පහන තිබුනේ කබඩ් එක ඇතුලේය.කබඩ් එක තිබුනේ කුස්සියේ සිට සාලයට ඇවිද යන පැසේජයේය.පිත්තල පහන අම්මාගේ පිරිසිදු කමේ බලමහිමයෙන් පිත්තල පාටටම දිලිහි දිලිහී තිබුනේය. මට හිතුනේ ඔය පහන ඇතුලේ බූතයෙක් ඉන්නටම පුලුවන් කියාය.ඇලඩින්ගේ පුදුම පහන කතාවද ,ඊට හුගක් මෑතකදී බලපු සිoහල කතාවකද පහන ඇතුලේ බූතයන් සිටියෝය.කොහොමටත් බූතයෙක් ඉන්නවානම් හොදය.එතකොට මට උඩින් යන කාපට් එකක්ද හිතූ පැතූ දේද ලැබෙන්නට පුලුවන.
මම
රස්සාවට නොයා ගෙදර ඉන්නටත් මම කැමති පඩියක් මට ලබාදෙන්නටත් බූතයා කැමති කරවා ගමි.එවිට මට ගෙදර ඉද කතන්දර ලිවිය හැක.උයා පිහා ස්වාමිපුරුෂයාට කන්න දිය හැක.යහපත් බිරිදක් විය හැක.කැමති කැමති වේදිකා නාට්‍ය නරඹන
අතර කතන්දර පොත් කියවිය හැක.
ගැබ්
නොගෙන ලස්සන දුවෙක් ලබා ගත හැක.
මේ
සියල්ලම නිසා මමපහන ඇතුලේ ඉන්නා බූතයාට කැමති වුනෙමි.
මගේ
අනික් හැම කතාවකටම වගේම මේ කතාවටද “ ඔයාට හොදටම පිස්සු” කියා සැමියා සිනාවුනේය.
මම
තරහින් ඔරවා බැලුවෙමි.
අම්මා
පිහදාන අතර පහන ඕනෑ තරම් පිරිමැදෙන නමුත්පහන පිරිමදින්නට අම්මා නොදන්නවා වන්නට හැක.ඇරත් අම්මා ලගට එන්නට බූතයොත් බය වෙන්නටත් පුලුවන.අම්මා බූතයාටත් දවසට දෙපාරක් ගේ අතුගාන්නට යැයි කීයන්නට බැරි නැත. මම දන්නා තරමින් බූතයෝ ගේ අතුගාන්නට කැමති නැත.ඒ නිසා අම්මා හමුවෙන්නට එන්නට බූතයා කම්මැලිත් ඇත.
අම්මා
කබඩ් එකට යතුර නොදා තිබුන ඉතාමත් අහඹු වෙලාවක මම පහන අතට ගත්තෙමි.කෝකටත් කියා අම්මාට පිහිදාන්නට අමතක වෙන පහනේ යට කොටස සෙමින් පිරිමැද්දෙමි.අම්මා එන්න පෙර පහන කබඩ් එකට දාන්නටත් ඕනෑය.
හිටි
හැටියේ පහනට තිර දමන තැනින් ලාදම් පාට දුමක් දමන්නට විය.
“අම්මෝ උගේ කැත….”
හරියට
හරිය බූතයෙක් ඉන්නවාය.ප්‍රශ්නෙකට තියෙන්නේ උගේ මූන අම්මාගේ දුරකථනය ලග දවල්ට නිදියන කහපාට ගස් ගෙම්බාගේ වගේමය .
මම
ඒ ගස් ගෙම්බාට කැමතිම නැත කැමැත්ත පිලිබද කාරනාව කෙසේ වුවත් මම ගස්ගෙම්බන්ට බයය.
"හා
...නoගී..."
ගෙඹි
බූතයා කතා කරන්නේ හරියට බජාර් එකේ අයියා කෙනෙක් වගේමය.මට ඔය ගැන්සි පාට් පෙන්නන්නට බැරි නිසා වගේම වැරදිලාවත් උඩින් යන කාපට් එකක් මූලග තියෙන්නටත් හැකි නිසා කතා කිරීමට තීරණය කලෙමි.
"මොකෝ
ඔච්චර කැත?"
"ඕකනෙ
රෝන්ග් ටෝක්ස් දෙන්න එපා හරිය ...(මූ අනිවාර්යෙන් මාතර පැත්තේ එකෙකි ).අපිත් මෙහෙම හිටියට සිරාකොල්ලො."
"හරි
හරි අයියෙ දැන් ඔයාට මෙහෙම වුනේ මොකද?"මම සත්වකරුණාවක්(බූත කරුනාවක් වෙන්නටත් පුලුවන ).පෙන්වා ඇසුවෙමි.
"ඔන්න
ඔහොම එන්නකො නන්ගී...මම ඉස්සෙල්ලම ගෙම්බෙක් වුනෙ කුමාරියෙක් ගෙ සාපෙ වැදිලා.ඒකිට මට හරියට කිස් එකක් දී ගන්න බැරි වුනා කියලා ඒකි කියුවා අපෝ අර කතන්දර පොතේ ගෙඹි කුමාරයාට ඔයිට වඩා හොදට කිස් කරන්න පුලුවන් ඇති කියලා."
"ඉතින්"(කතාව නම් මට හරිම් ඉන්ටරෙස්ටින්ය ).
