මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, July 14, 2012

නාදලු තොල්....

 

 

සරසවිය මල් පාරක් රහිත වූවකි.පාර පුරා මල් ඉසින්නට මල් ගස් තිබුනේ නැත.ඉදහිට මග අවාරෙට සිටගෙන සිටි නාගසක් නාමල් පුබුදුවා තිබිනි.මල් තියෙනවා යයි කියන්නට ඒ ඇතිය.නා ගස සතුව සදාකල් හිත තුල සගවාන සිටි දුකක් තිබිණි.ඒ නා දලු පාට තොල් ඇති යුවතියන් නැති බවය.නා ගස් සෙවනෙහි පෙම් කරන්නට නැවතුනු යුවල එකින් එක නාගස පරීක්ෂණයට බදුන් කලද නාදළු පාට තොල් ඇති ලදක් සොයාගත නොහැකි විය.

"මේ ගහේ කොල මූණට එනවා..."පෙම්වතියන් මුමුනනු ඇසේ.ඒ නාගස මුහුණටම එබෙමින් දෙතොල් පරීක්ෂා කරන අයුරුය.

ලතා දේශන සදහා එන්නේ අන්තිම මොහොතේය.කොහොමටත් මහාචාර්යතුමා ඇවිදින් පැය බාගෙකට පමණ පසුවය.ලතා යනු ලතාගේ සැබෑ නම නොවන අතර සැබෑනම බහුතරයකට අමතකය.නැලවිල්ලේ පැද්දෙමින් සරසවිය සිපගන්නා ලතාගේ දෙපා හදිස්සියකට වත් ඉක්මන් නොවේ.ඇගේ ලෙලෙනා නිතඹ මත ඇලවුනු නෙත් ඈ පසුපසින් දේශන ශාලාව තෙක් දිවෙයි.

ලතාගේ දෙතොල් නාදළු වලට යන්තමින් සමකරන්නට හැකි යැයි නාගස සිතූමුත්.හරියටම ගැලපෙන්නේ නැතැයි යලිත් සිතුවේය.ලා රෝස සුදුමැලි පාටක් ස්වබාව ධර්මයා විසින් ඇගේ දෙතොල මත අලවා තිබින.බොහෝ සරසවි යුවතියන් මෙන් ඒ උඩින් පාට තවරන්නට ලතා සිතුවේ නැත.

.....

ලතාට ඉහල බැච් එකේ අයියලා දුන් නමය ලතා.

"ලතා....ලතා...ලතා.."සින්දුවක තාලයට මුමුණනු ලතාට ඇසුනේ වරක් දෙවරක් නොවේ.

සරසවියේ සුලලිත පෙම ගැන ලියවුනු කතන්දර ඇගේ සිතේ මල් නොපිපුවා නොවේ.නමුත් නෑසූකන්ව නොදැකූ ඇස්ව සිටින්නට ඇය පුරුදු වූයේ සිය සිත තුල අම්මා පිලිබදව වූ දුක නිසාය.

තමන්ට උගන්වන්නට ඇය නොවිදිනා දුක් වින්දාය.උදේ පාන්දර චීත්තයක් හැට්ටයක් ඇද තේ දළු නෙලන්නට යන ඇය.ආපසු එන්නේ සවස් ජාමයේය.වතු දෙකක පමණ දිනකට දළු කැඩීමට ඇය පුරුදුව සිටියේ තමන්ටත් අක්කාටත් හරිහමන් විදියට උගන්වන්නට බව ලතා දැන සිටියාය.අරුමය කියන්නේ නාගස මේ බව දැන නොසිටීමය.නාගස දන්නේ රෝසපාට තොල් ගැන පමණය.යුවතියගේ සිත් සතන් තුල ඇති දුක නාගස නොදැන සිටියා මෙන්ම දැනගන්නට උවමනාවක් තිබුනේද නැත.

