මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, July 15, 2012

රමණයට වඩා සුමිහිරිව....

එන්න අපි ඇවිදින්න යමු මල් අතර
ග්‍රෙගරි වැව තවම නිල්පාටට...
බෝට්ටු පදින්නට
දෙකකුල් වේදනා දෙන බව
සුරතල්ව පැමිණිලි කරන්නට....

අතැගිලි අතර...
ඇතැගිලි සුරතල් කරන්නට...
එන්න අපි මල් අතර ඇවිද යමු...

රමණයට වඩා සුමිහිරිව
ජීවිතය විදගනිමු...

10 comments:

  1. "රමණයට වඩා සුමිහිරිව
    ජීවිතය විදගනිමු..."
    මමනම් හිතන්නේ නැහැ ?

    ReplyDelete
    Replies
    1. රමණයට වඩා ප්‍රේමයේ සොදුරු බව සුමිහිරියි...

      Delete
  2. ඔයා නුවර එළියේද සහෝදරී??

    ReplyDelete
    Replies
    1. නෑ මම දකුණු පලාතේ.මාතර..ඒත් මම නුවර එලියේ තියෙන සුන්දරත්වයට කැමතියි.:)

      Delete
  3. ප්‍රේමයනම් රාගයෙන් තොර සද එලිය සෙ සුරම්යයි....
    පරිශුධයි.. අචින්ත්යයි..
    ඔබෙ නිසදසත් මෙ අරුත දෙනව , මට හිතෙන විදියට
    ප්‍රේමයෙ සුන්දරත්වයට වෙන වචන නැහැ..
    මන් ඔහොම මලිනිගෙ ගියෙන් ප්‍රෙමය දකිනකොට හුගක් අය එකග වෙන්නෙ නැ,ඒ ප්‍රේමය නෙවෙ කිවා, එත් අදටත් මා දුටු,සෙවු, විදිනා ප්‍රේමය ඒයයි.ප්‍රෙමයේ හැබැ සුවරුපය ඔබ කිවා වගෙමයි..
    එය විදි ප්‍රමනය අද කාලෙ නම් සුරතල් කරන ඇගිලි ගනනටත් අඩු ඇති..
    සන්තොසයි, මෙ සමාජයේ ඔහොම හිතන මට මුන ගැහුනු දෙවැන්නා ඔබ විම ගැන..
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. රාගයෙන් නොකිලිටි ප්‍රේමයක්මත් නෙමෙයි .ඒත් රාගයට වඩා පිවිතුරු ආලය ගැබ්වූ ප්‍රේමයක්...:)

      Delete
  4. ඔබත් එක්ක මං 100% ක් එකඟයි සහෝදරී...!
    මමත් රමණයෙන් ඔබ්බට ගිය අතිශය සුන්දර ආදරයක් හිස් මුදුනින් පිලිගන්න චරිතයක්. මගෙ මතය තමයි... "අනුරාගය කාමයට වඩා වෙනස්..." ය කියන මතය.

    අනුරාගය හරිම මිහිරියි. ඒත් කාමය? ප්‍රචන්ඩයි... රෞද්‍රයි... ගොරෝසුයි...

    තමන් පණ තරම් ආදරේ කරන පෙම්වතා හෝ පෙම්වතිය එක්ක අතින් අල්ලාගෙන මාවතක් දිගේ, එහෙම නැත්නම් පන්සලක බෝ මළුවේ ඇවිදින එක තරම් රෙස්ට් හවුස් එකකට ගිහින් ගන්න හුදු ලිංගික සතුට පිරිසුදු නෑ.. ප්‍රීතිදායක නෑ...

    අද කාලේ ආදරය කියන බැඳී හරිම වල්මත් බැඳීමක් බවට පත්වෙලා.

    ඇත්තටම ගොඩාක් දුකයි සහෝදරී...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රේමයේ කතා කල යුතු කොටස තියෙන්නේ ආදරයේයි....ඔබටත් ස්තුති..

      Delete
  5. "රමණයට වඩා සුමිහිරිව
    ජීවිතය විඳගනිමු..."
    හරිම අගෙයි. කාලෙකින් දැක්ක ලස්සනම කියමනක්.
    දසුනි,
    රමණය සුමිහිරිව විඳින්නත්
    ප්‍රේමයේ සොඳුරු බව ඕ‍නෙමයි.

    ReplyDelete
  6. සිරාම කතාවක්! හම්!

    "රමණයට වඩා සුමිහිරිව
    ජීවිතය විඳගනිමු..."

    ඒක තමයි වැදගත්ම කොටස!!

    ReplyDelete