මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, April 9, 2014

සිසිරි සිරි....

මේ නුවර තෙමනා
සිසිරි සිරි සිරි සිරි තාල තියනා
පොලොව මත වැහිමල් හාදු තියනා
කොපුල් තල ඉසියුම්ව සිඹිමින්
මට රහස් කියනා....


පෙම්වතාගේ පපුතුරේ
හමු නොවුනු හැගුමක්
මසිත තෙමනා...


ජීවිතය කවියක්ව
වැහි පොදක දැවටී
සියොලගම සිඹිනා...


පෙම්වතෙක් නැති
ප්‍රේමයක් දැනෙනා...

No comments:

Post a Comment