මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, July 12, 2012

පොඩි ලේනි




ලේන කුලයේ

යුවතියක්...

 

පෙම්වතා හැරගියයි

රිදුන හිත

තද කරන්....

 

කම්බි වැටකට

ගෙල සිරකරන්

මිය ගොසින්...

 

අවසාන වතාවට,


තද කහපාට
අඹ පලුව
අතදරන්,


අත්තෙන් අත්තට පැනපු
පොඩි එකී
අතුරුදන්.... 

 

සොයා දෙන්නැයි පුවත
පත්තරේ කලුසුදුව
මුද්‍රිතව තවම ඇත
තේ බීපු මේසෙ උඩ....

 

 

4 comments:

  1. අපරාදේ.. තවත් එක ජීවිතයක්.....!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඒත් ලේනිට එහෙම හිතිලා නෑ...:)

      Delete
  2. ලස්සනයි යාලු..:)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි යාලු...

      Delete