මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, April 26, 2014

පාරු කවි

අර නදිය අසබඩ ගෙපැල
තෙත් බවින් උණුසුම් පැලක
වෙයි
මලක් යැයි කියාගන්නා අයෙක්...

 

කියුටිකිරා කුසුමකට
කොහොමටත් පුළුවන්ය
පාරු කවි කියන්නට

 

අන්න අර ඇහෙන්නේ
ඒ පින්තාරුවය
තොටියාගේ හද බිතෙහි ඇවිලෙන

 

රතු මල් ඉනකඩට
කිතුල්මල් රෑනකට
සුරුට්ටු සියක් වුව
දවා හලු කරන්නට පුළුවන්ය...

No comments:

Post a Comment