ලතා කල එලියකට නොඇන්දාය.කන පාට ඇදුම් නිසා ඇයව කැපී පෙනුනේ නැත.සරසවිය යනු ඉගන ගන්නටම පමණක් පැමිනෙන තැනක් නොවේ.මේ බව පසක් කල යුවතියන් විවිධ වර්ණ හැඩතල සිරුරට ගලපා ඇන්දෝය.ඔවුන්ගේ කැපීපෙනෙන සිරුරේ හැඩතල පිරිමි නෙත් ආකර්ෂනය කලෝය.නාගසේ නෙත් හැර.නාගස තවමත් රෝසපැහැ දෙතොලක් ගැන වදවෙමින් සිටියේය.

......

"සති අන්තෙ ගෙදර යන්නෙ නැද්ද?"

"අම්මා මොනවද කරන්නෙ?"

"තාත්තා මොනවද කරන්නෙ?"

"ඔයාගෙ ගම කොහෙද?"

මේ වචන ගැහැනියක් තවත් ගැහැනියකගෙන් අසන්නේ නම් ඒ කම්මැලිකම ගෙවාගන්නටය.එහෙත් පිරිමියෙක් සහ ගැහැනියක් අතර සන්නිවේදනය වන මෙම වචන සමහර විටක අනාගත කාලීන පෙමකට ඉගි ගෙනෙයි.ඉදින් ලතා සමග මේ වචන දෙඩූ අයත් සිටියහ.ඒත් ලතා දුන් උත්තර ඔවුන් උත්තේජනය කල දෑනොවුනි.ප්‍රේමයේ බිජු වපුල තැන් වලම වියලුනි.

ලතාගේ අධ්‍යාපන කටයුතු හැකි තරම් හොදින් කරන්නට ඇය වෙහෙසුනාය.දිවා රෑ නොබලා උගත්තාය.ඇයටද සිහින හා අරමුණු තිබින.ඒවා ඒතරම් දුර ගිය දෑ නොවුනි.පළමු පන්තියේ සම්මානයක් මෙන් ඉතා සරල ,ලගින්ම පෙනෙන දෙයක් ගැන ඈ සිහින මැව්වාය.

.....

නිතින්දර බණ්ඩාර ලෙහෙසියෙන් උසස් සාමාර්ථ ලබා නොදෙයි.ඔහුට ඇවැසිම උත්තරය ලබා දුන්නොත් පමණක්ය ඔහු ලකුණු ලබා දෙන්නේ.ඇත්තටම නම් එය අපහසු කාරියකි.අනිත් අයගේ සිත් කියවීම.නිතින්දර මහාචාර්යතුමා අනෙක් ඇදුරන් මෙන් සවස පහට සේවය හමාර නොකරන බව සිසුහු දැන සිටියෝය.උවමනා ඕනෑම වෙලාවක ඔහුගෙන් ප්‍රශ්න විචාරීමටත් පිලිතුරු ලබාගැනීමටත් හැකියාව තිබිණ.  රාත්‍රී කුප්පි අතරෙහි මතුවන ප්‍රශ්න වලටද ඔහු පිලිතුරු බැන්දේ කැමත්තෙනි.

 

එහෙත් ළමුන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබාදෙන්නට උත්සාහ ගන්නා මෙවැනි ඇදුරන් විබාග වලදී බාවිතා කරන්නේ ඉතාමත් තද ක්‍රියාමාර්ගය.නිතින්දර බණ්ඩාර වැටුනේද ඒ ගණයටය.ඔහුගේ විෂයයට 'බී'සාමාර්තයක් ගන්නේද ඉතාමත් දක්ෂයෙකි.
 

හතර වන වසර නිබන්ධනය සදහා "කාන්තාව සහ ගෝලීයකරනය" මාතෘකාව තෝරාගත්තේ ලතා විසිනි.බණ්ඩාර සර් ගේ කැමැත්ත සහිතවය.නිබන්ධනය සදහා බාරකාර ඇදුරු වශයෙන් නිතින්දරව තෝරාගත්තේ ලතා පමණකි.හේතුව 'නොදනී'.නොදනී යනු,මේ සදහා ලතා විසිස්න් නිතින්දර ඇදුරුව තෝරාගැනීමට හේතුව කතාකරුමෙන්ම ලතාද නිශ්චිතව නොදන්නා බවය.හේතු නොදන්නා තීරණ අප හැමෝම ජීවිතේ මොනයම් අවධියක හෝ ගෙන ඇත්තෙමු.

