මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 31, 2012

නවකතාවක් ලියමුද?ඉක්මනින් ජනප්‍රිය වෙන...


මා විසින් කියවන ලද ලිපියක් ඔබ සමග බෙදා ගන්නට සිතුවා. මෙම ලිපිය ලියා තියෙන්නේ  Randy Ingermanson විසින්. ඔහුගේ නවකථා හයක්ම ඉතාවටිනා සම්මානයන්ට පාත්‍ර වෙලා තියෙනවා.සම්මන්ත්‍රන වල ඔහුවිසින් සාකච්චා කරන ලද නවකථා ලිවීමේ ක්‍රමවේදය ඔබට කියන්නටයි මම මේ සූදානම් වෙන්නේ.

ඔහු මෘදුකාන්ග නිර්මාණශිල්පියෙක් විදියට තමන් විසින් පරිගණක මෘදුකාන්ග නිර්මාණයට යොදා ගන්නා ලද ක්‍රමවේදයන් තමයි නවකථා නිර්මානයටත් යොදාගෙන තියෙන්නේ.ඒ ක්‍රමය සාර්ථක වෙලා තියෙන බව ඔහු ලබා ඇති සම්මාන වලින්ම පේනවා.සරළ පියවර දහයකින් මෙය සිදුකල හැකියි.(මම මේ පියවර තාමත් අත්හදා බලා නැති බවත් ලගදීම අත්හදා බලන්නට බලාපොරොත්තු වෙන බවත් කිවයුතුයි)

පියවර 1

පැයක් පමණ ගත කර ඔබේ නවකථාවේ සාරාන්ශය එක වාක්‍යකින් ලියන්න.(මේක අමාරු වැඩක් බව කියන්න දෙයක් නැහැ.හිතේ තියෙන හැමදේම එක වැකියකින්). තත්පර 10කින් සිදුකල හැකි අලවිකරන වැකියක් ලෙස මේ ලියන ලද වැකිය ඔබට ඉදිරි කාලය පුරාම උපකාරී වේවි. පොත් ප්‍රකාශකයන්ට,පොත්සාප්පු වලට ඔබට එක වැකියකින් ඔබේ පොත හදුන්වා දීමට මෙම වැකිය උපකාරීවෙනවා. වඩාත්ම වැදගත්වන ඔබේ පාඨකයන්ටත් ඔබේ පොත එක වැකියකින් හදුන්වා දීමට හැකියි.

මෙම වැකිය ලිවීමේදී පහත කරුණු ගැනත් හිතන්න.

·         කෙටියෙන් ලියන්න ..වචන 15කට අඩුවෙන්

·         චරිතවල නම් බාවිතා කරන්න එපා.(මිනිත්තු එකොලහක කතාවක් කියන එක මරියා කියලා කියනවට වැඩිය හොදයි)

·         Read the one-line blurbs on the New York Times Bestseller list to learn how to do this.

·         එක වාක්‍යකින් නවකථාවක් විස්තර කිරීම කියන්නෙත් කලාවක්

 

පියවර 2

තවත් පැයක් පමණ ගෙන වාක්‍ය එක චේදයක් බවට පත්කරන්න.මම චේදයේ පහත කරුණු අඩන්ගු විය යුතුයි

·         ආරම්බය

·         ප්‍රධාන සිදුවීම්

·         කථාව අවසන් විය යුතු ආකාරය

ඔහු කැමතියි කථාවක් සිදුවීම් තුනකින් සහ සිත් ඇදගන්නා අවසානයකින් යුක්ත වෙනවා නම්.එක සිදුවීමකට පොතෙන් හතරෙන් එකක කොටසක් වෙන් කල යුතුයි.එවිට පොතෙන් හතරෙන් එකක කොටසක් ඉතිරි වෙනවා අවසානය ලියන්නට.

 

පියවර 3

ඔබේ නවකතාවේ චරිත විස්තර කරන්න.නවකතාවේ වැදගත්ම කොටස් කරුවන් වෙන්නේ චරිත.සෑම චරිතයක් සදහාම පැයක කාලයක් ගෙන එක් පිටුවක විස්තර කථනයක් කරන්න.

