මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, July 18, 2012

සමන්මලී (පොඩිත්තන්ට කතන්දර-2)

 

 

ඉස්සර කාලෙ අහසෙන් පොලොවට ඉනිමගක් තිබුනා.ඉනිමගෙන් අහසෙ ඉදලා පොලවට බහින්නත්,පොලවෙ ඉදලා අහසට නගින්නත් පුලුවන්කම තිබුනා.තරු ඉද හිටලා පොලවට බැස්සා.මල් ඉනිමග දිගේ අහසට ගිහින් සමහර රෑ කාලවල පොලව දිහා බලාගෙන දිලිසුනා.ඒ මල් ඒ මල් අතිකාල වැඩ කල දවස්..තරු පොලවට බැහැලා සමන්පිච්ච මල් වෙලා සුවද දුන්නා...

 

සමන්මලී  ජීවත් වුනේ පුන්චි පැල්පතක.සමන්මලී ගෙ ඇත්ත නම දිනිති වුනාට ගමේ හැමෝම දිනිතිට කතා කලේ සමන්මලී කියලා.සමන්මලී ගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ.සමන්මලී ජීවත් වුනේ ආත්තම්මත් එක්ක.ආත්තම්මා කවදාවත් කියුවෙ නැහැ සමන්මලී ට අම්මයි තාත්තයි නැත්තෙ ඇයි කියලා.


සමන්මලී ගෙ ආත්තම්මා හරිම වයසයි.ආත්තම්මා ලග සල්ලි තිබුනෙ නැහැ සමන්මලී ව ඉස්කෝලෙ යවන්න තරම්.සමන්මලී හිතුවා ආත්තම්මාට උදව් කරන ගමන් ඉස්කෝලෙ යන ක්‍රමයක්.


සමන්මලී ගෙ පුන්චි පැල්පත ලග පාරෙ සමන්පිච්ච මල් වැල් හුගාක් හැදිලා තිබුනා.සමන්මලී හිතුවා මේ මල්වැල් වලින් මල් කඩලා මල් මාලා හදලා විකුණන්න.ඒත් ප්‍රශ්නයක් .කවුද රෑට මල් ගන්නෙ.සමන්මලී මල් වැල් හදලා පාර අයිනෙ තියලා විකුනනවා දැකපු හුගක් නැන්දලා මාමලා සමන්මලී ගෙ මල් වැල් ගත්තා.ගෙවල් වල ගිහින් බුදු සාදුට පූජ කලා.අමහර නැන්දලා මල් වැල් කොන්ඩෙත් ඇමිණුවා.


සමන්මලී ටත් ආත්තම්මාටත් කෑම ගන්න තරම් සල්ලි ලැබුනත් සමන්මලී ට ඉස්කෝලෙ යන්න තරම් මේ සල්ලි මදි වුනා.


සමන්මලී  මල් වැල් හදලා විකුණන කතාව කටින් කට ගිහින් රටේ රජතුමාගෙ කනටත් ගියා.රජතුමා හිතුවා මේ පුන්චි දරුවට උදව් කරන්න ඕනෙ කියලා.රජතුමා පොරොන්දු වුනා සමන්මලී ගෙ මල් වැල් වලින් දවසෙ ලස්සනම මල්වැල් පහ රජමාලිගාවට ගන්න.සමන්මලී ට සෑහෙන්න ලොකු සල්ලියකුත් මේ මල් වෙනුවෙන් ලැබුනා.


දැන් සමන්මලී උදේට ඉස්කෝලෙ යනවා.හවසට සමන්පිච්ච මල් පිපුනාම මල් නෙලලා මාල ගොතනවා .හරියටම රෑ අටට රාජපුරුෂයෙක් එනවා  ලස්සනම මාල පහ රජමාලිගාවට ගෙනියන්න.සල්ලිත් ගොඩක් දෙනවා.


හැබැයි සමන්මලී පුන්චි හොර වැඩක් කරනවා.සමන්මලී හුගාක්ම ලස්සනයි කියලා හිතෙන මල් මාලෙ හoගලා තියාගන්නවා.රාජ පුරුෂයා එන්න කලින්.....සමන්මලී හරි හොදයි.ඉතින් මේ හොර වැඩක් නෙමෙයි.මේ ලස්සනම මල් මාලෙ සමන්මලී බුදු සාධුට පූජා කරනවා.


සමන් මලී හැමදාම හවසට බුදු සාධුට මල් පූජා කරනවා දැකලා බුදු සාධු හීන් හිනාවක් පානවා.සමන්මලීට තේරුනේ නැති වුනාට සමන්මලීට බුදු සාදු ආශිර්වාද කරනවා.


එක දවසක් හරිම පුදුමයක් සිද්ධ වුනා .මල් වැල් ගොතන්න බිම ඉද ගත්තු සමන්මලී දැක්කා මල් වට්ටියේ සමහර මල් දිලිසෙනවා.හරියටම කියනවා නම් අහසෙ තියෙන තරු වගේ.නිවි නිවී දිලිසෙනවා.