..................

"ඔය අත්දැකීම ලබන්න නම් ඇත්තටම වැලිකඩ යන්න ඕනෙ.හිරකාරියෝ ලග උවමනා තරමට කතන්දර තියෙනවා."නිතින්දර මෙසේ කීවේ ලතා විසින් අසන ලද පැණයකටය.

"සර් මේ ගැන ගණිකා වෘත්තියේ යෙදුන කෙනෙක්ගෙන්ම අහන්න ඕනේ..."ඒ ලතා ගේ පැනය විය.

අම්මා නම් කියන්නේ 'වේස ගෑණු කියාය.'කිසිපදනමක් නැති නමක් බව ලතාට සිතින."එහෙනම් උඹ කිරිදීලා නලවපන්"ඒ බව අම්මාට කියුවානම් පිළිතුර වනු ඇත්තේ මෙයය...

නාගස ඇත්තටම ගණිකාවන් ගැන නොදැන සිටියා වන්නට හැක.නීත්‍යානුකූල ගණිකාවන් සරසවි බිමට නොපැමිනි බැවින.නමුත් වාසිතකා සිසුන් දෙතුන්දෙනාට පෙම්වතියන් වුන සිසුවියන් නොසිටියේ නොවේ.නාගසට රැකියාව වැදගත් නැත.තොල් නාදළු වලට සම නම් ඇවැසි වන්නේ එපමණය.

 

"මම හෙට ඇපොයින්මන්ට් එකක් ගත්තා.යමු.මාත් එක්ක වාහනේ යන්න ඇහැකි."

සර් තනියම යන්න මම බස් ඒකේ එන්නම් යැයි කියන්නට දිව නොනැමුණි.

ලතා සිය ජීවිතයේ මෝටර් රථයකින් ගමන් යන පස්වන අවස්ථාවය මේ...

.........

 

කහපාට දෙදණ තෙක් දිග ගවුමට ලතාගේ ඇගේ හැඩතල මොනවට කැපී පෙණින.ගවුම පුරාවට දුඹුරු පැහැ පුන්චි මල් ඉහිරී තිබිණ.නිතින්දර සර්ගේ වයස අද නම් පොඩ්ඩක් වත් පේන්නේ නැතැයි ලතා සිතුවාය.කලු කොටු කමිසයට ගැලපෙන්නට කලිසම ඇද තිබිණ.

 

වැලිකඩ සිට ආපිට පැමිණෙන අතර වාහනය නැවැත්වූයේ කහපාට මල් ගසක් යටය...

"අපි මොනව හරි බීලා යන්...."

"ලග කඩයක් නෑනෙ සර්..."
 

"කඩයක් තියෙන්නම ඕනෙ නෑ මොනවා හරි බොන්න..."

සර් වාහනෙන් බැස දුවගෙන එනවාත් තමන්ව කිටිකිටියේ සිරකොට සිපගන්නවාත්  ලතාට යන්තමින් මතකය.ඉන් පසුව මතක තමන් නිහඩවම පසුපස අසුනේ ඉදගෙන උන්බවය.තමන් උදිරිපස අසුනෙන් පසුපස අසුනට ගියේ කෙලෙස දැයි ඇයට අමතකය...

"මට නම් හිත හදා ගන්න පුළුවන් ඔයාට පුළුවන්ද කියලයි මට බය"...නිතින්දරගේ වචනය...

 

"කොහොමත් ඉතින් ඔයාට ෆස්ට් ක්ලාස් එකක් ලැබෙනවා.....ඔයාගේ තොල් හරි සිනිදුයි කෙල්ලෙ.ඒ මදිවට රෝස පාට... ඕන කොල්ලෙක් පිස්සු හැදෙනවා"

කොල්ලෙක්...නිතින්දර සර්......?????