·         චරිතයේ නම

·         චරිතයේ ස්වබාවය විස්තර කරන්න එක වාක්‍යකින්

·         චරිතයේ අරමුණ

·         චරිතයට තමාගේ අරමුණට යෑමට ඇති බාධකය

·         බාධකය ජය ගැනීමට චරිතය විසින් යොදාගන්නා උපක්‍රම්.ඔහු/ඇය ඉගන ගන්නා දේවල්.

·         ඉහත සියල්ල කැටි කොට එක වාක්‍යක්

වැදගත්:-මේ ඕනෑම අවස්ථාවකදී තමන් පසු කර ආ පියවරවල් නැවතත් වෙනස් කිරීමට ඔබට හැකියාව තියෙනවා.ඇත්තටම එය හොදයි. එය කතාවේ දියුණුවට උපකාරීවෙනවා.එය කොහොමටත් පිටු 400ක රචනයක් වෙනස් කරනවාට වඩා පහසුයි.

පියවර 4

ඔබ සතුව දැන් ඔබේ කතාවේ සාරන්ශයක් තියෙනවා.මේ ඔබ සතුව ඇති චේදයේ සියලු වාක්‍ය එක වාක්‍යක් සදහා එක චේදයක් බැගින් ලියන්න. මේ සදහා උවමනා පමණ වෙලාව ගන්න.අවසානයේ ඔබ සතුව එක පිටුවක සාරන්ශයක් තියේවි.

පියවර 5

දවසක හෝ දෙකක කාලයක් ගෙන එක ප්‍රධාන චරිතයක් සදහා පිටුවක විස්තරයකුත්.සෑම සෙසු චරිතයක් සදහාම පිටු බාගයක විස්තරයකුත් ලියා ගන්න.

මෙම විස්තරයේ අඩන්ගු විය යුත්තේ  සෑම ප්‍රධාන චරිතයක ඇසකින්ම කතාව දකින විදිහ.ඔබට මතක ඇති දෙවොන්දරා සන් කතාව එක විදියකට කියද්දී නොරිකොසන් කතාව තව විදියකට කියුවා. ඒකයි මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා කොටස් දෙකක් විදියට පලවුනේ.

පියවර 6

සතියක කාලයක් ගෙන කථා සාරන්ශයේ එක පිටුව පිටු 4ක් තරමට විශාල කරන්න. මේ සදහා  හතර වන පියවරේදී සාදාගත් සාරාන්ශය බාවිතා කරන්න.

පියවර 7

සියලුම චරිත ඉතාමත් විස්තරාත්මකව විස්තර කරන්න.මෙහි චරිතය පිලිබදව සියලු කරුණු අඩන්ගු විය යුතුයි.උපන්දිනය,චරිත ස්වබාවය,ඉතිහාසය,චරිතයේ උනන්දුව පවතින අන්ශ සහ වඩාත්ම වැදගත් කරුණ ලෙස චරිතය කතාව අවසානයේ වෙනස්විය යුතු ආකාරය. තුන්වන පියවරේ කරන ලද චරිත විස්තර කිරීම තවදුරටත් සවිස්තරාත්මක කිරීමක් තමයි මෙහිදී සිදු වෙන්නේ. නැවතත් 1-6 දක්වා පියවර වෙනස් කිරීමට සමහර විට ඔබට සිදු වේවි.මොකද මේ වෙලාවේදී ඔබේ චරිත සැබෑ චරිත බවට පත්වෙනවා. සියළුම සාර්ථක නවකතාවන් චරිත මත පදනම් වෙන නිසා මේ පියවර ඉතාමත් අවදානයෙන් සහ කැමත්තෙන් ඔබට උවමනා තරම් කාලය අරගෙන සිදු කරන්න.ඉදිරියේදී නාස්තියක් වන්නට සිදු විය හැකි කාලය ඔබට මේ මගින් ඉතිරි කරගත හැකියි.

