මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, July 19, 2012

කාක්කා...

පියාඹන් යන කාක්කෙක්
වසුරු පිඩක් ලූ හිස මතට
උඩ බලා
'තමුසෙට පිස්සු දැයි'ඇසුවෙමිය...

ඌ සිනාසී මා වෙතට
'මිනිස්සුත් අමුතුම සත්තු'යයි කීවේ..

අන්ද මන්දව
තවත් ඌ දෙස බලා උන්නෙමි....

 

'ලගදි දවසක
මෙවැනිම උදේ වරුවක,
කූඩුව හදන්නට බෝ දුරක් රැගෙන ආ
කරදාසි කොලයක්
හොටයෙන් ගිලිහුණිය....

මග යමින් සිටි
මනුසත් හිසක් මතට වැටුනේ...
හිස සෙමෙන් අතගා
කොල කැබැලිත්ත අතට ගෙන
'වාසනාවන් කාක්කෝ'යයි කීවේ...'

මම තවම උඩ බලන්
කාක් කතාව අසමින්ය...



"එය අමුතු කොලයකි
රුපියල් දහස යයි ලියා තිබුනේ...

නුඹත් මා පසසාවි යයි සිතා
වසුරු පිඩ නුඹ හිස මතට ලූයෙමි."

 

කියා කී කාක්කා
මටත් ගස්සා
කළු අත්තටු සලා
පියෑඹූයේ ....


10 comments:

  1. කපුටු කාක් කාක් කාක් :)

    ReplyDelete
    Replies
    1. ගොරක දේන් දේන් දේන්....

      Delete
  2. හි හි හී.. මරු!

    ReplyDelete
    Replies
    1. ඔන්න හිරූ මිනිස්සු...:P

      Delete
  3. කොහෙද ඔය කාක්කාඉන්නේ. ?

    ReplyDelete
    Replies
    1. අපෝ හරියටම තැන කියන්න බෑ...එයා මට දාහෙ කොල ගෙනත් දෙන්නම් කියලා පස්සේ රහසින් කියුවා.:)

      Delete
  4. නියම කතාවක්....හි හ් හි....මට මත වෙනව තවමත් මීට අවුරුදු 15 කට පෙර පාසල් අතිතය. කාක්කො නම් මට පෙන්න බැහැ, නුගේගොඩදි..ඊයැක්කා...ඊයා....(ඔයගොල්ලොන්ට හිතාගන්න පුලුවන්නෙ මට වුන දෙ) ඊට පස්සේ එ කාක්කා පවු (කාක්කාට වුන දෙත් හිතා ගන්න පුලුවන්නේ) ... හි ....හි හ්

    ReplyDelete
  5. හික්. මරු කාක්කෙක්. අර නිකන් තම්බි මාත්තියාගේ කථාව වගේ තමා... :D

    ReplyDelete