මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, May 29, 2012

ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??

 

මේ මට ලැබුනු විද්‍යුත් ලිපියක්..ඒත් මේ කරුණු දෙකෙන් පලවෙනි දේ ඇත්ත කියලා මට හිතෙනවා.ගැහැනියකට ආදරය කිරීම කියලා කියන්නෙ ඇගේ මතයටත් සවන්දීමයි.ගැහැනියකගෙන් බලෙන් කිසිවක් ලබා ගත නොහැකිවා මෙන්ම ,ඇගේ මතයට ඉඩ දීමෙන් ඔබ පැතූ දේවල් ලබා ගත හැකියි...

ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.
 අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
 රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.

 ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?

 

ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා. පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් ... මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.

 

අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.

 

 ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා, මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරිහම්බ වෙන්න. ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.
මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න. ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි. රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.

 

ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.

 

 ඊට පස්සෙ කසාදෙ කෙරුනා, මන්තර කාරි උත්තරෙත් දුන්නා.
 උත්තරේ උනේ මෙන්නෙ මේක :
 ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම .....
හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.
 ඊලඟට තමයි අමාරුම හරිය.

 

 රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.

 

 සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.

 

ඔයා කවුද ? මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?
සෙනෙවියා ඇහුවා.

බයවෙන්න එපා. ඒ මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ? දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ?
 (මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.
 සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.
 .... දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ....

 

 ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ....
 ටිකක් හිතල බලන්න
 (ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය උත්තරය මොකක් වෙයිද ??
 (ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??

 

 


 සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි.
 හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා

 

ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි කියලා.
 ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.
 ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්න එදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා.

 

 ප.ලි:
 මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා

2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක්  ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

46 comments:

  1. Replies
    1. මම ලියපු දෙයක් නෙමෙයි.ඒ උනත් ස්තුතියි.:)

      Delete
  2. සම්පූර්ණ ඇත්තක් අක්කියෝ. අර ප්‍රශ්නෙට මට හිතුනෙ දවල් කියයි කියලා මොකද අනිත් අයට පේන්න ලස්සනට එක්කරගෙන යන්න ඕනනේ.
    අනේ මන්දා හැම ගැහැනියෙක්ම මේ වගේද කියලා. මාත් කැමතිනෑ කරන්න ඕන විදිය කියනවට. මට ඉඩ දුන්නහම මම ඉබේම ඒ වගේ කරනවා.
    (අක්කියෝ මේක මම මූණුපොතේ දාන්නම්. තා නෑනේ?)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නම් ලස්සනට ඉන්න ඕන රෑට...මන්දා මට හිතුනෙ එහෙම...:)
      දාන්න දාන්න කමන් නෑ...

      Delete
  3. කතාව හරි. හැබැයි පිරිමියාටත් ඒකම තමා ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුලුවන්...හැමෝටම ඕන තමන් අගය කරනවා දකින්න...

      Delete
  4. " 2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා..

    බයත් හිතෙනවා... :)

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ඉතින්...මම කියුවෙ පලවෙනි එක ඇත්ත කියල විතරයි.;)

      Delete
  5. මං රජාගේ කතාවත් මේ වගේමයි... :-)
    මොනවා උතන් ෂෝක් ආ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ෂා එහෙනම් රජතුමාටත් ලස්සන බිසවක් ඉන්නවා ඇති.රජ්ජුරුවන්ට තියෙන සැප සම්පත් අපට කොයින්ද....

      Delete
  6. මේක තමයි ජීවිතයකදි ප්‍රධාන වශයෙන්ම අවශය කාරනය මේක පිරිමියට /ගැහැනියට දෙදෙනාටම අදාලයි ,


    "ඔබ සෑම විටම අන්‍යයන්ට ගරුකරන්න එවිට අන්‍යයන් ඔබට ගරු කරනු ඇත"

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මටත් තේරුන විදියට දෙපාර්ශවයටම අදාලයි තමයි.:)

      Delete
  7. නියම කතාවක්.... ස්තුතියි බෙදා ගත්තට

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි රසවින්දාට...:)

      Delete
  8. අර ප්‍රශ්නේ මට ආවනං දෙකක් නැහැ මංනං කියන්න තිබුනේ දවල්ට ලස්සනට ඉන්න කියලා තමා... (රෑට කොහොමත් එකයිනේ..:D)

    අපූරු කතාව...

    ReplyDelete
    Replies
    1. ඒවගේද උඹට එකදිගට නයිට් ඩියුටි සීරීස් එකක් සෙට්වෙලා දවල්ට ගෙදර ඉන්න උනොත් තියන ආතල්එක!

      Delete
    2. අනේ මන්දා ඒවා තමතමන් කැමති හැටියට...:)

      Delete
    3. ඒවගේද උඹට එකදිගට නයිට් ඩියුටි සීරීස් එකක් සෙට්වෙලා දවල්ට ගෙදර ඉන්න උනොත් තියන ආතල්එක!

