මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, July 6, 2012

අමතක...




මම රූo ගාලා යනවා.මෙන්න මෙහෙම ....පොඩි එකා අත්දෙක දෙපැත්තට විහිදුවලා අන්ශක 65ක් විතර වම් පැත්තට නැමිලා කියුවා.

 

කියුවා විතරක් නෙමෙයි ගිහිල්ලත් පෙන්නුවා.

 

කොල්ලෙක් තව කොල්ලෙකුට මෙහෙම කියලා අහස් යාත්‍රාවක් වුනා නම් එතන තියෙන්නෙ ආඩම්බරකාර බැල්මක්.ඒත් පුන්චි උනත් කොල්ලෙක් කෙල්ලෙකුට මෙහෙම කියනකොට.ඒ කෙල්ල ඇස් උඩතියන් කටත් ඇරන් බලන් ඉන්නකොට තියෙන්න."මට පුළුවන් උනොත් ඔයාවත් එක්ක යනවා"වගේ බැල්මක්....

පුන්චි කොල්ලගේ මූනේ තිබුනෙත් අන්න ඒවගේ බැල්මක්....

 

කෙල්ල බලාගෙන හිටියා විතරක් නෙමෙයි අහස්යාත්‍රාවක් වෙන්නත් උත්සාහ කලා.

 

ඔයාගෙ කකුල කූඩැල්ලෙක් කාලා නෑනෙ.කෙල්ල කියුවා.

 

"අපෝ තියෙනවා...මම කුඩැල්ලට පයින් ගහලා පැන්නුවා මෙන්න මෙහෙම..."

 

කොල්ලගෙ තියෙන්නෙ ඔක්කොම රගපෑම්.

 

"කූඩැල්ලො කෑවම සැරයි..."කොල්ලා තමන්ගෙ චන්ඩි පාට් එක පෙන්නුවා.

 

ගෑනු ළමයා පිරිමි ළමයට මිදිලා යන්න දුන්නෙම නැහැ.කොල්ලා අඩිය තියන හැම පැත්තටම අඩිය තියුවා.

අම්මලා දෙන්නම මලගෙදරක ඇතුලෙ දුවන්න හොද නෑ..කෑ ගහන්න හොද නෑ කියලා හදිසියෙම ළමයින්ට  කියලා දෙන්න උත්සාහ කලා.

 

ළමයි දෙන්නම තේරුම් ගත්ත පාටක් පෙනුනෙ නැහැ.

 

කලින්ටත් වැඩියෙන් හයියෙන් කෑ ගහන්නත් දුවන්නත් පටන් ගත්තා.

 

බේර ගන්න බැරිම තැන එක අම්මා කෙනෙක් කොලු පැටියට කතා කලා ඇග සෝදන්න යන්න.

"ඔයා ඇග සෝදන්නෙ නැද්ද ?"කොල්ලා කෙල්ල ගෙන් ඇහුවා.

 

කොල්ලා වෙන්වීමේ දුකෙන් කෙල්ල අඩ අඩ හිටියා.නෑ ... වැරදියි.එහෙම කතාව ඉවර වෙන්නෙ නෑ.

 

කෙල්ල කලින් වගේම උද්යෝගෙන් දුව පැන ඇවිද්දා.හැබැයි අර මූනෙ තිබුන හිනාව නැතුව.

 

හොර ගල් අහුල අහුල හිටපු පොඩි කොල්ලෙක් කෙල්ලට කිට්ටු වෙන්න හැදුවා.කෙල්ල නෙමෙයි සතපහකට ගනන් ගත්තෙ.

 

කොල්ලා ඇග සෝදගෙන ආවට පස්සෙ කෙල්ල ලගට ගියේ නැහැ.

 

කෙල්ලට බලාපොරොත්තුවෙ ඇස් තිබුනට කොල්ලා ඒක දැක්කෙ නෑ...

 

පාoශුකූලෙ ඉවර උනා.

 

අම්මලා දෙන්නා ළමයි දෙන්නව අරගෙන ගෙදර ගියා.

 

ළමයි දෙන්නටම දන්නෙ නැති,දැනිලා නැති දුකක් දැනුනා.

 

පිරිමි ළමයා පස්සෙ කාලෙක"ප්‍රථම ප්‍රේමය"කියලා කතාවක් ලියුවා.ඒ කතාවෙ මේ චරිත දෙක හිටියා.

ගැහැනු ළමයා මුකුත් හිතුවෙ නැහැ.එයාට ඒක එහෙමම අමතක උනා.

12 comments:

  1. පිරිමි ළමයගේ මතක ශක්තිය හොදයි වගේ නේද..? D;


    පරන කතාවක් තියනවා පෝය හදවල් හත අටක් ගෙවෙනකොට ගෑණු දරුවෝ ලොකු මහත් වෙනවා කියලා. ඉතින් වේගයෙන් බාහිරව පරිවර්ථනයකට ලක්වෙන එයාලාගේ මනසත් ඒ විදිහටම වෙනස් වෙනවද කියලා ඔයාලම තමයි දන්නේ. හැබැයි මගේ පර්යේශණ වල පොරොතිපල වලට අනුවනම්, එයාලට කිසිම දෙයක් අමතක නෑ හැබැයි එයාලා අමතකයි වගේ ඉන්නව D; නැත්නම් එහෙම ඉන්න උත්සාහ කරනවා. සමහර විට වාසියට වෙන්නැති නේ. ජය..!

    ReplyDelete
    Replies
    1. ඕවා නම් ඉතින් අනේ මන්දා...:P

      Delete
  2. එක චුට්ටං ආදර කතාවක්... ඇත්තටම එහෙම ආදර කතා එහෙම්ම අමතක වෙලා යනවානේ.. :'(

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් මට නම් හුගක් දේවල්තාම මතකයි....

      Delete
  3. මාත් ඔය වගේ කතා කීයක්‌ ලිව්වද :(
    :D

    ReplyDelete
    Replies
    1. කොල්ලො ඉතින් ඔහොම තමයි...කතා නම් කීයක් කියලද???:P

      Delete
  4. අතීත මතක වලින් හිත පිරුනා :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ප්‍රේම කතන්දර හුගක්...:)

      Delete
  5. ලස්සන කෙටි කතාවක් නොවැ

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි රොබින්...

      Delete