පත්තරකාරයාගේ කවි පිටුව...
ඉස්සර
ලොකු ලොකු කවි වලින්
කැබැලති එකතු කර
ලීව පොඩි කවි...
අනුන්ගේ වතුවලින්
හොරෙන් නෙළු ඵලවැලෙන්
නිර්මිත සලාදය
බොහෝ රසවිය...
පසු කලෙක,
මගෙම කවි ලීමි
නේක පලතුරු
මගේ සීමාව තුල
අස්වදිනු
සියැසින් දුටිමි...
දැන්
ලීව කවි
සේම
නොලී කවි
විකුණමි....
සිතින් වස විස ඉස
ඵලදාව වැඩිකොට
නියමිත දිනට
කවි පලකරමි...
දැන්
ජීවිතය
නීරසය...
අපුරුවට ලියලා..
ReplyDeleteතුති...තුති...තුති....:)
Deleteමේ කවියෙ හැංගිච්ච තේරුම මොකක්ද ?
ReplyDeleteපුන්චි කාලෙ මම නම් කවි වලින් කෑලි කෑලි එකතු කරලා මගේ කවි ලියනවා.පස්සෙ මට මගෙම කවි ලියන්න පුලුවන් උනා.මේ තියෙන්නෙ කවි පිටුවක් ලියන කෙනෙක් ගැන.එයාට එන කවි යි එයා ලියන කවියි ඔක්කොම සල්ලි වලට විකුණනවා.නීර්මාණයකට සල්ලි ගාවගත්තම නිර්මාණයේ තියෙන වටිනකම නැති වෙනවා...:)
Deleteඔව්මයි... අවසානයේදී වස විස ඉහල වැඩිකරගත්ත පලදාවේ කිසිම වටිනාකමක් ඉතුරු වෙන්නේ නෑ...
ReplyDeleteඔව් ඒවා බොරු වැඩ....විකුණන්න විතරක්ම නම් හොදයි...:)
Delete