මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 10, 2012

පලමු හාදුව....


"ටොක් ටොක් ටොක්....ටක...ටක..ටක"


සුවනි ඇදිරුවා ඒ ප්‍රනීත් බව.සමහර සද්ද හිත පසාරුකරගෙන හදවත ඇතුලටම තට්ටු කරනවා.අචේතනික වස්තුවකට තට්ටු කරනකොට රිදුනෙ නැති වුනාට සචේතනික වස්තුවකට තට්ටු කරනකොට රිදෙනවා.හදවත සිරුරේ ප්‍රධානම අවයවය නොවුනට හිතතියෙන්නෙ හදවත ඇතුලෙයි කියලයි කලාකාරයො කියන්නෙ... .විද්‍යා දැනුමැති අය ඔය කියමන බොරුවක් විදිහට දකිනවා.කොහොම උනත් සුවනිගේ හිරිවැටීම ආරම්බ වුනේ හදවතින්.

 

සුවනිට ගේට්ටුව අරින්න බය හිතුනා.ඒත් ප්‍රනීත් නොනවත්වාම ගේට්ටුව හැඩවීමෙන් සිදුවන අවමානය.හැමගෙදරකටම හැම තාප්පයකටම ඇස් ,කන් වලට අමතරව නාස්පුඩුත් පිහිටා තියෙන බව සුවනි දන්නවා.සමහර වෙලාවට ප්‍රනීත් ගෙ සුවදත් අල්ලපු ගෙදර තාප්පය වීසින් හදුනාගත හැකිව තිබුනා. 

 

සමහර නාස් වලට හෙම්බිරිස්සව හැදෙන්නෙ නෑ වගේම බලු නාසා  තරමට පුරුදු පුහුණු කර තිබෙනවා.අල්ලපු ගෙදර තාප්පය සතුව බලු නාසයක්.


සුවනි හෙමින් ගේට්ටුව ලගට ගියා..ප්‍රනීත් විමසිලිමත් ඇස් සහ  රෝද දෙකක් සහිතව.ඉන්ධන රහිතව දුවන.

 

...........................................................


"මම කියුවනෙ කතා කරන්න එපා කියලා..."

"මට ඔයාව නැතුව බෑ..."

"මොන වදයක්ද....තමුසෙ බොරුකාරයෙක්..."

"මම ආවෙ මගේ ෆොටෝ ඉල්ලන් යන්න..."


"ඉන්න..ගේන්නම්...".....


.....................................................

ප්‍රනීත් විවර වුන ඉදිරිපස දොරෙන් ඇතුලතට අඩියක් තබාගෙන...

"අහ් ..අරගන්න"

ප්‍රනීත්ට අසුරු සැනක මොහොතක් වැය නොවුන අත් බදවටා පටලා ගැනීම සහ දෙතොල්  දෙතොලින් පිරිමැදීම.


හයියෙන් වහින්න පටන් ගත්තා.විනාඩි දෙකක කාලපරාසයකින් එක්ව තිබූ තොල්පට දෙක වෙන්වුනා.සුවනිගේ ගැහෙන දෙතොල රෝසවර්ණයෙන් රක්ත වර්ණයට

 


"තමුසෙ නරකයි"..

එක වචනයක් දාමරිකව සහ අනෙක් වචනය සුරතල්ව...

නොගැලපීම් සහිතව...

................


........................................................

අවුරුදු තිහක මතක ඇති පොත් ලියන්නියක්ව...චරිතාපදානයකට කරුණු රැස් කරන්නෙක් ලග...

"පලමු හාදුව ගැන මතකය අවදි කලොත්?"

"බය සහ දන්තාලේප"

"සමාවෙන්න තේරුනේ නැහැ..."

"එයා මම හිතන්නෙ දත් මැදපු ගමන්ම..."

...........................................................................


7 comments:

  1. හාදූව...
    ගැහැණු ළමයි මෙල්ල කරන ආයුධය.....:)

    ReplyDelete
    Replies
    1. හරිම වැරදි කියමනක් සම්පත්...:-/

      Delete
    2. බොහෝවිට නිවැරදියි මගේ නිගමනයට අනුව නම්...හැබැයි බැරැරුම් අවස්ථාවලදි නොවෙයි..

      Delete
  2. බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...

      Delete
  3. කෝ හොදම හරිය නෑනේ ?

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් කියනවට වඩා හිතින් හිතාගත්තාම ලස්සනයි...:P

      Delete