මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, July 26, 2012

නෑයෝ

 

 

 නෑයෝ කියන්නේ හරි පුදුම ඈයෝය.මිනිස්සු නෑයෝ ලබා ගැනීමට ප්‍රිය කරති.සමහරවුන්ට නෑයෝ බොහොමයක් ඇති අතර සමහර අයට ඇත්තේ ටිකකි.නෑයෝ බොහොමයක් සිටීම හයියක් වුවද කරදරයක් වන අවස්ථාද නැත්තේ නොවේ.


නෑ කම් විවිධය. උපතින් ලැබෙන නෑ කම් අප විසින් වෙනස් කල නොහැකි නෑ කම්ය. අම්මා හෝ තාත්තා අපට උවමනා වුවද වෙනස් කල නොහැක.පුන්චි අම්මා වෙනස් කල නොහැකි අතර පුන්චි අම්මාගේ තේරීමේ හැකියාව නොහැකියාව මත බාප්පා වෙන්ස්විය හැකිය.


අපිට උපතින්ම ලැබෙන නෑයෝ අප විසින් පිලිගත යුතුය.පිලිගැනීමට අකමැති නම් හදිසියේ තරහ වුවහොත්  මිතුරුකම් අත ඇරිය හැකිය.නමුත් නෑකම් වෙනස් නොවේ.මට නෑයෝ ඉන්නේ හරිම ස්වල්පයකි.පවුලේ තනි ළමයා වූ මට සහෝදර සහෝදරියෝ නැත.ඉතින් ඉදිරිකාලයේදී ලැබෙන්නට නියමිත මස්සිනාලාද නැත.නෑනලාද නැත.පුන්චි අම්මෙක්,ලොකු අම්මෙක් වෙන්නටද බැරිය.

 

නමුත් ඉන්නා නෑයෝද සමහරු තරහය.තරහ ඇති වූවාට කලින් කියුවා වාගේම නෑකම් නැතිවෙන්නේ නැත.

 

නෑයන් තරහ වන්නේද හරි පුදුම හේතු වලටය.එක්කුස උපන් සහෝදර සහෝදරියෝ ගහමරා ගන්නේ සමහර විටක මහගෙදර ඉඩම බෙදාගන්නට බැරුවය.සල්ලි වලටය.තවත් සමහර විටක දෙමව්පියන් වයසට ගියපසුව උපස්ථාන කරන්නේ කවුදැයි සිතාගන්නට බැරුවය.සහෝදර සහෝදරියන් තරහ වූ පසුව උන්ගේ දරුවන්ද එකිනෙකා දිහා නොබලන තරමට නොහොද නෝක්කාඩු වෙති.එසේ වන්නේ හේතුවක් නැතුවය.

 

කරුණු කාරනා මෙසේ සිද්ධ වුවද සමහර පවුල් වල එක බඩවැල කඩාගෙන ආවුන් මන්නෙකින් කපලාවත් වෙන් කරන්නට බැරිය.ඒ ලේ බැදීම යයි කියති.වෙන්නටත් පුලුවන.නැතිනම් කුඩා කල සිටම එක බත්පත හතරට පහට බෙදාගෙන කෑමේ පුරුද්ද හරහා රැස්වුන ලබැදියාවක් වන්නට පුලුවන.


මෙච්චර අටුවා ටීකා කීවේ තමන්ට ඇති කරගත හැකි අලුත්ම ආකාරයක් නෑකම් ගැන කියන්නටය.එක්කුස උපන් සහෝදර සහෝදරියෝ නැතද මටද සහෝදරියෙක් සහ සහෝදරයෙක් සිටිති.ඔවුහු එක බඩවැල කඩාගෙන පැමිණ නැත.නමුත් සමහර වෙලාවල හිතෙන්නේ ලගම නෑදෑකම් ඇති වුනට වඩා මේ අය හිතවත් බවය.මේ දෙදෙනාම මුලින් මගේ මිතුරන්ය.පසුව සහෝදර බැම්මක් තරමටම බැදියාවක් ඇතිවින.

 

සමහර විටක මේ  බැදීම එක් කුස ඉපදීමෙන් ඇති වන බැදීමට වැඩියයි සිතේ.අනේ මන්දාය.ඒ මට හිතෙන හැටියය.වරදින්නටත් පුලුවන.ඒ මට එක් කුස උපන් වුන් නැති බැවින.


