයන් තුල
    ඇත්ත ඔහු නොසිටින බව
    පසක් කල ක්ෂණයකින්

    ReplyDelete
    Replies
    1. ආදරේ ඔහුගේ නිර්මිතයන් තුල ඉන්නා
      ඔහුට මිස
      සැබෑ ඔහුට නොවේ....
      බිරිදක් නොවී
      නිදහස් කඩදාසියක් වන්නේ එබැවිනි...:P

      Delete
    2. ඒත් මා දන්නේ
      ඈතින් සුන්දර බොහෝ උන්
      ළඟට අසුන්දරයි කියා
      ඔය ඉන්න හැටි හොඳයි
      ඇයි හොඳයි පළුදු වෙනවට වඩා

      Delete
  7. පාවුලෝ කොයියෝ අපි දන්නා ජීවිතය අපි නොදන්නා ආකාරයකට කියවෙන්නෙක්

    ReplyDelete
    Replies
    1. අපි නොදකින පැත්ත...:)

      Delete
  8. ලස්සනයි...
    ඔබේ නිර්මාන තුලත් ඔහු සිටිනවදො සිතුනා..
    -නිලු-

    ReplyDelete