පියවර 8

තවදුරටත් මෙසේ සිටීමට ඔබට බැහැ.එක්තරා අවස්ථාවක සැබෑ නවකථාව ලියන්නට ඔබට සිදු වෙනවා.ඊට පලමුවෙන් සිදු කල යුතු දේවල් සමූහයක් තියෙනවා.

1.පිටු හතරේ සාරන්ශය ගෙන ඒ සෑම දෙයකටම අවශ්‍ය සියලුම සිදුවීම් නිර්මාණය කරන්න.මුළු කතන්දරයටම අවැසි වන සියලුම සිදුවීම්.මේ සදහා එක්සෙල් පිටුවක් යොදාගත හැකියි.

2.සෑම සිදුවීම ම එක වාක්‍යකින් විස්තර කරන්න.

3.ඒ එක් එක් සිදුවීමය සහබාගී වන චරිත විස්තර කරන්න

4.චරිත යොදාගෙන සිදුවීම විස්තර කරන්න.

5.එක් එක් සිදුවීම සදහා ඔබ කොපමණ පිටු ගනනක් යොදාගන්නවාදැයි ලියන්න

සිදුවීම

සිදුවීම ම එක වාක්‍යකින්

සහබාගී වන චරිත

සිදුවීම විස්තර කරන්න

පිටු ගනන

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පියවර 9

(අනිවාර්ය නැත .කතුවරයා තවදුරටත් මේ පියවර ක්‍රියාත්මක නොකරයි)

කතාව ලියන්නට පටන් ගන්න.ඉතාමත් සරලව.දෙබස් එකතු කරන්න.කතාව තුල ඇතිවන ගැටීම් නිරවුල්ව පහදන්න.

එක පරිච්චේදයක් සදහා එක පිටුවක් හෝ දෙකක් කතුවරයා විසින් ලියා ඇත,සෑම අලුත් පරිච්චේදයක්ම අලුත් පිඋටුවකින් ආරම්බකර ඇත.ඔබට පිටු පනහක පමන පොතක් ලියා ගැනීමට මෙම ක්‍රමය මගින් හැකිවේ,එමගින් අනිත් පරිච්චේද වලට බලපෑමක් නැතිව අදාල පරිච්චේදය පමණක් වෙනස් කිරීමට හැකිවේ.

මතක තියා ගන්න.මෙය කාටවත් පෙන්නන්න එපා.ඔබ සතුව පමණක් තබා ගන්න.සතියකින් පලමු පිටපත ලියා අවසානයි. කොයි තරම්  නම් සතුටුද?

පියවර 10

දැන් ඇත්තම කතාව ලියන්න පටන් ගන්න.මෙහි කතුවරයා දැක තියෙනවා මේ ක්‍රමය මගින් කතාව ලිවීමේ  සීග්‍රතාවය තුන්ගුනයකටත් වැඩිය වැඩිවෙනවා කියලා.ගුණාත්මක අතින් ඉහල නවකතා ලියන්නත් මේ මගින් හැකිවෙනවා කියලා.ඉතින් උත්සාහ කරලා බලන්න.ඔයාලත් ලියන අය හරි ලියන්න උත්සාහ කරන අය හරි නම් මේ මගින් ලොකු උදව්වක් ලැබෙයි...

24 comments:

  1. බොහොම වටිනවා , ඒ වගේම සිත් ඇදගනා සුළුයි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.පරිවර්ථනය කරන්න සෑහෙන වෙලාවක් ගියා .ඉතින් අදහස් දැක්වීම වටිනවා.:)

      Delete
  2. ගොඩක්ම වටින ලිපියක්...ඇත්තටම ලොකු දැනුවත් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...ඇත්තටම:)

      Delete
  3. අපි බලා ගෙන ඉන්නවා ඔයාගෙ මුල්ම කෘතිය එනතුරු....

