මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, July 4, 2012

බත් නොදෙමි

1.

මම නම් බත් නොදෙමි
නාදුනන කෙස් ගස් වලට
වලලු දැමු අත් තිබෙති...

 

2.

හිත ඇතුලෙ කතන්දර
හිරවෙලා
හරි බරය...
වැස්සකට අහු වෙච්ච
පුළුන් රොද
තෙතබරිය....


 

3.

පන්තියේ දොර පියන්
හැරෙන තෙක්
ගැසුනු හද
තාමත් එහෙමමය...

12 comments:

  1. ලස්සනයි! :)

    ReplyDelete
  2. ෆේස්බුක් කවි :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්...:)

      Delete
  3. මොකක්ද මේ?
    තේරුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. මේ කවි තමයි ඉතින්....කවි තුනක් මම ලියපු.මැදින් පින්තූර දැම්මෙ සමහර කවි මුල් කවි වලට ලියපු පිලිතුරු කවු නිසා මුල් කවිය කියව ගන්න....හරිනෙ???:)

      Delete
  4. පහල කවි දෙකම අවුලක් නෑ කියමුකෝ. ඒත් උඩම එක මට ග්‍රීක් වගේ. බැරිද පොඩ්ඩක් උදවු කොරන්න. ජය...!

    ReplyDelete
    Replies
    1. උඩම තියෙන්නෙ රසිකා ගුනවර්ධන ලියපු මේ කවියට පිලිතුරු කවියක්...

      නාඳුනන
      කෙස් ගසකි
      කබා කර මත.
      හෙට උදෙත්
      බත් බඳිමි
      පුරුදු වූ ලෙස.
      දැන් තේරුනාදෝ???

      Delete
    2. අම්ම ගහයි..! ලොකුම ලොකු කතන්දරයක් නොවැ ඒක ඇතුලේ හැංගිලා තිබිලා තියෙන්නේ. බලන්න කියවල නොතේරුනු දේ අහල දැනගත් එක කොච්චර වටිනවද කියලා. ස්තුතියි ආයෙත් වතාවක් ඔබට. ජය...!

      Delete
    3. යමින් ගමන් ආයේ වතාවක් කියෙවුවා කවිය උඩම තියන. නපුරුයිද මන්දා ගෑණු ළමයි මතුපිටින් බලලා විතරක්ම තීරණ ගන්න හදන.D:

      Delete
  5. කවි මඩුවක් නොවැ එහෙං පිටින්ම ...

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නන් කියන්නෙ...:P

      Delete