මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 30, 2012

ඔෂින් ...

සුදු බත් ගුලි දෙකෙන්
දවසක වේල පියවෙන
ජපානේ කදුකරයක
ගෙවිලියක් ලෙස මම
හීනයක සැරිසරන...

හොරාගෙන ගිය ප්‍රේමයක්
විප්ලවේ රතු සාලුවෙන් වැසෙන
ආයෙමත් ප්‍රේමයක් නොලියවෙන
ජීවයක්.....


කොණ්ඩා මෝස්තර ඉගන
අපූරු මෝස්තරකාරියක් වන්නට...
ජපන් කොණ්ඩා මෝස්තර සුරුවම්ය...


සරල කෙල්ලක්ව
කිමෝනාවක් ඇද
ටෝකියෝ නගරයේ
වීදියක දිව යන සිහිනයක...



13 comments:

  1. මාත් මේ දවස්වල ආයේ බලනවා!

    ReplyDelete
  2. මටත් හරි ආසයිලු
    made in Japan වෙන්න..:D

    ReplyDelete
    Replies
    1. අනේ made in Srilanka හොදයි හැබැයි live in japan තමයි වෙන්න ඕනෙ.

      Delete
  3. අපි පොඩිකාලේ බලපු ඔෂීන් ආයිමත් ටීවී එකේ යනවා කියලා දුව කිව්වා...ඒකෙත් හැටි...

    ReplyDelete
    Replies
    1. ඉතින් ආයෙමත් බලන්න හරි ලස්සනයි...:)

      Delete
    2. මම ඉන්නේ දුරු රටක නේ....ගෙදර ගියාම බලනවා....

      Delete
  4. ඔෂින් ඔෂින් ඔෂින්

    ReplyDelete
    Replies
    1. ඔෂින් වොෂින් මැෂින්...;)

      Delete
  5. ඔයා තමයි අපේ office එකේ හිටිය ආඩම්බරකාර කෙල්ල කිසිවෙලාවක මුනේ හිනා පොදක් නෑ. ( ඔයා Blog එකේ පෙන්නන්න්නේ අමුතුම චරිතයක්. මම මේ කතා කරන්නේ ඔයාගේ සබැ චරිතය ගැන) ඔච්චර ආඩම්බර වෙන්න ඔයාගේ ඇති දෙයකුත් නෑ. ඒ උනාට හිටියේ හෙන ලෙවල් එකෙන්. ගොඩක් දෙනෙක් කියුවේ නම දසුනි උනාට කිසිම දසුනක් නෑ කියල. ඔයාගේ හිටිය Team eke අයනි, ප්‍රබා, අසංගී, චතුරිකා, දැක්ක තැන හිනාවෙනවා. මට මතක්වෙනවා Blog එකක ලියල තිබුන එක වදනක් "සමහරුත් හරියට පාන් වගේ මෙලෝ රහකුත් නෑ... ඇති ගුනයකුත් නෑ ...ඒ උනාට ගණන් ...."

    ReplyDelete
    Replies
    1. පලවෙනි දේ,ඔයා හිතුවනේ මම මේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන එකක් නෑ කියලා.ඒත් එහෙම නෑ.ඔන්න මම පබ්ලිෂ් කලා.ඔයා කියන්නෙ Mubarsher එක ගැනනෙ.අයනිල චතුරිකාල මාත් එක්ක වැඩ කලේ එතන.මගේ මූණ බැලුවම හුගක් අය කියනවා මම ආඩම්බරයි කියලා.ඒක යුනිවසිටි එකෙත් මට තිබුන ප්‍රශ්නයක්.ඒත් ඇත්ත චරිතෙ කොයි විදිහද කියලා ඔයා මගේ යාළුවෙක් වුනා නම් දැනගන්න තිබුනා.මගේ මුහුණේ ප්‍රකාශනයන්ට ඉතින් ඇත්තටම මට කරන්න දෙයක් නෑ.

      මූනේ ආඩම්බර බවක් ප්‍රකාශ වීම ගැන මම ඇත්තටම දුක් වෙනවා...

      ඒත් තවදෙයක් පාන් ගෙඩියක් වෙන එක අයිසින් තවරපු කේක් ගෙඩියක් වෙන එකට වඩා හොදයිනෙ. නැද්ද මම අහන්නෙ.:D

      Delete
    2. හයියෝ.. මේ ඔෆිස් එකේ යාලුවා ගැන මට නම් හරි දුකයි.. ලියන කෙනා කොහොම වුනාම අපිට මොකද. ... අපි බලන්නෙ දසුනිව නෙවෙයි. දසුනි ලියන දේවල්..

      ඔය විදියට හිතන්න ගියොත් ඔයාට ෆිල්ම් එකක් එහෙම ජීවිතේට රස විඳින්න වෙන්නෙ නෑ.. ඇයි ඉතින් ඔලුවෙ තියෙන්නෙ නලු නිලියන්ගෙ පුද්ගලික ජීවිතනෙ..

      (අඩු ගානෙ ටී වී එකේ රේඩියෝ එකේ ප්‍රවෘත්තිවත් අහන්න බැරුව ඇති ... පව් ):D

      Delete
  6. ඔෂීන්..... සසුරන් මම ආසම ලස්සන කතා දෙකක්..... දිරිය දියනියන් දෙදෙනකුගෙ කතා දෙකක්...

    ReplyDelete