      හොක් හොක් හොක්

      Delete
    4. @රාජ්...

      අන්න බලහං මගේ තීරනේ වැරදිද කියලා..?

      @රන්දිකා...

      හා නැද්ද හා?

      @දසුනි...

      මගේ කැමැත්තනං ඔහොම තමා..ඇයි වදේ වැරදිලාවත් අර ගෑණි කිව්ව විදියටම උනානං ඕක කොයි තරං හොඳ තෝරා ගැනීමක්ද..?

      Delete
  9. මාර කථාවක්නේ - උපන්තේකට ඇහුවමයි මේක!
    චැහ් මම වෙන උත්තරයක් හිතාන හිටියේ - සෙනෙවියා රිස්ක් මැනේජ්මන්ට් දෙයියෙක්ද කොහෙද!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් ඔයවගේ උත්තරයක් නම් හිතුවෙම නැහැ:)

      Delete
  10. ගෑනු කෙනෙක් විදිහට, ඒ උත්තරේ තමා ඇත්තටම හරි!
    මම ත් හිතාගත්තේ ඒ උත්තරේම තමා. ඔන්න කොල්ලනේ ඉගෙන ගන්න පාඩම් හිකිස්!
    ගොඩ වෙලාවට කෙල්ලට නීති නොදා ඔහොම තීරණ ගන්න නිදහස දුන්නම, කෙල්ලෝ තමන්ගේ සහකරුවා ට ඕනේ දේම දෙන්න ගන්නවා.

    ටිකිරි

    ReplyDelete
  11. මං මේක කලින් අහලා තියෙනවා
    ඇත්තටම කැමති තීරණයක් ගන්න කාන්තාවන්ටම ඉඩ දෙන්න ඕනා

    ReplyDelete
    Replies
    1. මම හිතුවා හුගක් අය අහලා තියෙන්නෙ නැතුව ඇති කියලා

      Delete
  12. මාත් හිතල බලල උත්තර දෙන් ඕනි ...එතකොට මටත් ලාස්සන කුමාරිකාවක් ලැබෙයි...

    ReplyDelete
    Replies
    1. කුමාරිකාවට කැමති විදියට ඉන්න දුන්නොත් කුමාරිකාව එන්න එන්නම ලස්සන වෙයි:D

      Delete
  13. අක්කිත් ඒ වගේ මන්තරකාරියෙක්ද ? :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ගෑනු අය මන්තර කාරියො නම්
      මමත් ගැහැනු කෙනෙක් නම්
      ඉතින් මමත් මන්තර කාරියෙක් වෙන්න ඕනනෙ...;)

      Delete
  14. මමත් හිතුවේ ඇත්තටම වෙන උත්තරයක් ..එත් යට තිබුනේ හරිම උත්තරේ තමයි.. ඇත්තටම එක තමයි ඔනේ..සතෙක් උනත් කැමත්තක් නැනේ කුඩවකට වෙලා ඉන්න ..ඉතින් මිනිස්සුන් වෙච්චි අපි කොහොමද නීති ගොඩක ඉන්නේ..මට නම් අවංකවම බැහැ..

    ReplyDelete
    Replies
    1. ඒත් ඇත්තම කතාව නම් හුගක් ගෑනු අයට ඉන්න වෙලා තියෙන්නෙ එහෙම තමයි:(

      Delete
  15. මගෙ තිබ්බ ගෙදර ප්‍රශ්ණ මෙක බලලා තෙරුම් ගත්ත, තැන්ක්z නංගි

    ReplyDelete
  16. මාත් අපේ උන්දැට කියන්නෙ 'ඔයාට ඕන එකක් කරන්න' කියල තමයි. ඒ වුණාට මේකිට හැමවෙලේම මගේ මතය දැනගන්න ඕන! මගේ මතේ ඒක තමයි කියල කිව්වට පිළිගන්නෙ නෑනේ... හැබැයි උන්දැනං මායාකාරියක්. එහෙමත් වෙලාවට ලස්සන කෙල්ලෙකුත් වෙනවා ;-)

    ReplyDelete
    Replies
    1. එහෙමම කියලා බෑනෙ.එයාට ඔයාගෙ අදහසුත් දැන ගන්න ඕන ඇති.:P

      Delete
  17. මමනම් කවදටත් කාවවත් පාලනය කරන්න යන්නේ නෑ. ඒත් යහපත් හා ආදර්ශමත්ව ජීවත්වීම අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය. හැබැයි එතන කිසිම බල කිරීමක් නෑ.නොගැලපෙනවයි කියලා හිතෙනවා නම් ඇසුරෙන් ඈත්වෙනවා. ජය..!

    ReplyDelete
    Replies
    1. ආදර්ශමත්ව ජීවත් වෙන එක ගැහැනු පිරිමි බේදයකින් තොරව සිද්ධ වෙන්න ඕන කියලයි මම නම් දකින්නෙ.:)

      Delete
  18. මගෙන් තියෙනවා තව ප්‍රශ්නයක්!
    අපේ කැමැත්තට අපිට ඕනවිදිහට බලෙන් හැඩගස්සගන්න බිරිඳක් මොකටද?