තමන්ටම කියා අය නැත්නම් එහෙම වුන් ඇතිකරගත හැකිය.ජීවිතය තියෙන්නේ ඔහේ ගලායන්නට දෙන්නට නොවේ.නැතිවන දෑ ලබා ගන්නටය.ලේ නෑයන් තුලින් නොලැබුනු සමහරක් දේ මගේ මවිසින් හරිහම්බ කරගත් අලුත් නෑයින් ගෙන් ලැබේ.

ඇත්තටම සතුටට කරුණකිය.

මොනවා කීවත් නෑයෝ කියන්නේ හරි පුදුම ඈයෝය...

8 comments:

  1. නෑයෝ, වේයෝ, මීයෝ කියන තුන් ජාතියම එකයිලුනේ. කනකම් තේරෙන්නේ නැහැලු :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව...හැබැයි කෑවම තුවාල හොද වුනත් වේදනාව අමතක වෙන්නෙත් නෑලු.

      Delete
  2. ලස්සනයි..ඇත්තයි..!!! :)

    ReplyDelete
  3. හ්ම්ම්..ඇත්ත අක්කෝ..:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ස්තුතියි නoගෝ.

      Delete
  4. මම ඉපදි හැදී වඩුනෙ මවු පස නැයින් සමගය. ඔවුන් සැබෑ කලණ මිතුරන් බදුය.එවන් නැ මයිලන් ලැබිමට මා පින් කර ඇත.තවද ඔවුන් අපට අශිර්වාදයක් බදුයි, ඉගනිමට,සැපට දුකට සිටි.මෙ අතර ඉහත වර්ගයෙ ඉරිසියව පිරුනු නැයින්ද ඇත, ඔව්න් ගැන වද වි පලක් නැත.අනික් අතට අප ඔවුන් මෙන් කුහකයන් නොවිම ගැන හදවතින්ම අප සතුටු වෙමු..
    අපේ අප්ප්ච්චිට ඔහුගේ සහොදරයින් එපාවි ඇත.සමහරු අශ්‍රරය කරන්නෙ වාසියට හො ස්මාජයට ලොකු කම් කිමටයි, එයින් ඔවුන්ට ලැබෙන දෙකුත් නැත.සමහර නැයෝ තරහ වන්නෙ දරුවන් ඉගන ගන්නවටයි.. ඒ අත්දැකිම් මන් හොදින් විද ඇත්තෙමි.. ඉරිසියා කිරිමට කාලය මිඩන්ගු කරනවට වඩා කිරිමට බොහො වැඩ ඇති බව ඔවුන් තාමත් දන්නෙ නැත.
    මගේ මා පියන්ද හරි හම්බ කලෙ යහපත් මිනිස්සුයි, ඔවුන් විටක නැයන්ට වඩා අපිට සමිපයි.. ඔවුන්ගෙ බොරු ලොකුකම් නැත, ඉරිසියවන් නැත.දුක සැප බෙදාගනි.නමට පමනක් සිටින සමහර නැයන්ට වඩා ඔවුන්ගෙ හිතවත්කම වටි.මේ සියල්ලම මම්ත් හොදින් විද අත්තෙමි.
    අපට ඇති කාලෙ සිටිනා නැයින්ට වඩා නැතිකාලෙ සිටිනා නැයින්,නොනැයින් වටි. සැපෙදි සිටින නැයන්ට නොනැයන්ට වඩ දුකෙදි සිටිනා නැයා නොනැයා වටි.මනුස්සයෙක් හැමදම එක තැන රැදෙන්නෙ නැත. එනිසාම අප පහත්යැයි සලකා ඒ කාලේ ක්‍රියා කල සමහර නැයින් සමගින් අපේ ගනු දෙනු නැත. එ පිලිබද අපේ හිත්වල වෙදනවක් නැත. එ ඔවුන් අදටත් එක ලෙයින් උපන් නැයන් සෙ ක්‍රියා නොකරන හෙයින්.මිනිස්සුන්ට කටුස්සන්සෙ වෙනස් විමට පුලුවන් බව මා ඔවුන්ගෙන් හොදින් තෙරුම් ගත්තෙමි.
    සැබැවින්ම මේ වර්ග දෙකෙම නැදැයින්ද, හිත හොද නොනැයින්ද මට මේ ලොව මිනිසුන් තෙරුම් ගැනිමටට කුඩා කලේදිම උපකාරි විය..
    -නිලූ-

    ReplyDelete
  5. උඩම හසිතගේ කතාව තමා මටත් කියන්න තියෙන්නෙ.

    ReplyDelete