මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 17, 2012

ඔබට නොදැනී.....

මට සුවද විලවුන් බෝතලයක්ව
ඔය අත්බෑගයේ ඉන්නට ඕනෑය....
කදුලු පිසදාලන
ටිෂූ කැබලිති වලට
සුවද එක්කරන්නට ඕනෑය.....

මට සුලන් රැල්ලක්ව හමා යන්නට
දහඩිය බින්දු අයිති කරගන්න ඕනෑය.....
වෙරලෙහි පෙම්වතා සමග දිව යන කල්හි
අකීරරු රැල්ලක්ව රැලිසාය පිස යන්න ඕනෑය...

 

ක්ලබ් සෑන්විච් එකක් වී
කුසගින්න නිවන්නට ඕනෑය.
සුරතල් ටෙඩිබෙයෙකු වී
තුරුල්ව නිදන්නට ඕනෑය....

කෙටියෙන්ම,
ඔබට නොදැනී
ඔබට පෙම් කරන්නට ඕනෑය......

20 comments:

  1. සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග
    නිසල කරන් මම ඉන්නම් සැම දින..?
    -නිලූ-

    ReplyDelete
  2. නොදැන්නෙන්න පෙම් කිරීම නම් හොඳයි ඒත් ???

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපලයක් නැහැ කියන්නද හදන්නේ. එහෙම නෑ ඔය හැගීම පුද්ගයට අනුව වෙනස් වෙනවා.

      Delete
  3. ඒකපාර්ශවීය ආදරයෙත් මාර ආතල් එකක් තමා තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත....ඒක සමහර වෙලාවට ද්විපාර්ශවීය ප්‍රේමයකට වඩා ලස්සනයි...

      Delete
  4. මට හිතෙන්නේ අහිංසක ප්‍රාර්තනාවක් කියලා. මට මතක් උනා මගේ පාසැල් වියේ ප්‍රේමය. වීතරාගී අපූරු හැගීමක් උනා ඒක මට විතරක්. අනේ මම මෝඩයා... මතක් වෙන හැම වෙලේම ටොක්කක් ඇන ගන්නවා මම මටම දැන්. ජය...!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කවුරුත් මෝඩයි තමයි...

      Delete
  5. ඊයා. . . . . කැතයි කියන්නේ කැතම කැතයි. ඔයා කවි ලියන්න ඉගෙනගත්තේ කම්මල් බාස් කෙනෙක්ගෙන්ද?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ තනියමම තමයි ඉගන ගත්තේ...කොහොම උනත් තැන්කූ වෙරිමච්...

      Delete
  6. Mage nopennena adare ..
    Penena durakata ennepa...
    Dutu namuth mage adare...
    Dutuwa bawa agawanu epa... Mmmmm

    ReplyDelete
  7. විලවුන් ඉවර වුනත්
    අත් බෑගයේ ඉඩ නැතිවුනත්
    හිස් බොතලේ වත්
    කණ්නාඩි මේසෙ මත විසිනොකර තියේ නම්...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා හරිම කලාතුරකින්...:)

      Delete
  8. ඒක පාර්ශවීය ප්‍රේමය සිත් රිදීම් අඩුයි, විනාශය අවමයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව...

      Delete