    ReplyDelete
    Replies
    1. තමන්ට ගැලපෙන කෙනා තමන් විසින් තෝර ගන්න ඕනෙ.කෙනෙක් තමන්ට පාලනය කරන්න පුලුවන් බිරිදකට කැමති වෙද්දි තව කෙනෙක් තමන්ව පාලනය කරන බිරිදකට කැමති වෙන්න පුලුවන්...ඒත් මනුස්සයෙක්ව වෙනස් කරන්න කලින් මතක තියාගන්න ඕන එතන තවදුරටත් ඉන්නෙ කලින් හිටපු ස්වබාවික මනුස්සයා නොවෙන බව....:)

      Delete
  19. මේ කතාව මම දැක්කෙ මූණු පොතේ. ආයිමත් කියවලා රසවින්දා.
    පූසා හරි පූසො ඒත් ගොඩක් අයට ඕක තේරෙන්නෙ නෑ නෙ?

    ReplyDelete
  20. ආයෙමත් කියෙව්වට ස්තුතියි.හැබැයි පූසො ගැන නම් මම වැඩිය දන්නෙ නෑ.:P

    ReplyDelete
  21. ඔයා කෙල්ලෙක්නේ , එහෙම කියනවා ඇති , නිදහස තමයි වටින්නේ කියල ඕනෙම දෙකදී ,
    ඔවු අපි හැමෝටම එහෙමයි ,
    එත් , ඔය ආදරේ කරන්නවා නම් ඔයා තවත් ඇත්තටම හිතලා බලන්න ඕනේ ඔයා ආදරේ කරන කෙනා හැම දේකදිම, හා , කියල ඔයා කරන දේවල් කිසිම විවේචනයක් නොකර ඉන්නවාට ඔයා කැමතිද කියල ,
    මානසික මට්ටම අතින් බැලුවම ස්ත්‍රිය , පුරුෂයාට වඩා දුර්වල මට්ටමකයි පැවතෙන්නේ ,
    ඒ කරනේදී ස්ත්‍රිය වඩාත්ම කැමති වෙන්නේ පුරුෂයාගේ තීරණය අගය කිරීමටයි,
    Human Manipulation කියන විෂයේදී මේ කාරනා සියල්ල සාකච්චාවට භාජනය වෙලා තමයි තවත් පුද්ගලයෙක්ගේ වෙනසක් සිදු කරන්නේ , එකෙදිද්ත් ගැහැණු ළමයෙක වඩාත්ම කැමති එයාගේ ආදරේ කරන කෙනාගේ සුළු හරි නීතියකට යටත් වෙලා ඉන්න , එහෙම නොකර ඉන්න කෙනෙක්ගේ සාර්ථක සම්බන්දයක් තියන්නේ නැහැ කාලයක් පුරාවට <
    කොමෙන්ට් ඒක පොස්ට් එකක් කරන්න බැරි නිසා නවතින්නම් ,
    එත් දකින දේට ඔබ්බෙන් දකින අය ඉන්නවා , එත් සැම විටම ඒ ඔබ්බෙන් තියෙන්නේ සත්‍ය නෙමේ කියල වටහා ගන්න පුළුවන් වෙන්නේ සුළුතරයකට පමණයි ,

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මෙහෙම අහනවට,මානසික මට්ටම අතින් ස්ත්‍රිය පුරුෂයාට වඩා අඩු මට්ටමක ඉන්නවා කියලා කියන්නෙ කොහොමද?මොන සාධක මතද කියලා.මුලු පවුලේම බර තමන් තනියම දරන කාන්තාවන් මම දන්නවා..ඔවුන්ගේ මානසික ශක්තිය පිරිමින්ට වඩා වැඩියි.මානසික ශක්තිය ස්ත්‍රී පුරුෂ බව මත නෙමෙයි තමන් මතයි රදා පවතින්නේ.ඒ කියන්නේ පුද්ගලයා මත.අනික මම නම් නිදහස 100%ක්ම අගයනවා.මම කැමති නෑ මාව පාලනය කරනවට.මම හිතනවා අනිත් හැම ගැහැනියක්මත්,පිරිමියෙක්මත් එහෙමයි කියලා.:)

      Delete
  22. මම නම් කවදාවත් කිසිම කෙනකුට(ගැහැනු/පිරිමි) නිතී රිතී දාන්න කැමති නැහැ,මොකද මට නම් නිදහස තරම් උතුම් දෙයක් තවත් නැහැ... ගැහැනු අයටත් එ අයගෙ නිදහස උපරිමයෙන් බුක්ති විඳින්න දෙන්න ඔනේ...එ වගෙම පිරිමින්ටත් තමන්ගෙ නිදහස එවිදියටම දෙන්න ඔනේ......

    ReplyDelete
  23. අනිවාර්යෙන් කතාව ඇත්ත

    ReplyDelete