    ReplyDelete
    Replies
    1. දිරි ගන්වන කමෙන්ට් එකක්...ඉක්මනටම කතාව ලියන්න හිතෙනවා:)

      Delete
  4. ලිවීම කියන දේ භාෂාව විතරක් දැනගත්තට කොරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔය කියන විධියෙ ලොකු නිර්මාණයකදි කතාව කලමනාකරණය සෑහෙන්න වැදගත්. මේ තියෙන්නෙ එහෙම ක්‍රමයක්නේද? මේකෙන් අපි කතාව ගැන ඔහේ හිතාගෙන යනවට වඩා විධිමත් විධියකට හිතන්න අවස්ථාවක් ලැබෙනවා.

    බෝම ස්තූතියි මේක බෙදාගත්තට!

    ReplyDelete
    Replies
    1. ඔව් මේකෙන් කතාව කලමණාකරණය වෙනවා.චරිත කලමනාකරනය වෙනවා.හිතෙන්නන්වාලේ හිතෙනදෙයක් ලියලා අසාර්ථක නිර්මාණයක් කරනවට වැඩිය ඒක වටිනවා.:)

      Delete
  5. උඩ තියෙන කොමන්ට් නම් ඇත්ත වෙන්න ඇති ඒත් මේ විදියට ලියන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නම් පුලුවන් .ඒ විදියට ලියලා බලලා පුලුවන් උනොත් කියන්නම්කෝ:)

      Delete
  6. ඇත්තටම වටින අදහසක්...මේ පුද්ගලයගෙ නම සහ විස්තර මොනවද?

    ReplyDelete
    Replies
    1. නම නම් ලිපියෙම තියෙනවා.ඔහු මුදුකාන්ග නිර්මාණකරුවෙක්.පොත් හයක් ලියලා ඒ හැම පොතකටම සම්මාන ලැබිලා තියෙනවා.ස්තුතියි අදහසට.:)

      Delete
    2. කලු පාටින් තිබුණ නිසා නම දැක්කෙ නෑ.. :)

      Delete
  7. වටිනා පාඩමක්.ඊට වඩා වටිනවා හැමෝම එක්ක බෙදා ගත් එක මේ විදිහට. පෙර සූදනම මේ වගේ නම් හොද නිර්මානයක් බිහිවෙයි ඔයාගෙ අතින්. බලාන ඉන්නවා එතකම්. ජය..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...අපි ලියලබ බලමු නේද...ඔයාලා කියවන්න කැමති විදිහෙ එකක් වුනොත් හොදයි...

      Delete
  8. වටින ලිපියක්... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.:)

      Delete
  9. කෙටි කතාවක් නව කතාවක් නාට්‍යයක් හෝ ඕනෑම නිර්මාණයක් කරද්දී නිර්මාණකරුවා බලාපොරොත්තු වන පණිවිඩයක් තියනවානේ. ඒක තමයි ඔය තනි වාක්‍යකට ගන්නව කියන්නෙ. මම නං හිතන්නෙ බොහෝ නිර්මාණකරුවන් මේ ක්‍රමය පාවිච්චි කරනව ඇති. හැබැයි "එදාවේල" මෙතඩ් එකේ මෙගා නාට්ටි කාරයන්ට නං මේක හරියන්නෙ නෑ. :P

    ReplyDelete
  10. සුපිරි ලිපියක්.......... බොහොම ස්තුතියි සොයුරිය...... :)

    ReplyDelete
  11. ගොඩාක් වටින ලිපියක්.. බොහෝම ස්තූතියි මේ වගේ ලිපියක් පළ කලාට.. :D

    ReplyDelete
  12. Godak watinawa, bohoma sthuthiy me wage deyak liwwa ekata, awasanaye nirmanaya sarthaka ho asarthaka wuwada, yam uthsahayak ganeemata awashya saama karunakma adanguy. palakalata nawathath bohoma sthuthiy, obatath suba anagathayak soyuriya. !!!

    ReplyDelete
  13. Great and an inspiring article.. Thanks a lot for sharing with us!

    ReplyDelete
  14. හුඟක් වටින සටහනක්. පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තූතියි. රන්දිල් අක්කා තමයි පාර කිව්වේ. :)

    ReplyDelete
  15. ගොඩාක් වටිනා ලිපියක්, බොහොම ස්තුතියි!!..

    ReplyDelete