අතුගාන මාමා...(පොඩි බබාලට කතන්දර )
නන් කුමාරි හරිම ලස්සන පුන්චි කුමාරිකාවක්.අම්මටයි තාත්තටයි හිටියෙ නන් කුමාරි විතරයි.

කුමාරි හරිම ලස්සනයි.ඒ වගේම ආඩම්බරයි.කුමාරිට විතරක්ම සේවකයො සියයකට වැඩිය හිටියා.
කුමාරි ව උදේට අවදි කරවන්න ,තේ ගෙනත් දෙන්න,කෑම කවන්න ,නාවන්න වෙනෙ වෙනම සේවකයො හිටියා.
ඇත්තටම කුමාරි හරිම ආඩම්බර නිසා මේ සේවකයන්ට සැලකුවේ නෑ.සේවකයන්ගේ නම් වත් දැනගෙන හිටියෙ නෑ.
කුමාරිගෙ අම්මගේ තාත්තගේ වයසෙ අයටත් කුමාරි කතා කලේ වැඩිහිටි අයට කතා කරන විදිහට නෙමෙයි.
නිකන්ම "ඔයා" "මෙයා" වගේ වචන පාවිච්චි කරලා.
කුමාරිට කවුරුවත් මේ ගැන කියලා දුන්නේ නැහැ.කුමාරිගෙ අම්මා රජ බිසවත් හිතුවෙ රාජ කුමාරියෙක් සේවකයන් ගැන එච්චර සලකන්න ඕනෙ නෑ කියලයි.
කුමාරි අවුරුද්දෙන් අවුරුද්ද ලොකු වෙලා ඉස්කෝලෙ යන වයසට ආවා.

කුමාරිට රජවාසලට ගෙනල්ලා උගන්නන්න පුළුවන්කම තිබුනත් රජතුමා කුමාරිව චීනෙ තිබුන හොදම ඉස්කෝලෙට යැව්වා.
නන් කුමාරි ඉස්කෝලෙ මුල් ගුරුතුමාට හරිම බයයි.මුල්ගුරුතුමා ඉගැන්නුවෙ චීන භාෂාව.

කාටවත් දෙවනි වෙන්න තිබුන අකමැත්ත නිසා නන් කුමාරි හොදට ඉගන ගත්තා.හැමදාම පන්තියේ පලවෙනියා වුනා.
ඉස්කෝලෙ අතුගාන්න හිටියෙ කළු ජාතික මාමා කෙනෙක්.හැමදාම කුමාරි ඉස්කෝලෙ එනකොට මේ මාමා කොස්සෙන් කුණු ටික අයින් කරගෙන ,ඔලුව පැත්තකට හරවලා ආදරෙන් හිනා වෙනවා.

සුබ උදෑසනක් නන් කුමාරි කියලත් කියනවා.
කුමාරිට හොදිනම මේ වචන ඇහුනත් ඇහුනෙ නෑ වගේ අහක බලාගෙන යනවා.
එක දවසක මේ කලු මාමා හිටියෙ නෑ.ඊලග දවසෙත් ,ඊට පස්සෙ දවසෙත් ...සතියෙමත් මාමා නෑ.
කුමාරි මේ ගැන හිතුවෙත් නෑ.
වාර අවසානෙ විබාගෙ දවසෙ කුමාරි චීන භාෂාවට ලකුණු සියයක් ගන්න හිතාගෙන විබාගෙට ගියා.
පළවෙනි ප්රශ්නෙ
1.පාසල අතුගාන කළු ජාතික පුද්ගලයාගේ නම?

ප්රශ්නෙට ලකුණු 10යි කියලා ලියලත් තිබුනා.
කුමාරි දන්නෙ නෑ.මතක් කරන්නවත් නිකන්වත් දැනගෙන හිටියෙ නෑ.කුමාරිට චීන භාෂාවට ලකුණු අනූවයි.පන්තියේ දෙවනියා.
හැමදාම පළවෙනියා වුන දුවට මේ පාර ලකුණු අඩුවුනේ මොකද කියලා බලන්න රජතුමා ඉස්කෝලෙට ගියා.
"අපි අපිත් එක්ක ඉන්න හැමෝ ගැනම දැනගන්න ඕනේ.අතුගාන කෙනා ඉතාමත් වැදගත්.එයා නිසයි අපි පිරිසිදුවට ඉන්නෙ.මුල්ගුරුතුමා කියුවා. "
කුමාරි වගේම රජතුමාත් පාඩමක් ඉගන ගත්තා.
එදා ඉදන් කුමාරි හැම සේවකයන්ටම නමත් එක්ක මාමෙ...නැන්දෙ කියලා කතාකරන්න කරන්න පටන් ගත්තා.

(මේ මම පොඩි බබාලට ලියපු පළවෙනි කතන්දරේ.ගුණදොස් කියාවි කියලා හිතනවා.)
බ්ලොග් සතිය
ආදර්ශමත් කතාවක් ලොකු අයටත් ...
ReplyDeleteස්තුතියි රොබින් :)
Deleteඅනේ ෂෝයි කතාව
ReplyDeleteඅපි වගේ පොඩි අයටත් මෙහෙම කතා ලියන එක හොඳයි :)
හිතෙන් වෙන්න ඇති පොඩි...:P
Deleteආදර්ශමත් කතාවක්..මාත් හරි ආසයි අනේ ඔය කුමාරිලගේ කතාවලට..:)
ReplyDeleteගෑනු ළමයි කුමාරි කතන්දර වලට කොහොමත් කැමතියි...ඔයත් කුමාරියෙක් වගේ ලස්සන ඇති
Deleteලස්සනයි බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට
ReplyDeleteඔබටත් බොහොම ස්තුතියි...:)
Deleteපොඩි ලමයින්ට ලියපු පලමු කතන්දරේ ලොකුම ලොකු අපි වගේ අයටත් ආදර්ශමත්....
ReplyDeleteහරිම අපූරුයි.....සුභ පැතුම්.....
බොහොම ස්තුතියි කොමෙන්ට් එකට :)
Delete