සමන්මලී ඒ එක මලක් අතට ගත්තා.ඇත්තමයි තරුවක්මයි කියලා සමන්මලීට හිතුනා.ඉදිකටුව අමුනපු නූල දිගේ දිලිසෙන මලත් පහලට ගියා.අනිත් හැම සමන්පිච්ච මලක් වගේම.


සමන්මලී මේ දිලිසෙන මල් වලින් විතරක්ම මල් වැලක් ගෙතුවා.හොරාට හoග ගත්තා බුදුසාධුට පූජා කරන්න.රාජපුරුෂයා පුරුදු වෙලාවටම ආවා.මේ දිලිසෙන මල් තියෙන මාලෙ තිබුනු දිස්නෙ නිසා රාජපුරුෂයා මේ මල් මාලෙ දැක්කා.


"පොඩි කෙල්ලෙක් වෙලත් කරන හොර වැඩ..මම රජතුමාට පැමිණිලි කරනවා."රාජපුරුෂයා සැර කරලා කියුවා.


සමන්මලී ඇඩුවත් වැඩක් වුනේ නෑ.රාජපුරුෂයා ආපිට ගියා රජතුමාට පැමිණිලි කරන්න.


රජතුමා හරි සැරයි.දිනිති හිතුවා රජතුමා තමන්ව මරා දාවි කියලා.දිනිති අත්තම්මාට තුරුලු වෙලා හොදටම ඇඩුවා.


රජවාසලෙන් දිනිතිටයි අත්තම්මාටයි කැදවීමක් ලැබුනා.රජතුමාගේ මුහුන හිතුවට වඩා කරුණාවන්තයි කියලා සමන්මලීට හිතුනා.

 

"ඇත්තද මේ කතාව"රජතුමා සැරෙන් වගේ ඇහුවා.

"එසේය රජතුමනි....අපිට සමාවෙන්න"සමන්මලී වෙනුවට උත්තර දුන්නෙ අත්තම්මා...


"ඇයි මේ දුවට කතා කරන්න බැරිද?"රජතුමා ඇහුවෙ හිනාවකුත් තොල් අතරෙ රදවගෙන..

"සමාවෙන්න මට මම හිතුවා ලස්සනම මාලෙ විකුණන්න හොද නෑ කියලා.හොදම දේවල් හැම වෙලාවෙම බුදුසාදුට දෙන්න ඕනෙ."ඇස්වල කදුළු පුරෝගෙන සමන්මලී කියුවා.

"මේ දරුවා හුගක් හොදයි.සල්ලි වලින්ම හැම දේම මනින්න බෑ කියලා අපි ,ලොකු අයටත් ඉගැන්නුවා.පුන්චි දරුවො ලග වටිනාකම් තාමත් තියෙනවා..."රජතුමා කියුවා.


සමන්මලීට හිතාගන්නවත් බෑ.රජතුමා තමන්ට සමාව දීලා බව.


"තව දෙයක්...සමන්මලීට ඉගන ඉවර වෙනකල් රජවාසලේම ඉන්න පුලුවන්.මම සමන්මලීට ඉගන ගන්න උදව් කරනවා.ආත්තම්මටත් පුලුවන් ඇවිත් නතර වෙන්න."රජතුමා කියුවා.

එදා ඉදලා ආත්තම්මාත් සමන්මලීත් සැපෙන් සතුටෙන් රජමාලිගාවෙ ජීවත් වුනා.සමන්මලී හොදට ඉගනගෙන ලොකු නෝනා කෙනෙකුත් වුනා.

 

ඉතින් පුන්චි දුවේ පුතේ,ඔයාලත් ඉගන ගන්න සල්ලි වලින්ම හැම දේම තක්සේරු කරන්න එපා.හොද ගුණ ධර්ම පරද්දන්න සල්ලි කොල වලට ඉඩ දෙන්න එපා.

14 comments:

  1. අගේ ඇති කතාව... ළමා කතා බලන්න ඒ හැටි උනන්දුවක් නැති මහ ළමෙක් වෙච්ච මටත් හිතට අල්ලුවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි....සතුටුයි:):)

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මේ පැත්ත බලලා අනිත් පැත්ත බලන්න නෑ දසුනි කතාවක් දාලා. මේ දවස් වල ඔෆිස් එකේ නිවාඩුද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...හිත ඇත්නම් පත කුඩාද කියුවලු

      Delete
  4. ලස්සන කතා පොඩ්ඩ.. :)
    හරි අසාවෙන් කියෙවුවා.
    නරකද පුන්චි ළමයින්ට පුන්චි කතා පොතක් ලිවොත්... ?
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....:)ඒත් ප්‍රකාශකයෙකුත් හොයාඅන්න ඕනනෙ නේද?

      Delete
    2. හ්ම්ම්ම්ම්... :)
      -නිලූ-

      Delete
  5. lassa kathawak akki.......

    ReplyDelete
  6. Replies
    1. ස්තුතියි....බොහොම ...ඔයා අලුත් කෙනෙක් නේද?

      Delete
  7. ෂෝයි අක්කි..:)

    ReplyDelete