"ඉතින්
මට වෙන්න පුලුවන් ලස්සනම ගෙම්බා වෙලා ටෙලිෆෝන් එක ලග හිටියෙ වෙලාවක නoගිට
කියලා කිස් එකක් ගන්න.කොහෙද ඉතින් ඔයා මාව නිකන් දැක්කත් කෑගහන එකේ කිස් එකක් ඉල්ලුවොත් මොනවා වෙයිද කියලා මම වෙලාව එනකල් බලාගෙන හිටියා..."
වෙලාවට
ඉල්ලුවෙ නැත්තෙ.නැත්නම් මාව ඉස්පිරිතාලෙටත් ඇතුල් කරන්නට වෙනවා ඇත.
"ඉතින්
ලගදි දවසක මම ටෙලිෆෝන් එක ලගට වෙලා නිදාගෙන ඉන්න කොට නන්ගි කෑගැහුවනෙ මේ මොන බූතයෙක්ද කියලා.එදා මම මැරිලා සාපෙ තවත් බලවත් වෙලා බූතයෙක් වෙලා ඉපදුනා"
"ඉතින්
දැන් මොනවද මගෙන් වෙන්න ඕන?”මම ඇහුවෙ සැකෙන්.
"
නoගී හිතුවද
දැන් නoගී පොර කියලා.තමුන්ට මගෙන් ඕන මොනවද කියන්නකෝ?"
"මට
උඩින් යන කාපට් එකක් ඕනෙ....රස්සාවක් නැතුව පඩි ඕනෙ....අලුතෙන් පලවෙන ඔක්කොම පොත් කියවන්න ඕනෙ...තව...මේ ඒක නෙමෙයි ඔය ඔක්කොම දෙන්න පුලුවන්ද?"
"පුලුවන්
.ඔක්කොම .හැබැයි මම අහන ප්‍රශ්න දෙකට උත්තර දෙන්න ඕන..."
"සිම්පල්නෙ"මම කියුවෙ කැමැත්තෙන්.කොහොමත් මම දෙපිට කැපෙන උත්තර දෙන්න දස්සයි...
"කොන්දේසි
තියෙනවා.ඔව් හෝ නෑ කියලා උත්තර දෙන්න ඕනෙ.දෙකටම ඔව් කියන්නත් බෑ දෙකටම නෑ කියන්නත් බෑ.හැබැයි පොරොන්දු කඩන්නත් බෑ.කැඩුවොත් බූතයෙක් වෙනවා"
මම
ටිකක් බය වුනා.හැබැයි "හා" කියුවා.
ප්‍රශ්න වටේ පටන් ගත්තා.
1.ඔයා
මාව බදිනවද?
2.කලින්
කියුවෙ බොරු නේද?
ඔන්න ඔහේ දැන් ඉන්න සැමියව ඩිවෝස් කරල දාන්ඩ ;-)
ReplyDeleteබූතයත් එක්ක විවාහෙ රෙජිස්ටර් කරලා නැති නිසා බහු විවාහ චෝදනාව එන්නෙ නෑ.
Deleteමම නම් බදිනවා..
ReplyDeleteකවුද බූතයද?:P
Deleteලස්සනට තියේවි නේද,එහෙම උනොත්..?
Deleteගිලින්නත් බැරි වමාරන්නත් බැරි ප්‍රශ්න දෙකක් අහල තියෙන්නෙ.
ReplyDeleteඒක නේන්නම් කියන්නෙ...මමත් ඉතින් මෝඩ වුනානෙ...
Deleteමේ ගෙම්බා මනුස්සයෙක්ටත් වඩා හපන් ගෙම්බෙක්නේ :D
ReplyDeleteඒකනෙ කියන්නෙ.... කොහොමත් බූතයො ෂුවර් කරන්න අමාරුයි:P
Deleteහපොයි..අර ආස කරන දේවල් දෙන්නනං බූතයෙක්ම ඕන වෙයි....
ReplyDeleteගෑනු ළමයින්ගෙ ආසාවල් ඉතින් ඔහොම තමයි. :)
Deleteකෝම උත්තර දෙන්නද ඉතින් අර ප්‍රශ්ණ වලට..
ReplyDeleteඒකනෙ ඉතින් එයා අන්තිමට බූත බිරිද වෙලා තියෙන්නෙ:P
Deleteහෆ්ෆා.. කටට ගෙම්බො පැන්නා වගේ.. දෙන්නකො උත්තර.. :D :D
ReplyDeleteහ්ම්ම්...හ්ම්ම්...
Deleteගෙම්බාව බැන්දොත් දැන් ලැබෙන හැමදේම දෙන්න පුලුවන් වෙයිද ගෙම්බට?
ReplyDeleteදන්නෙ නෑ...ඒක ඉතින් ගෙම්බගෙනම අහලා බලන්න ඕනෙ...
Deleteබුතයව දැන් ඉතින් බදින්නම වෙයි මදැයි කොලා........
ReplyDeleteබැදලනෙ ඉන්නෙ .ඒකනෙ මේකට බූත බිරිදගේ අතීත කතාව කියන්නෙ.:p
Deleteමේකේ අකුරු සූටි වැඩියි අනේ......... කම්මැලිනේ කියවන්න...... :(
ReplyDeleteහැම කතාවකම ඉන්න බූතය පුරුෂ ලිංග වෙලා තියෙන්නෙ කොහොමද? ගෑනූ බුතියෝ නැද්ද?
ReplyDelete