...........

වාහනෙන් බැස ලතා සරසවි පාරේ දිවගියේ අසිහියෙන් මෙනි.බොහෝ දුරක් දිව ආපසු හති හලන්නට නැවතුනේ ඉබේමය.නාගස මුලය.නාගස කේඩෑරි වී ඇතැයි ලතාට සිතුනි."අනේ මට සමාවෙන්න අම්මේ..."ලතා ඉකිගසා හැඩුවාය.

නාගස හදිසියේ නින්දෙන් ඇහැ ඇරී  ලතා දෙස බැලුවේය.කෙල්ලගේ තොල් නාදලු වල පාටටම සමය.හදිසියේ සුදුමැලි දෙතොල් නාදු පැහැයම වූයේ කෙසේද?

හේතුව නොවැදගත්ය.නාදලු දෙතොල් හිමි කෙල්ලෙක් සිටී..සරසවිය තුලම.

නාගසේ හදිසියේ මල් පිපී ලතාව වසාගති.

.........................

 

 


18 comments:

  1. අගෙයි... අපූරු රටාවකට ලියැවෙන කතා වගේම..බ්ලොග් එකක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට :)

      Delete
  2. ganu ape Nodanimada... ?
    lapati nadalu podi karanne aye minissu hithak papuwak nathi widiyata..
    anthimata ahanne hitha hadaganna puluwan weida?
    eth aye hithanna bari podi karata passe kawadaath hadaganna ba kiyla..
    Ganu apita waradinna yanne punchima punchi welawak..
    me kathawa athule kiyawena oba noki kathawa onama ganu kenekta podui..
    sanwedie lassana kathawak..
    - Nilu-

    ReplyDelete
    Replies
    1. බොහොම ඇත්ත.නිලූ ඔයා බ්ලොග් එකක් ලියන්නෙ නැද්ද??

      Delete
  3. නාගසට එපාවෙන දවසකුත් ඒවි රෝසපාට තොල් දිහා විතරක් බලන් ඉඳලා..

    ගොඩක් ලස්සනයි කතාව දසුනි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.ඒත් අනේ මන්දා මම කැමතියි නාගහට එහෙම එපා වෙන්නෙ නැත්නම්...

      Delete
  4. ලස්සනයි ඇත්තටම ඔයා ලියන විදිහ යාළු..මාරයාට එකඟයි!

    ReplyDelete
    Replies
    1. අනේ හුගක් ස්තුතියි.මමත් මාරයාගේ බ්ලොග් පෝස්ටුව කියෙව්වා.මටත් ඇත්තටම සතුටුයි....:)

      Delete
  5. හොදයි

    ReplyDelete
    Replies
    1. හුගාක් ස්තුතියි...

      Delete
  6. Lassanai godak oyage vachana gelapima. Eth eka thathparekata geheniyakge es piyavela eyage vatina prathipatthi nethi karana thenatama path karagannawa nam eka eyage wasiyata karana deyak bawa mathaka thiyaganna oni. Oyage blog 1 palavenipaarata balapu yaluwek..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.යාලුවා..ඒත් මට හිතෙනවා මෙහෙම දෙයක්.හැගීම් අපිට කතා කරලා එන්නේ නෑ.අනික පිරිමි අය වරද කාන්තා පාර්ශවයට දාන්න කැමතියි...:)

      Delete
    2. Ow eka ettha hegeem ehema enne ne. Hebei hegeem kiyannet thamange theeranayk. Deveni kaaranawa eththa venna puluwn yam durakata math pirimiyek hetiyata. Eth "මට නම් හිත හදා ගන්න පුළුවන් ඔයාට පුළුවන්ද කියලයි මට බය"

      Delete
  7. මාරේ අයියගේ ලිපියෙනුයි පාර හොයා ගත්තේ...
    අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අකීකරු....:)

      Delete
    2. Touching & nicely written.. keep it up !!

      Delete
    3. Thank you very much Anuranga

      Delete
  8. Happy to say that now you can read the same story in Boondi http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2723

    ReplyDelete