මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, April 9, 2014

කෝලි වාගේ මායාකාර කොලුවෙක්....

වලාකුලක් බිම දිහාවට පාවෙන
මා එහි ඉන්දවාගෙන
ආයෙමත් ආකහේ පියාඹන....


කෝලි වාගේ ඇස් තියෙන
මායාකාර කොලුවෙක්
රතු වයින් ඇබින්තක් තොලගාන...


මනලෝලී කෙල්ලක්
තරු පොකුරු මාලයක් ගොතන
ගතේ හැගුමන් ඇවිලෙන
සිතේ සමනල් තටු සැලෙන….


අතීතයේ මගහැරුනු ඇතැගිලි
සමහරක් දවස් වල ආයෙමත් හමුවෙන


අන්න ඒ වෙලාවට,
ආකහේ හොදටෝම අඩන්නට සැරසෙන....


ආදරේ හිමකැට වෙලා
වැස්සත් එක්ක බිම වැටෙන....

No comments:

Post a Comment