එකවර දෙතැනක රගපාමි.
මම එකවරම දෙතැනක හිදිමි.ඒ බව දනිමි.
ට්‍රික්සි ඩිඩ් යූ ෆිනිශ් මේක් අප්?
ලොක්කාගේ කටහඩ ඇසෙයි.මම දැනට හිදිනා තැන් දෙකේදීම සාර්ථකත්වය රදා පවතින්නේ මූන පාට කරනා ප්‍රමාණය මතය.පාට නොකල මූනු බලන්නට තැන්දෙකේදීම මාව බලනා අය කැමති නැත.
තැන්දෙකේදී මට ඇත්තේ නම් දෙකකි.එක තැනකදි ජනප්‍රියත්වය ලැබෙන අතර තව තැනකදී ප්‍රසිද්ධිය ලැබෙයි.මට ඔය කෝකත් එකය.දෙතැනදීම සල්ලි ලැබෙයි.
මම තැන් දෙකේදීම රගපාමි.
දෙතැන රගපෑම සිදුවන්නේ දෙවිදියකටය.නමුත් දෙකම රගපෑමය.එක තැනක රගපෑම රූප පෙට්ටියේ පෙන්වයි.දවසකට ලියුම් දහස් ගනනක් ලැබෙන්නට වැඩ සලස්වයි.ලේ වලින් අකුරු ලියවන්නට තරම් සමහර වෙලාවල මම හැකියාවන්ගෙන් ආඩ්‍ය වෙමි.
පත්තරකාරයන් මා ගැන හරියට උනන්දුය.මට පත්තර පිටු ගනන් ලියවෙයි.ඒ සියල්ලම කපා ලොකු පිටු තියෙන පොතක අලවමි.
"අපේ පවුල කඩන්න කාටවත් බෑ"පත්තර කාරයන්ගේ මූණටම කියමි.ඇත්තය.සැමියාට කන්නට අදින්නට දෙන්නේ මමය.ඉතින් පවුල කඩන්නට බැරිය.
එක තැනක පඩිය දවසටම පන්දහකි.අනිත් තැන පැයට පහලොස්දහසකි.
මම වතුර වෙමි.බදුනට අනුව හැඩ ගැසෙමි.
එක රැකියාවකින් ජීවත්වන්නට අද කාලේ බැරිය.හැමෝම අතිකාල වැඩ කරති.මමත් අතිකාල රැකියාවක් කරමි.මිනිසුන් ඒ ගැන ප්‍රශ්න අසන්නේ ඇයි දැයි මට සිතාගන්නට බැරිය.
මට ආදරවන්තයෝ සිටියහ.පෙම්වතුන් සිටියහ.සැමියන් සිටියහ.ආශක්ත පිරිමින් සිටියහ.
ගැහැනියකට මේ සැම ලබන්නට පින නැත.ඒත් මට ඒ පින ඇත.
මිනිස්සු ඒ ගැන ඉරිසියාය.
ඕනෑම ගැහැනියකට ඕනෑම ඉනිමගක් නගින්නට "කසාද බැදලාද"යන පැනයට පිලිතුර දෙන්නට ඕනෑය.
ඔව් උනත් හොදය....
නෑ උනත් හොදය ...
ඒ හොද දෙයාකාරය.
මම හොද දෙකෙන්ම පල නෙලා ඇත්තෙමි.
අත් දුරකථනය ඇමතුමක් ඇති බව කියයි...
"හලෝ"
"හලෝ මිස්...අද ඕෆ් කීයටද?මිස් නැති අතරෙ වර්ක් කරන්නෙ ඩමියනෙ.ඩමිය අද කලින් ඕෆ්..තර්ටි තවුසන්ඩ් විතර පාඩුයි.මිස්ට"
"ඕකේ...අයි විල් කම්"
*
ReplyDeleteතරු....
Deleteමන් හිතන්නෙ ඔබෙ කතාවෙ වස්තුබිජය මන් කියෙවුවා..
ReplyDeleteලස්සනයි,
තවත් එක සමාජ සන්සිද්දියක් අපුරුවට ගලපලා ඔබ නොකි සමජය කියූ කතාවක් සගවලා..
-නිලූ-
බොහොම ස්තුතියි ඔබට හැමදාමත් වගේම...:)
Deleteඅනේ මන්ද අක්කි..ඔයා ලියන විදිහ නම්..වැඩක් නැහැ කියල..ඔයාට ගොඩක් අත්දැකීම් ඇති ජිවිතේ..ඒ වගේම ජිවිතේ ගොඩක් තේරුම්ගත්ත කෙනෙක් කියල දැනෙනවා මට..මම මෙහෙම දරුණුවට අවෝඩ් එකක් දෙන්නේ හරි අඩුවෙන්..ඇත්තමයි මේ බ්ලොග් එක කියවනකොට මට ඔයාව සම්බන්ධ කරගෙන යාලුවෙක් කරගන්න හිතුනා කිවොත් ඒක බොරුවක් නෙවෙයි.දිගටම ලියන්න.ඔබට ජය!:)
ReplyDeleteබොහොම ස්තුතියි නoගි....හ්ම්ම්..තේරුම් අරගෙන නම් තියෙනවා ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා...ඒත් මමත් සමහර වෙලාවල හරිම බොලදයි.හුගක් වෙලාවල අධි ස්oවේදියි.හැබැයි ඔයා කියපු කතාව නිසා මම දැන් හදට ඉනිමගක් තියලා හදට නැගලා.මේ හද මාමා දීපු කිරිපැණි කන ගමන්...තව දෙයක්...ඔයාගෙ යාලුවෙක් වෙන්න ඉතින් මමත් කැමතියි...
Delete:) :) මෙහෙම ලියන ඔයා හඳේ නගින්න යන්නේ නැහැ කියල දන්නවා මං.. :) :)
Deletehmm...hmm...:)
ReplyDeleteඇත්තට ම ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteහඳටම ගිහින්නෙ..ඒ නිසා මොනවත් කියන්නෙ නෑ..
ReplyDelete(ගෙදර මැෂින් දෙකක් තියනවද..කතන්දර වලටයි කවි වලටයි වෙන වෙනම ):D
ඔව් ඔව්....අධි සoවේදිතාව කියන තෙල් දාලා වැඩ කරන මැෂින් දෙකක් තියෙනවා.
Delete:P
මට කතාව එච්චරටම මීටර් උනේ නෑ. ආයෙම කියවලා බලන්ඩ වෙයි වගේ.
ReplyDeleteආයෙ කියවලා බලන්නකෝ...තේරුම කියලා දුන්නම වැඩක් නෑ වගේ:)
Deleteයකඩ ගැහැනියක්. රටට ලෝකෙට බය නැතිව තමන් තෝර ගත්ත මාවතේ යනවා එයා. මම දැකපු එකම දුර්වල කම එයාගේ තමන් නිවැරදි බව දක්වන්න සාම්ප්‍රදායික හේතු දැක්වීමම විතරයි.
ReplyDeleteප/ලි මේ වගේ අදහස් එන්නෙත් ටිකක් ආඩම්බරේට හිතන උදවියට විතරයි.
හි හී...බොහොම ස්තුතියි....මිනිස්සු එකිනෙකාගෙන් ස්වාධීනයි...අපි ඒ ස්වාධීනත්වට ඉඩ දිය යුතුයි...
Delete