මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, April 9, 2014

දිව්‍යමය කතන්දරයක...

වීණා රැහැයියෝ
උඹ වයන්නේ
රතු තොප්පි කාරයා ගැනද?


දේදුන්න රතුපාට
අද විතරමද?


රට සුරුට්ටු
නිල්පාට කණ්නාඩි
බලා හිටියේ එයා
අනන්තය දිහාවද?


අනන්තය නිල්පාටද?


හැරමිටිගෙවෙනකල්
සපත්තු ගෙවෙනකල්
ඇවිදගෙන ඒවිද?


නපුරු මායාකාරයා
පාට හතකින් කවි කියා
මා සගවාන ඉදීවිද?


ඇත්තටම
අනන්තය මොන පාටද?

No comments:

Post a Comment