මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, February 16, 2011

මල් වලට වෙඩි තියන් නෑ.....




ප්‍රතික්ෂේපිත මිනිසෙකුට ආදරය කරන්නට බැරිද...තමන් කැමති කෙනෙකුට....තමන් කැමති විදිහකට...තමන් කැමති පාටකින් ආදරය කරන්නට බැරිද...

ඔව් මම වෙඩි තිබ්බා..වෙඩි තිබ්බා කියල කියනවා... මම නෙමෙයි ඌ කියන්නෙ.මට මතක නෑ.වැදිල හිටියෙ හොදටම.ඌ මට පෙව්ව කියල මම කියන් නෑ.බලෙන් පොවන්න බෑ. ඌ තියුවත් ඌ දැන් කියන්නෙ මම තිබ්බ කියල.මම දන්නෙ නෑ….ඌ කවුරුවත් ඉදිරියෙ සාක්කි දුන්නෙ නෑ.මම ඉස්සරහ මගේ කාමරේදී මතක් කරල දුන්න වෙඩි තිබ්බෙ මම කියල....මම වෙඩි තියල තියෙනව.මිනිස්සුන්ට නෙමෙයි.ඒත් මම වෙඩි තියන්න දන්නව….ඌ ලස්සනට ඒක ඔප්පු කලා.මටත් හිතෙනව වෙඩි තියන්න ඇත්තෙ මම කියල....

කොහොම හරි පැමිණිල්ල මලා. විත්තිය ඉතුරු උනා..විත්තියෙ දෙන්නගෙන් මම චූදිතයා උනා. හරි මම වෙඩි තිබ්බා.වෙන්න ඇති..ඒත් හදුනා ගැනීමෙ පෙරෙට්ටුවෙදි,සල්ලි වලින් වෙස් මූනක් හදල වෙස් බැන්ද.මල මිනිහගෙ ගෑනි ඒ වෙස් මූන නිසා මාව ඇදිරුවෙ නෑ.මම බේරුනා.චූදිතය නිදහස්.ආයෙ රස්සාවත් හම්බ වෙයි.

කහ පාට ගවුම ..කළුතර බෝධිය,මුලින්ම එයාව දැක්කෙ. එදා.අවුරුදු 6යි.මට 8යි.දත් නැති කටින් හිනා වුනා.දත් නැතුවත් ඒ හිනාව ලස්සනයි. මම එයාට Message එකක් යැව්වා. එයා මාව Remove කලා.

මම නිදහස්...

මම විවාහකයි...

ඒත් අර කහපාට හෙන්දිරික්කා මල ඇයි මට ආදරේ කරන් නැත්තෙ....මම මල් වලට වෙඩි තියන් නෑ...

6 comments:

  1. සමනල්ළු මල් වලට වෙඩි තියන්නේ නෑ .

    ReplyDelete
  2. මල් සමනල්ලුන්ට වෙඩි තියනවා...

    ReplyDelete
  3. හරිම ලස්සනයි මෙන්න මේ කෑල්ල "ප්‍රතික්ෂේපිත මිනිසෙකුට ආදරය කරන්නට බැරිද", අමුතුම සිතුවිලි හිතට දැනෙනව ලස්සනයි

    ReplyDelete
  4. මම අක්කට කලිනුත් කියල තියෙනවා , අක්කගේ සිතිවිලි වලින් අක්කව අදුන ගන්න බෑ කියල. අපිට සාමාන්‍යයෙන් කෙනෙක් ව අදුන ගන්න පුලුවන් සිතිවිලිවලින්.. ඒත් අක්කේ ඔයාව නම් හරිම අමාරුයි. පොස්ට් 1 නියමයි. 3 පාරක් කියෙව්වා හරියට තේරුම් යනකම්. හිතන්න ලියන්න. ඔයගේ නිර්මාන ලස්සනයි අක්කේ.

    ජය

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මල්ලි...:)

    ReplyDelete
  6. හැමෝටම....ස්තුතියි...

    ReplyDelete