මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 24, 2012

නැබ නොපෙන්වා චීත්තෙ ඇදි කිසාගෝතමී...

කිසා ගෝතමිය දුටුවෙමි
නැබ නොපෙන්වා චීත්තෙ ඇදි
කිසාගෝතමී...

ගම වටේම හිටිය ගම්මු
හිනස්සලා දීගෙක ගිය කිසාගෝතමී....


දීගෙක ගෙනියන්න ආපු
කුමාරයට ඔච්චම් කර
වැඩට හිටිය මිනිහ එක්ක
දීග ගියපු ගෝතමී ඇය...

 

කිතුලෙ ගියපු මනුස්සයා
පය ලිස්සල බිම වැටුනා...
නොමල මිනිහ මල විලසා
ඇද මත්තෙහි වැද ඉන්නා...

 

දරු හිස් කුස් පුරවන්නට
බත්වේලක් සරි කරනට
තේ වත්තේ වැඩට ගියපු
කිසා ගෝතමී...

 

කටේ කිරිසුවද නොසිදුනු
දූරු දෙන්නා
මව් එනතක් තනිවූ කල
ගමේ හිටිය සබාපතිගෙ
අඹු කමටම සරි වුනෝය...

 

දුක කියන්ට
බුදු හාමුදුරුවො දකින්ට
පෝය දාට පන්සල් ගිය කිසා ගෝතමී...

 

වදනක්වත් නොදොඩන්නේ
සාන්ත මුදු බැල්මෙන්
තමන් දෙසම නෙත් ලන්නේ...
අමාමෑණි බුදු පියාණ
ඇයිදැයි ඔබ
වදනක්වත් නොදොඩන්නේ?

 

වත්තෙ මහත්තයා
කරුණාවයි ගෝතමියට
නෝනා හාමු නැති දවසක
ගෙට කතා කලා...


සල්ලි කාසි උතුරන්නට
ගෝතමියට හිමිවී ඇත
හිතේ ශාන්තියයි නැත්තෙ
හිතේ සොවිනි පසු තැවෙන්නෙ.....

 

සදාචාරෙ විකිණුනාට
නැතිවම බැරි කාසි වලට...
සoස්කෘතිය තාමත් ඇති.........

 

කිසා ගෝතමිය දුටුවෙමි
නැබ නොපෙන්වා චීත්තෙ ඇදි
කිසාගෝතමී...

10 comments:

  1. සෑහෙන අර්ථවත් කවි පෙළක් ...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.පද පේලි නම් හරියටම ගැලපුනේ නැද්ද මන්ද...

    ReplyDelete
  3. කාලින සිතුවිල්ලක්
    අපේ කාලයේ කිසා ගොතමිලා, පටාචරාවො...
    බුදුන්ට නැහුනත් ඇයි දෙවියන්ට නොපෙනෙන්නෙ..?
    එ ප්‍රශ්නෙ හැමදාමත් මම මගෙන් අහනවා..
    -නිලූ-

    ReplyDelete
  4. ඔවැනි කිසාගෝතමියන් නම් කොතෙක් ඇද්ද ලංකාවේ? පද ගැලපුමත් හොදයි කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.:)

      Delete
  5. හදිසියේ ලියපු එකක්ද දසුනි?
    මැද පේළි ටිකක් අවුල් වගේ..ඔයා අදහස් කරපු එක මට හරියටම තේරුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. හදිසියේ ලියපු දෙයක් තමයි රූ...මේකෙන් අදහස් කලේ සමාජයේ ජීවත් වෙන චරිත මුදල් ලබා ගැනීම සදහා වැරදි වැඩ කලත් ඔවුන් තුල සදාචාරය සුරැකිලා තියෙනවා කියන්න...ඒ වගේම කිසාගෝතමියක් වෙන්න දරුවන් සැමියා මිය යා යුතුම නැතැයි කියන්න.ඔවුන් ජීවත්ව සිටිද්දීත් කාන්තාවන් අසරණ වෙන්න පුලුවන් බව කියන්න...

      Delete
    2. ම්..ඔයා කියන එකේ ලොකු අර්ථයක් තියනවා දසුනි..
      ගොඩක් ස්තුතියි පැහැදිලි කලාට..

      හදිසියේ ලියන්න එපා දසුනි..ඔයාට ලස්සනට ලියන්න පුළුවන්නේ..

      Delete