මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 31, 2012

අවාරේ ආ කොහෝ...

හැoගිලා කවි කියන
කොහෝ නුඹ උස අත්තක
මට නොතේරෙන විදිහට
මට ආදරෙයි කියන...

 

මම ලියන කවි කියවන
කවි කියන්නට නොදත්
කුරුලු තෙම
කවි නොවන කවි පබදිත.....

 

කොහා බක්මහට වටනේ
බක්මහ ගතව බෝකල්ය
ආයෙ මේ උයනට
බක්මහ වඩින්නේ නැත....

 

පියාඹා යන්නටැයි පවසන්න
හිත් නොදේ
ඉතින්
අපි ඉදිමු...

නුඹ හැන්ගිලා කවි කියන
මම නුඹට නොපෙනෙන්න හිදගෙන...


සිහි ගන්න
ආයෙමත් බක්මහ
නො එලඹෙත...

4 comments:

  1. මාතෘකාව එක පාරටම දැක්කේ හින්දි සිංදුවක් වගේ.. හික්.. බලන්කොට මේ කොහා නේ. අපේ ඔපිස් එක ගාවත් පොඩ්ඩක් කචල් ගිය කොහෙක් කෑ ගහනව ඇහෙනව හිටපු ගමන්.. හිහ් හිහ්

    ReplyDelete
    Replies
    1. ඇත්තමයිනෙ...මටත් දැනුයි තේරුනේ...හින්දි සින්දුවක් වගේමයි...අපේ ගෙදර ලග ඉන්න කොහාගෙත් කැලැන්ඩර් එක නැති වෙලා.:P

      Delete
  2. බක්මහ නොවුනත්
    බෝගස කෙරවල අත්තක
    පෙම්වතා සමග
    හොටෙන් හොට තවරමින් උන්
    කෙවිලියක් ...
    වැස්සට තුරල්වන තුරු
    බෝගස යට
    උන් මගේ
    එකම සුදු කමිසය මතට
    දමයි වසුරු පිඩක්
    ආදරයේ තරම පෙන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයට උන්හිටි තැන් අමතකව ගිය යාමෙක
      ගස් යට රැක උන්නු
      එක ඔබේ වරදක්ය...;)

      Delete