මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 2, 2012

අනාගත අතීතය....

දුර තවත් ඇති
නෑ කියන්නට බැරි
ඔව් කියන්නට දන්නෙ නැති
කළුවර කාල තව ඇති...

ආලෝක වැස්සෙන් තෙතබරිව
අදුර ගැන තව හිතන
තෝකියෝවේ සකුරා මලක්
හදිසියේ මතක් වී අමතකම වෙන...

අධි සැර විදුලි රැහැන් ඇති
පහන් නිමේ යයි බියවිය යුතු නැති
ආලෝකය;
හරි ඉක්මනින් අදුරු වෙන...

පාට පැන්සල් පෙට්ටියක් ගෙන
කලු පාට මත
පාට පාටින්
පාට කල යුතුව ඇති...

6 comments:

  1. මම වර්තමානය නොවිදින
    අනාගත කළුවරට බය වෙන

    ReplyDelete
  2. අනාගතේ කළුවරක් උනත් දවසක ටිකින් ටික ඒක එළිය වෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමවේයයි හිත හදාගන්නට හිතෙන... :):):)

      Delete
  3. ඇත්තටම කිව්වොත් මට මේක තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයින්ට හැමදේම
      ඉක්මනට තේරෙන්නෙ නෑ
      .... :D:D
      ඒ වුනත් මේ කවියෙන් කියන්නෙ
      අනාගතය ගැන ඕනවට වැඩිය හිතලා
      වදවීමක් ගැන...

      Delete